Breaking
31 Jan 2025, Fri

විවිධ ස්වරූපයෙන් ලංකාවට එන කන්ටේනර් කුඩු!

ශ්‍රී ලංකාවට හෙරොයින් කන්ටේනර් බහාලුම් තුළ සූක්ෂමව සගවා රැගෙන ඒම මීට අවුරුදු 15 කට පෙර සිට කරගෙන යන අතර ,විටින් විට ඒවා අත් අඩංගුවට ගත්ත ද , සැගවීමේ උපක්‍රම වෙනස් කරමින් හෙරොයින් ගෙන ඒම තවමත් සිදු කරන බව  ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් ස්ථනාධිපති, වැලිකඩ බන්ධනාගාර ඝාතන නඩුවේ පළමුවන සැකකරුවකු වි සිටි පොලිස් පරික්ෂක නියෝමාල් රංගජිව සිය සමාජ ජාලා පිටුවේ සටහනක් තබමින් කියා සිටි.

කන්ටේනර් කුඩු යනුවෙන් එම සටහන් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට හෙරොයින් කන්ටේනර් බහාලුම් තුළ සූක්ෂමව සගවා රැගෙන ඒම මීට අවුරුදු 15 කට පෙර සිට කරගෙන යන අතර ,විටින් විට ඒවා අත් අඩංගුවට ගත්ත ද , සැගවීමේ උපක්‍රම වෙනස් කරමින් හෙරොයින් ගෙන ඒම සිදු කරයි.ඉතිහාසයේ ප්‍රථම වරට මගේම තොරතුරු හා විමර්ශනයක් මත අර්තාපල් බෑග් තුළ හෙරොයින් කිලෝ 35ක් පකිස්තානයෙන් ආනයනය කළ කන්ටේනර් එකක් 2010.12.10 නිදා කොළඹ වරායේ දි පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංසය විසින් අත් අඩංගුවට ගැනිම .

දෙවැනි සිද්ධිය ග්‍රීස් ටින් වල සගවා හෙරොයින් කිලෝ 262ක් කොළඹ වරාය පරිශ්‍රය දි පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංසය මගින් අත් අඩංගුවට ගැනීම . ඒ සදහා නිර්නාමික පෙත්සමක් මගින් ලද තොරතුරු මත මා විසින් කරන ලද විමර්ශනයේ දි මේ හෙරොයින් තොගය සොයා ගන්නා ලදි . ඒ කාළේ ආසියාවේ විශාලම හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය වීය .ඉන්පසු විශාල ඇණ බෝල්ට් තුල සගවා හෙරොයින් කිලෝ 40 ක් රේගු නිළධාරින් අත් අඩංගුවට ගැනිම හා ලේත් මැෂින් තුළ සූක්ෂමව සගවා කිලෝ 90 ක් අත් අඩංගුවට ගැනීම් ආදිය සිදු කළ ද ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම මගින් කන්ටේනර් වල සූක්ෂමව සගවා මත්ද්‍රව්‍ය ආනයනය කරමින් සිටි.

අදටත් එසේම සිදුවේ.මා සදහන් කළේ මා සම්බන්ධ වු වැටලීම් කිහිපය පමණි.

ඉහත වැටලීම් අතරින් 2010.12.10 දින අර්තාපල් තුළ සැගවු හෙරොයින් වැටලීම පමණක් මා කතා කරන හේතුව අනෙක් වැටලීම් සම්බන්ධ නඩුකර පවතින බැවිණි.2010 වර්ෂයේ හෙරොයින් ජාවාරමේ සීඝ්‍ර නැගීමක් පෙන්නුම් කිරිම නිසා එදා පැවති ආන්ඩුව පොලිස් දෙපාර්තමේන්තුවට ලොකු පීඩනයක් එල්ල කළේය. ඒ පීඩනය ඩබල් එකේ නාකොටික් එකට ආවේ වගකිවයුතු ප්‍රධාන ඒකකය අපි නිසා . ඒකළ හෙරොයින් ගෙන එන ප්‍රධාන මාර්ගය ගුවන් තොටුපළට නිසා ලොකු පීඩනයක් එල්ල කළේ කොහොම හරි නවත්තන්න මේ ප්‍රශ්නය . ඒවනවිට මුහුදේ බලය ජාවාරම්කරුවන් ගෙන් ගිලිහී ගොස් තිබුණේ යුද්ධය අවසන් කළ කාළේ නාවික හමුදාව මන්නාරම, හලාවත ,මහ වැව,තොඩුවාව වැනි ප්‍රදේශ මුහුද දැඩිව රැකවල්ලා සිටි නිසා . නමුත් බඩු එනවා අඩු නැතිව . ” කොහොමද එන්නේ ” ප්‍රශ්නාර්ථයක් ? පොලිස්පති මහින්ද බාලසූරිය මහත්තයා නාකොටින් නිළධාරින් ගෙන්වා තර්ජනයක් කළේය . “ඔක්කෝම එවුන් එළවනවා හතර අතේ..නාකොටික් එකෙන් යන්න ලැහැස්ති වෙලා ඉන්න ” ලොකු පීඩනයක් ..අපිට .අපි ද හතර අතේ දුවන්න වුයේ ..”මොනවා හරි ඉක්මනට කරන්න ” උසස් නිළධාරින් අපෙන් ඉල්ලා සිටිති.

එක් හැන්දෑවක මගේ informant කෙනෙක් කිව්වා ” සර් පක්කෙක් එක්ක සිංහල කොල්ලෙක් අල කන්ටේනර් එකක් වරායේන් එලියට ගන්න කතා කරන්න ආවා…එත් ඒක මාසයක් පැනලා …A/C නැති කන්ටේනර් එක්ක ..අනිවාර්යයෙන්ම කුණු වෙලා තියෙන්න ඔනේ…මොකද මුන් ට්‍රයි කරන්න පොඩි සැකයක් තියෙනවා සර් ..
document දුන්නේ නැහැ ..එත් clearing office එක ..අහවල් තැන..නම් …

මම සාමාන්‍යයෙන් කිසිම තොරතුරක් අතහැර දමන පුරුද්දක් නැහැ ..මම double එකේ ඒ office එකට ගිහින් හොයා ගත්තා බඩු .ඒක ඒවලා තියෙන්නේ කදාන පැත්තෙන් කෙනෙකුට ..ඒ ගෙදර මිනිසුන් අර්තාපල් බිස්නස් කරන්නේ නැහැ ..දැන් පොඩ්ඩක් සැකය තාහුරු වුණා ..නැවත clearing office එකට ඇවිත් පාකිස්තානයේ ආයතනයට ඊමේල් එකක් ගැහුවා ප්‍රශ්නයක් මෙතන මේක භාර ගන්න “අලුත් කෙනෙක් නම් කරන්න” කියලා බොරුවක් දැම්මා …

දවස් දෙකකට පස්සේ නමක් එව්වා ..ඌ එනකම් හිටියා …ආවා ඉස්සුවා අරගෙන ගියා ඌ වාප්පු ලිපිකරුවෙක්. ඌ ගෙත් බොසා ත් ගත්ත …කොන්ත්‍රාත් එක භාර දුන්න ඒකා මුස්ලිම් කෝටිපතියෙක්. නමුත් මූ බය වුණා ඌ අරන් දෙන්න …මල්ලි නලපාන ජාතකය අහලා තියෙනවා ..නැහැ අපි මුස්ලිම් නේ..ආ ඔව් නලපාන ජාතකේ කියන්නේ ” ගිය අඩි සළකුණු විතරයි තියෙන්නේ ආව සළකුණු නැහැ ” උඹ මම ගාව කියලා කවුරුත් දන්නේ නැහැ ..”
ලොකු එකාවත් ගත්තා ඌට කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ පාකිස්තානයේ “jaan” කියලා යාලුවෙක් ..දැන් ලංකාවට ඇවිත් ඉන්නේ ..වැඩේ බැලන්ස් එකේ කරන්න නොන්ඩි කළොත් නලපාන ජාතකේ තමා..හරි

jaan එක්ක සාකච්ඡා යන ගමන් වරායේ රේගුවට උසාවි නියෝගයක් භාර දිලා ගාඩ් එක දැම්මා නැත්නම් customs එකෙන් කේස් මංකොල්ල කනවා..” ආ අපිටත් ඔය information එක ඇවිත් තියෙන්නේ ” කියලා කියනවා.මේක අලුත් අත්දැකීමක් මුලු නාකොටික් එකටම හැමෝම උදව් කළා . jaan කිව්වා කන්ටේනර් එක තොටලග අලුත්මාවතට ගෙන්න එයා එනවා එතනට කියලා …රේගුවෙන් කියන අණපනත් අනුව එළියට යවන්න බැහැ ….jaan නිරතම call …මාර අවුල …කොහොම හරි jaan අරගෙන කන්ටේනර් එක ගලවන්න ඔන. අයිතිකාරයා නැතිව වාප්පු ලිපිකරුවෙක්ට හෝ ලංකාවේ එකාට දීලා වැඩක් නැහැ .. ..අපි අසරණ වෙලා ඉන්නේ …ලොක්කන්ට අපිට දෙන්න උත්තරයක් නැහැ ..

හරි do or die ගේමක් ගහමු. වෙපනුත් දාගෙන වාහනයට කොල්ලොත් දාගෙන් ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනය අසලට ගිහින් empty එක කන්ටේනර් එකක අවි පෙන්වා රියදුරු එක්කම ගත්තා .තත්ත්වය පැහැදිලි කරලා..ඒ empty කන්ටේනර් පෙට්ටියේ අංකය jaan ට යැව්වා …කොල්ලො දෙන්නෙක් දාලා පෙට්ටිය වහලා නියම තැනට යැව්වා …දෙන්නේක් ආවා උන් දෙන්නව ගත්තා ..සද ගු## ..කෝ jaan ?අහවල් හෝටලයේ ඉන්නවා සර් …ගියා දොරවල් කඩාගෙන …jaan ව ගත්තා …misson එකෙන් භාගයක් ඉවරයි .
මළ කෙලියයි jaan කිව්වා සර් එකේ කුඩු නැහැ අල තියෙන්නේ කියලා … අල්ලා පල්ලා සර් (ඉංග්‍රීසි පුලුවන් ) මට කල්පනා වුණේ බඩු නැති වුණොත් …මේ ගු # දුන් ඒවට නගින්ඩ වෙන්නෙ මට හිරේ…

සෙට් එකම අරන් වාරායට ගිහින් සිංහයා වගේ අල ගෝනි එළියට අරන් පරීක්ෂා කරනවා…බඩු නැහැ ..ඔක්කොමට වැඩේ අතහැරලා ඉදගෙන. අඩි 40 කන්ටේනර් පෙට්ටියේ අන්තිමට තිබෙන අල ගෝනි ලයින් දෙකක් විතරයි …මම නැග්ගා ..පණුවන් උතුරනවා…මම ගිහින් ඇද්දා……මෙන් බඩු….ඔක්කොම සතුටින්. jaan විරුද්ධව මහාධිකරණයේ නඩු පැවරුවා..ලංකාවේ පළමු වතාවට අධාර අනුබල දීම යටතේ නඩුවක් දිනවලා නැහැ ..අපි jaan එක්ක හිටපු සිංහල කොල්ලවා රජයේ සාක්ෂිකරුවෙක් කළා..

ඔහොම කාළය ගෙවිලා ගියා …2017 දි මට වෙඩි වැදුණා..පසුව 2018 කුඩුකාරයන් හා පොලිස්කාරයන් එක්ක සිදු කළ කුමන්ත්‍රණයක් නිසා …මට වැලිකඩ බන්ධනාගාරයේ බත් රස විදිමින් ඉන්න විට…..මෙන් jaan මම ලැගටම ඇවිත් … නඩුව guilty වෙලා …හිතේ එදා සතුට මම දැණුනේ නැහැ …මොකද jaan හා මම එකම හිර ගෙදර හිර කාරයෝ ..ඌ මට මැද ඇගිල්ල පෙන්නලා shell එකට ගියා .

පසු කාළයක දි මම නිදොස් නිදහස් වුණා ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් .රාජපක්ෂලා ගේ ගෝලයා ,මීනිමරුවා කියලා නමක් වැටුණා…..නමුත් ඇත්ත ඒක නොවේ …
2012 දි වැලිකඩ සිදුවීම වෙනකොටත් මම Inspector of police …මහින්ද මහත්තයා ගෙදර යනකොටත් මම Inspector of police ..ගෝටාබය මහත්තයා එනකොටත් මම inspector of police ..යන කොටත් එහෙමයි ..පොල් කෙන්දක තරම් දෙයක් මට ලැබිලා නැහැ ..ගෝලයා නම හා ගුටි විතරයි ..

තව කියන්න බැහැ “වළං ටිකක් හොදන්න යන්න තියෙනවා” ..🤣🤣🤣🤣🤣
ෂැලෝලයිට් නලු බැට්ටන් ගේ නොවේ ..අපේ නෝනා උයපු වළං ..ආයුබෝවන්ඩ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *