Featured

Exclusive:මහින්ද පරද්දන්න බෑ-රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා,කරු සහ අනුර රහසිගත කුමන්ත්‍රණයක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ බලය ඇල්ලිම නතර කිරිමට නොහැකි බවත් මැතිවරණයෙන් නොව වෙනත් ක්‍රමවේදයක් හරහා ඔහු දේශපාලනයෙන් ඉවත් කිරිම සදහා රනිල්,මංගල,හකිම්,සම්බන්ධන්,ෆොන්සේකා සහ අනුර කුමාර එකතුව රහසේම සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඔහුන්ට වඩා උපක්‍රමශීලීව කටයුතු කරන මේ රටේ දේශප්‍රේමි ජනතාව මෙම සාකච්ඡා සහ ඔහුන්ගේ ඡායාරූපයක්ද ගැනිමට සමත්ව තිබේ.

එම සාකච්ඡාව පුරාම අවධාරණය කර ඇත්තේ පසුගිය මැතිවරණ ප්‍රතිපල සහ මේ වනවිට බුද්ධි අංශ හරහා අනාවරණය කර තිබේන දත්ත වන අතර ඒ අනුව කුඩා පක්ෂ සියල්ලම එකට එකතු කලද ආණ්ඩුවක් පිහිටු විම කිසිසේත්ම සිදුකල නොහැකි බවයි.මහින්ද රාජපක්ෂ මහතා ලබාගන්නා ආසන සංඛ්‍යාව 120 ඉක්මවා යා හැකි බවත්…ජනතාව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරිම හරහා එම සංඛ්‍යාව තව තවත් ඉගල යා හැකි බවද ඔහුන් අතර සාකච්ඡාවේදි අවධාරණය කර තිබේ.

සන්ධානයෙන් තරග කරන මෛත්‍රීපාලගේ අපේක්ෂකයන් කිසිවෙකුටත් ජයග්‍රහණය කිරිමට හැකි නොවන බවත් ඒ අනුව සන්ධානයෙන් මන්ත්‍රිවරුන් බා ගැනිම කිසිසෙත්ම කල නොහැකි බවත් මේ සාකච්ඡාවේදි අවධාරණය කර තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිවරණයෙන් පරාජය කිරිමට නොහැකි නිසා වෙනත් විකල්පයක් සොයා ගැනිමට සිදුවන බවයි ඔහුන් අවධාරණය කර ඇත්තේ.

සැලකිය යුතුය ඡායාරූපය ගන්නා අවස්ථාව වනවිට අනුර කුමාර පැමිණ සිටියේ නැත.

SET1

 

Top