Featured

CID රහස්‌ වාර්තා ජිනීවා කවුන්සිලයට ගිහින්

රහස්‌ පොලිසිය සතු අතිශයින් රහසිගත වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ලැබීමේ සිද්ධියක්‌ හෙළිවී ඇත.

මේ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයද සනාථ කරමින් එකී රහස්‌ වාර්තා තමන් දුටු බව සඳහන් කර තිබේ. ද්‍රවිඩ දේශපාලනඥයකු ඝාතනයට අදාළ රහස්‌ වාර්තා මෙලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇත.

මෙලෙස අතිශයින් රහසිගත වාර්තා විදේශ ආයතනයකට ලැබීම සම්බන්ධයෙන් මෙතෙක්‌ විමර්ශනයක්‌ ආරම්භ වී නැත.

රහස්‌ පොලිස්‌ වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති බවට හෙළි වූයේ මුල්වරටයි.

කීර්ති වර්ණකුලසූරිය

Top