LNN SPY

CIA පැහැර ගැනීම් වලට ලංකාවේ සහය…රුසියානු ජාතික හැකරුවා පැහැර ගැනිමේ මෙහෙයුම

ඊට පස්සේ තවත් සිදු වීමක් වුණා. මනෝකින් රවුෆොවිච් නමැති රුසියානු ජාතික හැකරුවෙක් නැතිනම් පරිගණක වලට රහසේ ඇතුළු වන්නෙකු ඇමෙරිකානු රහස් දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට අවශ්‍ය වී තිබුණා. මොහු සිය බිරිද සහ දියණිය සමග ලංකාවේ සංචාරයක යෙදී සිටිය දී අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළා. ඇප පිට ඔහු නිදහස් උනා. ඉන් පසු මේ පුද්ගලයා අතුරුදහන් වුණා. ලංකාවෙන් ගිය බවට ආගමන විගමන වාර්තා නෑ. මේ පුද්ගලයාව ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ලංකා ආණ්ඩුවේ උදව් ඇතිව රහසිගතව ඇමෙරිකාවට ගෙන ගිය බවට සැක පහළ කරනවා. ඇමෙරිකාව මෙසේ පැහැර ගෙන යෑමටත් ලංකාව ඒවාට උදව් කිරීමටත් දක්ෂ බව අතීත වාර්තා පෙන්නුම් කරනවා.

හිටපු ඉන්දියානු අගමැති මන්මෝහන් සිංගේ දියණිය නීතිඥ අම්රිත් සිං අපූරු පොතක් ලිව්වා. ඒ පොතේ නම Globalizing Torture : CIA Secret Detention and Extraordinary Rendition. මේ පොතේ කියන විධියට CIA සංවිධානය තමන්ට ඕනෑ කරන පුද්ගලයින් පිටරටක සංචාරයක යෙදෙන විට පැහැර ගන්නවා. ඊට පස්සේ පෞද්ගලික ගුවන් යානයක් හමුදා කඳවුරක ගොඩ බස්සලා මේ පුද්ගලයාව ගෙන යනවා. එවිට මේ පුද්ගලයා රටින් ගිය බවට කිසිම ආගමන විගමන වාර්තාවක් නෑ. මේ පුද්ගලයාව ගෙනි යන්නේ ඇමෙරිකාවට නොවේ. වද හිංසා පිළිබඳ නීති ලිහිල්ව තිබෙන රටක තිබෙන තමන්ගේ වධකාගාරයකට. ඇමෙරිකාවේ මෙවැනි ක්‍රියා වලට සහය දක්වන රටවල ලැයිස්තුවක් මේ පොතේ තිබෙනවා. ලංකාවත් ඊට අයත්.

CIA සංවිධානයේ මේ නීති විරෝධි පැහැර ගැනීම් වලට ලංකාණ්ඩුව සහය දුන් බවට මේ පොතේ 109 පිටුවේ සඳහන් වෙනවා. 2003 අගෝස්තු මාසයේ දී රිදුවාන් ඉසමුදීන් නමැති පුද්ගලයාව පැහැර ගෙන රහසේ ගෙන යෑමට ලංකාවත් සී අයි ඒ සංවිධානයට සහය වී තිබෙන බවයි මේ පොතේ සඳහන් වෙන්නේ. ඒ දිනවල ලංකාවේ අගමැති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අදත් මේ රටේ අගමැති කියන එක අමතක කරන්න එපා. ඇමරිකාවට බැදුනු ප්‍රේමයකින් එතුමන් කටයුතු කරන බව මුළු ලෝකයටම රහසක් නෙමේ.

ඒ නිසා යුධ සමයේ ශ්‍රී ලංකාව අමාරුවේ වැටුනු සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි එමෙන්ම ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනයට දැවැන්ත දායකත්වයක් ලබාදුන් අපේ ඓතිහිසික මිතුරු රුසියාවේ පුරවැසියාට ශ්‍රී ලංකාව තුල කුමක් සිදුවුනිදැයි උත්තර බැදීමේ වගකීම මේ ආණ්ඩුවට තිබෙනවා. රිදුවාන් ඉසමුදීන්ට අත්වු ඉරනම මේ රුසියානු හැකරුවාටත් අත්වුනාද කියන එක ලෝකයට හෙළි කිරීමේ වගකීම ඇත්තේ මේ රජයටයි.

2017. 12 .27 දින පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

http://198.211.112.164/archives/16946

Top