වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න සම්බන්ධයෙන් පැන නැගි ඇති මතබේදාත්මක තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා මෙන්ම මාලිමාවේ ප්‍රධාන පාර්ශවය වන ජනතා විමුක්ති පෙරමුණ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරිම සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ඉවත් කිරිමට ගත් වැරදි පුර්වාදර්ශය සම්බන්ධයෙන් මාලිමාවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ ක්‍රියාකාරින් කිහිප දෙනෙකු කොළඹ ව්‍යාපාරිකයෙකු නිවසේ හමුවි සාකච්ඡාවක් පවත්වා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
නිදහස් දින සැමරුම සදහා කොළඹට පැමිණ සිටි අදාල මන්ත්‍රීවරුන් පසුගිය මැතිවරණ දෙකෙහිදම මාලිමාවට පක්ෂ කටයුතු කල සමාජ ක්‍රියාකාරින් සමග හමුවක් කොළඹ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක පවත්වා ඇති අතර ඒහි ප්‍රධාන අරමුණ වි ඇත්තේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් පක්ෂයේ විනය ක්‍රියාත්මක විම පිළිබඳව සාකච්ඡා කිරිම බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. විනය ක්‍රියාත්මක විම ප්‍රශ්ණ සහගත බවත් යම්,යම් අවස්ථාවලදි පක්ෂයේ විනය ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාට හෝ JVP ප්‍රධාන ලේකම්වරයාට අවශ්‍ය වන අකාරයට පමණක් බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.
වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා සහ ඔහුගේ රියදුරු අතර ඇති ලිංගික ගණුදෙනු සහ විවිධ විෂමචාර අනාවරණය විමත් එය අනාවරණය කලේ යැයි ද්වේෂයෙන් නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ඉවත් කිරිමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මාලිමාවේ පසුපෙල මන්ත්‍රීවරුන් කනස්සල්ලට පත්ව සිටින බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහල පෙලේ කණ්ඩායම් වලින් කල විමසිම් වලදි පිළිතුරු නොදි පැන් යැමේ තත්ත්වයක් දකින්නට ඇති බවද ඔහුන් එහිදි සාකච්ඡා කර තිබේ. හිටපු කතානායක අශෝක රංවල සම්බන්ධයෙන් ප්‍රශ්ණ සහගත තත්ත්වයක් පැන නැගි අවස්ථාවේදි ඔහු සතුව ආචාර්‍ය උපාධියක් ඇති බවත් එය සහතික කර ලබාගැනිම සදහා කාලයක් ගතවන වත් පවසමින් ප්‍රශ්ණයෙන් මගහැර ගිය බවද එහිදි මතක් කර ඇති අතර අවසානයේ වසරකට පමණ පසුව ඔහු ආචාර්‍යවරයෙකු නොවන බවත් මුලික උපාධිය පවා ලබාගෙන නොමැති බවට අනාවරණය වුවත් පක්ෂ කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙනම කල මැරු බවටද එහිදි චෝදනා කර තිබේ.
දිගින් දිගටම මේ කාරණා මතුකරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂය තුලද ද්වේශය ඇතිවන අකාරයෙන් විවිධ කණ්ඩායම් කටයුතු කරන බවත් ඒ හෙතුවෙන් මාලිමාවේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන නිහාල් අබේසිංහ හමුවි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටද මෙම කණ්ඩායම මෙහිදි එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.
