Breaking
24 Feb 2025, Mon

Deal is Done! සුභාෂ්කරන් අල්ලිරාජා ලංකාවේන් යයි…. ගෝඨාගේ මාර සිම්පල් ප්ලෑන් එක!… කොමිෂන් සභා බොරු! ලොව පුරා හොරා කෑමේ සුරයෝ සමග අලුත් ගමනක්!

Published on: Feb 9, 2020 – ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති බව පවසමින් රටේ අහිංසක තැන්පත්කරුවන්කරුවන් 33,000කගෙ මුදල් බිලියන ගණනින් ගිලගත් ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගම ඇතුලු ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් (පුද්ගලික)  ලිමිටඩ් සහ ඊඒපී බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි (පුද්ගලික) සමාගම කුප්‍රකට ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජාගේ (Subaskaran Allirajah)  අතට පත්විම සහ ඊට සම්බන්ධ දුෂණ සේවිම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග සියල්ලම ව්‍යාජ්‍ය එවා පමණක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

එම ක්‍රියාමාර්ග සියල්ලම මහා මැතිවරණය ඉලක්ක කර රටේ ජනතාව ගොනාට ඇන්දවිම සදහා සිදුකල මෙහෙයුමක් වන අතර ETI මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සොයා බැලිම සදහා ව්‍යාජය ජනාධිපති කොමිසම පත්කල වහාම දිවයිනට පැමිණී සුභාෂ්කරන් අල්ලිරාජා පෙරේදා යලි පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වු වහාම දිවයිනට පැමිණි ඇමරිකානු විශේෂ නියෝජිතයන් පවා ලංකාව කළු සල්ලි සුදුකිරිමේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවත් ඒ පසුපස සුභාෂ්කරන් වැනි අය ඉදිරියෙන්ම සිටින බවත් පෙන්වා දෙමින් වාර්තාවක් පවා ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් අප 01.(සුභාෂ්කරන් අල්ලිරාජාගෙ කළු සල්ලි මසකට ඩොලර් බිලියන 2ක් වටේ යයි… ඇමරිකානු නියෝජිතයන් ගෝඨාභයට වාර්තාවක් දෙයි… ලෝක මුදල් විශුද්ධිකරණ කේන්ද්‍රය ලංකාවේ… පාස්කු ප්‍රහාරය ගැනත් අනාවරණයක්!) යනුවෙන් ජනවාරි16 වැනිදා අනාවරණයක්ද සිදු කළා.(අදාළ ලිපිය පහලින් කියවන්න)

ඊ.ටී.අයි ෆිනෑන්ස් (ETI Finance Limited) මූල්‍ය සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තිරණය කල අතර එම අර්බුදය විසදිම හරහා ETI හී මුදල් තැන්පත් කල තැන්පත්කරුවන් තිස්තුන්දහසකට අධික පිරිසකගේ හිත දිනා ගැනිම මෙන්ම එම වස්තු සම්භාරය සතු මාධ්‍ය නාලිකා තමන්ගේ හිතවතෙකු වෙත පවරා දිම ඔහුගෙ ඉලක්කය වි තිබේන බවද අප එම ලිපිය හරහා අනාවරණය කර සිටියා.

මෙලෝරහක් නැති කොමිෂන් සභා!

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ඊටීඅයි සහ ස්වර්ණමහල් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කරුණු සොයාබලා වාර්තා කිරීමට පත්කළ කොමිසම විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කරන ලද ඒවා නොවන අතර, සාමාන්‍ය කොමිෂන් සභා වන අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන කාරණා සම්බන්ධයෙන් කරුණු සොයාබලා ඔහුට සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලබාදීම හැරෙන්නට වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට එම කොමිසමට නොහැක.

කොමිෂන් පත්කිරිමත් සමග සුභාෂ්කරන්ගේ කළු සල්ලි වලිනෙ යැපේන ගෝඨාභය සමීපයේම සිටින කණ්ඩායම් බරපතල ලෙස කලබයට පත්වු අතර ඔහුන්ගේ කැදවිම අනුව් කොමිසම පත්ව පැය 24ක් ගෙවෙන්නට මත්තේන් සුභාෂ්කරන් ලංකාවට පැමිණි අතර ඔහුගේ පැමිණිම ද හින්දු පුවත පත පවා තහවුරු කලේ ලංකාවේ සිට පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ද ලබා දෙමිය.

සුභාෂ්කරන්ගේ පැමිණිම සහ කොමිසම පත්කිරිම සම්බන්ධයෙන් ඔහුගේ අප්‍රසාදය පලකල අකාරයඅද අප අනාවරණය කල අතර 02.බලපෑම් කලොත් ලංකාවට ලැබෙන විදේශ විනිමය 85% නතර කරනවා… මුදල් විශුද්ධිකරණයේ Godfather සුභාෂ්කරන් Allirajah ජනාධිපතිට අනතුරු අගවයි… මහින්දලා සමග ඇති සම්බන්ධය ගැන thehindu පුවත් පත සමග කියයි… ඊළම ගන්න බ්‍රිතාන්‍යය අගමැතිට කප්පම් දුන් හැටි… යනුවෙන් එම  ලිපියද පහලින් කියවිය හැක.

සුභාෂ්කරන්ගේ සල්ලි වලට වහ වැටිම!

ගෝඨාභය යනු හරියටම නැතිවුනත් යන්තම් විතර මිලිටරිකරණය වු අයෙකි. ඒ නිසාම මහින්දලා මෙන් වඩේ කඩේ සිට බාර් එක දක්වා ලක්ෂය දෙක කප්පම් හෝ සංතොෂම් අරගෙන කුප්‍රකට ව්‍යාපාරවල යෙදිම ගෝඨාභයට පුරුදු නැත.ගෝඨා සොයන්නේ අඩුම මිග් වලින් ඉහලට ඇති දෙවල්‍ ය. එහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකාව සිය ආසියානු කලාපයේ යුධ බලය ව්‍යාප්ත කිරිම සදහා ගෝඨා බලායට ගෙන එම දක්වා මෙහෙයුම සාර්ථකව අවසන් කිරිමට සමත් විය. 03.ගෝඨාද මෑන්…. ශ්‍රී ලංකාව එක්සත් ජනපද හමුදා කේන්ද්‍රස්ථානයක්! ඊළම,ෆේඩරල් වෙනුවට අලුත් ගමනක්! ඇමරිකානු යුධ බලය ව්‍යාප්ත කිරීම සදහා ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ! යනුවෙන් අප ජනවාරි 26 වැනිදා ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර තිබේ.(අදාළ ලිපිය පහලින් කියවන්න)

මාර සිම්පල් ප්ලෑන් එක!

ඒ අනුව සුභාෂ්කරන් අල්ලිරාජාට පිනා චාන්ස් එකක් වැදි තිබේ.එනම් ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ගේ හෝරාගත් මුදල් මැතිවරණය සමිපය වන විට සුභාෂ්කරන් සාක්කුවෙන් ගෙවා දමා ගෝඨාභය විරයෙකු කිරිමය.අනික පවරාගත් දේපළ සහ ආයතන වෙනුවෙන් තිබේන සමාගම් වල ඉහල තනතුරු සදහා ගෝඨාභය විසින් නම්කරන පුද්ගලයන් පත්කිරිමය.එක මාර සිම්පල් ප්ලෑන් එකකි.

සුබාස්කරන්ගේ ආගමනය!

සුබාස්කරන් අලිරාජා කවුරුන්ද යන්න සාක්ෂී සහිතව අප වසර කිහිපයකම සිට අනාවරණයන් කර තිබේ.වයස අවුරුදු 17 දී මුලතිව් සිට බොට්ටුවකින් ඉන්දියාවටද පසුව 1989 දී ප්‍රංශයට සරණාගතයෙකු ලෙස ගිය සුබාස්කරන් දෙමළ ඊලාම් විමුක්ති කොටින්ට පිංසිදුවන්නට මාසිකව ඩොලර් බිලියන 2ක කළු සල්ලි ලෝව පුරා කැරකවිමට තරම් දක්ෂ විය.

ළමා කාලය තුළ ශ්‍රී ලංකාව සිවිල් යුද්ධය නිසා ඇති වූ අභ්‍යන්තර ගැටුම්වලින් පීඩා වින්ද සුබාස්කරන් LTTE ය වෙනුවෙන් කැපවි කටයුතු කල අයෙකු වන අතර අදටද ඔහු ප්‍රභාකරන්ට සලකනුයේ දෙවත්වයෙනි.ඇදිවත සමග පමණක් ප්‍රංශයට ගිය සුබාස්කරන් පැරීසියේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව සමග සම්බන්ධ වු අතර

එල්ටීටීඊයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව විසින් එකතු කරන ලද මුදල් එකතු කර 341, Rue des Pyrénées in Paris,කාර්‍යාලයේ විශාල මලුවල ගොඩගසා තිබේන අයුරු දුටු සුබාස්කරන් එම මුදල් ලංකාවේ LTTE සංවිධානයට අපහසුතාවකින් තොරව ලබාගැනිම සදහා ක්‍රමවේදයක් නිර්මාණය කිරිමට සැලසුම් කල අතර ඒ අනුව නව ව්‍යාපාරයක් ආරම්භ කිරිමට සුබාස්කරන් කටයුතු කර තිබේ.

ඒ අනුව ප්‍රංශයෙන් එංගලන්තයට ගිය සුබාස්කරන් සිය සහෝදරිය වන ලේකාගේ නමින් “ලයිකාටෙල්”(Lycatel) ආරම්භ කිරිමට සමත්විය.ඒ 2001 වසරේදිය.එම සියලුම ව්‍යාපාරය පසුපස එල්ටීටීඊයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව සිටි බව නොරහසකි.මන්ද එල්ටීටීඊයේ පාලනය යටතට නොගෙන කිසිදු ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට පැරිසියේ, ලන්ඩනයේ හෝ කිසිදු යුරෝපීය රටක ව්‍යාපාර කළ නොහැකි බව පිළිගත් කරුණකි.

LTTE ගමනක අවසානය සහ සුබාස්කරන්ගේ ගමන් මග!

LTTE අවසන් ගමන් ගිය 2009 මැයි 19 න් පසු, එල්ටීටීඊයේ මුදල් කළ සියලු දෙනා හදිසියේම ඔවුන්ගේ ව්‍යාපාරවල නිදහස් හිමිකරුවන් බවට පත්විය. මන්ද එම මුදල් සහ ඔවුන්ට ලබා දුන්නේ කාටද යන්න පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති බැවිනි.

ඒ අනුව සුබාස්කරන් අලිරාජාගේ වත්කම් තහවුරු කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.එය යනතම් හෝ වටහා ගත හැක්කේ ඇමරිකානු වාර්තාවට අනුවය ඒ අනුව මාසිකව සුබාස්කරන් ඩොලර් බිලියන් 2ක් මුල්‍ය වෙළදපලට මුදාහරිනු ලැබේ.ඒ අනුව ඔහු සතු වත්කම් තෙරුම් ගැනිමට අපහසු නොවනු ඇත.

04. ලොව පුරා හොරා කෑමේ සුරයෝ…. ‘ලයිකා මොබයිල්’… හොරු 19ක් ප්‍රංශ හිරේ…. රටම විනාශ කරන සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්..(අදාළ ලිපිය පහලින් කියවන්න)

05. මුදල් විශුද්ධිකරණයේ ප්‍රමුඛයෝ Shell සමාගම සමග ලයිකා මොබයිල් ඩිල් දැමු හැටි… දවසකට දෙවරක් යුරෝ 240,000 මුදලක්! කොල්ල කාලා…. ලංකාවේ මාධ්‍ය සහ මුල්‍ය ආයතන ගිල ගැනිමේ සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්ගෙ මෙහෙයුම(අදාළ ලිපිය පහලින් කියවන්න)

යන අප විසින් කල අනාවරණයන් දෙක හරහාද සුබාස්කරන්ගේ වත්කම් ගැන ඔබට යම් අවබෝධයක් ගත හැක.

සුභාෂ්කරන් හා රාජ් රාජරත්නම්

2009 ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමට පෙර ඩොලර් බිලියන 7 කට වඩා කළමනාකරණය කළ ලොව විශාලතම හෙජ් අරමුදල් (Hedge Fund) කළමනාකරණ සමාගමක් වූ ගැලියන් සමූහයේ ප්‍රධානියාව සිටියේ රාජ් රාජරත්නම්ය.සුභාෂ්කරන් හා රාජ් රාජරත්නම් අතර ව්‍යාපාර වර්ග කිරිම අනුව වෙනස් වුවද අරමුණ සහ නියෝජනය කල සංවිධාන ජාලය එකක්ම විය.

ශ්‍රී ලංකාවේ උපන් කෝටිපතියෙකු වන රාජ් රාජරත්නම්ට, ඔහුගේ පියා සහ ඔහුගේ පවුලේ අය එල්ටීටීඊයට අරමුදල් යැවූ බවට චෝදනා එල්ල වු අතර රාජ් රාජරත්නම් සුරැකුම්පත් වංචාවට වැරදිකරු වූ අතර ඔහු වසර 11 ක සිර දඩුවමකටද යටත් විය.

2000 සිට 2007 දක්වා කාලය තුළ රාජරත්නම් දෙමළ පුනරුත්ථාපන සංවිධානය නමින් ඇමරිකානු පුණ්‍යායතනයකට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් පරිත්‍යාග කර ඇති අතර පසුව එක්සත් ජනපද ෆෙඩරල් රජය අවධාරණය කළේ පුණ්‍යායතනයක් නමින් එම සංවිධානය පෙනී සිටියද එය දෙමළ කොටින් සඳහා අරමුදල් රැස් කිරීම සදහා සකස් කල එකක් බවයි.පසුව එම ගිණුමටද වගකිමට සුභාෂ්කරන් සමත්ව ඇති අතර එම වසර 7ක කාලය තුල රැස්කරන ලද මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් ඇමරිකාවේද කිසිදු සටහනක් නොමැත.

කතාව අවසන් නැත…. Deal එකේ මහමොලකරු ගැන අනාවරණය බලාපොරොත්තු වන්න ….

2015 වසරේ අගෝස්තුවේ උතුරේ සුභාෂ්කරන් ක්‍රියාත්මක කරනු ලබන ඥානම් පුණ්‍යාධාර වැඩසටහන සහභාගි විමට ලංකාවට පැමිණ අවස්ථාව …

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…

http://lankanewsnetwork.org/archives/22349

http://lankanewsnetwork.org/archives/22387

http://lankanewsnetwork.org/archives/22532

http://lankanewsnetwork.org/archives/19055

http://lankanewsnetwork.org/archives/19388

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.