Breaking
25 Feb 2025, Tue

ECTA අතරමග ….ලංකාවේ කම්කරුවන් දොට්ට දමා ඉන්දියන් කාරයෝ අඩු කුලියට නහී

ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම(ECTA)අත්සන් කරන්නටත් පෙර පහළ වැටුප් හා අවම වරප්‍රසාද යටතේ විදේශ කම්කරුවන් සේවය සදහා රට ගෙන්වාගෙන ඇති බව අනාවරණය වි තිබේ. sierra engineering,maga engineering වැනි අණ්ඩුවේ විශාල ඉදිකිරිම් ව්‍යාපෘති භාරව කටයුතු කරන ඉදිකිරිම් ආයාතන විශාල වශයෙන් පසුගිය මාස කිහිපය තුල ඉන්දීය සහ බංග්ලාදේශ කම්කරුවන් සිය සේවය සදහා යොදවාගෙන ඇති අතර මේ දක්වා සේවය කරමින් සිටි ශ්‍රී ලාංකාවේ සේවකයන් විවිධ චොදනා මත ඉවත් කිරිමටද කටයුතු කර තිබේ.

පෙදරේරු,අත් උදව්කරුවන්,කම්බි නමන්නම් වැනි ඉදිකිරිම් ක්ෂේත්‍රයේ වැඩ සදහා මෙම කම්කරුවන් යොදවාගෙන ඇති අතර ඔහුන් සදහා දෛනික වැටුප වශයෙන් ලබා දෙන්නේ 800-1000 අතර වම මුදලක් වන අතර වෙනත් කිසිදු දිමනාවක්ද මෙම වෘතිකයන් බලාපොරොත්තු නොවන බවද වාර්තා වේ.

සමාන්‍යයෙන් දේශීය ශ්‍රමිකයන්ට රු. 45000ක මාසික වැටුප් හා සම්මත සේවා වරප්‍රසාද හිමි වන අතර ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමටත් පෙර මේ අකාරයට සේවකයන් යොදවා ගැනිම අනාගත කම්කරුවන්ට සිය රැකියා අහිමි විමේ අවදානමක් එල්ල වි ඇති බවයි ඔහුන් පෙන්ව දෙන්නේ.

මේ වනවිටත් කම්කරු දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලිවල සේවයට බරපතල ලෙස අඩු ගෙවීම් හා සේවා වරප්‍රසාද යටතේ සේවකයන් ඉන්දියාවෙන් හා වෙනත් ආසියානු රටවලින් ගෙන්වා ඇති බව එහි සේවය කරන ලාංකික සේවකයෝ චෝදනා කරනවා.මෙම ඉදිකිරීම් ආයතනය විසින් ලාංකික ශ්‍රමිකයන්ට ස්ථිර වැටුප්තල හා කම්කරු නීතියට අනුව වරප්‍රසාද ලබා දෙන නමුත් විදේශ සේවකයන්ට නවාතැන්, ආහාර හා දෛනික සොච්චම් වැටුපක් ලබා දෙමින් දැවැන්ත ශ්‍රම කොල්ලයක යෙදෙන බවයි ඔහුන් සදහන් කළේ.

2016.05.18-indian-workers 2016.05.18-indian-workers2

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.