මාලිමා ආණ්ඩුවේ දූෂණ විරෝධි නාඩගමේ හොරනෑකරු ලෙස කැපී පෙනීමට මේ දිනවල තැන තැන අල්ලස්, දූෂණ ගැන දේශණ දෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායකගේ අමුතුම ජාතියේ හපන්කමක් ගැන කොමිෂමේ සමාජිකයන් අතර මේ දිනවල කතාබහට ලක්ව තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.
ඒ වියානා හි පැවැත්වෙන UNCAC (දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය) දූෂණ වැළැක්වීම පිළිබඳ විවෘත-අන්තර් රාජ්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ දහසයවන සැසිවාරය සදහා සහභාගි විමට කොමිසමේ නොවන කාන්තාවක රැගෙන යාම සම්බන්ධයෙනි. දූෂණ වැළැක්වීම පිළිබඳ විවෘත-අන්තර් රාජ්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ දහසයවන සැසිවාරය 2025 ජුනි 17 (පස්වරුව) සිට ජුනි 20 දක්වා පැවැත්වුනා.
අදාළ සැසිය සදහා අධ්‍යක්ෂ ජනරාල්වරයා රැගෙන ගොස් ඇත්තේ චතුනි ජයකොඩි නැමැත්තියක වන අතර ඇය රැගෙන ගොස් ඇත්තේ CIABOC හෙවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස දක්වමින් බවයි. කෙසේවෙතත් ඇය නීතිපති දෙපාර්තමේන්තුවට අනුබද්ධව ආගමන ඒකකයට අනුයුක්තව සේවය කළ AAL කෙනෙක් පමණක් බව අනාවරණය වි තිබේ. ඒ අනුව අධ්‍යක්ෂවරයා විසින් ඇය රැගෙන ගොස් ඇත්තේ සිය කැමැත්ත මත බවත් ඒ සදහා නොවැරදි නොවන තොරතුරු සපයා ඇති බවටත් ඒ නිසාම ජාත්‍යන්තර සමුලුවකට සහභාගි විමට කොමිසමේ සේවය කරන ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකුට අවස්ථාව අහිමි වි ඇති බවටත් කොමිෂමේ සමාජිකයන් අතර කතාබහට ලක්වන බවයි වාර්තා වන්නේ.
කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බවත් ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියනවා.. රංග දිසානායක
“මනුතාපයේ” වැල්ජෝන් පාන් ගෙඩියක් සොරකම් කළත් මේ යුගයේ “මිග්” යානාවලින් සොරකම් කළත් සොරකම සොරකමමයි… යනුවෙන් මාධ්‍ය ඉදිරියේ දූෂණට එරෙහි පියා ලෙස රඟන රංග දිසානායක මේ අනාවරණය සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්න අප බලාසිටිමු. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරන ලද මහාධිකරණ විනිසුරු රංග දිසානායකගේ පත්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳවද පසුගිය කාලයේ නීති ක්ෂේත්‍රය තුළ සාකච්ඡාවට භාජනය වු කරුණක් බව නොරහසකි.