Featured

Exclusive:රවීගේ පාතාලයා “ආමි සම්පත්” සිංගප්පූරුවට!

Exclusive:යහපාලන මහා බැංකු කොල්ලකරු රවි කරුණානායකගේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි සිටියදි උදරයේ හා දකුණු කලවා ප්‍රදේශයේ දැඩි ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගිය කුඩු ලාල්ගේ ප්‍රධානම ගොලයා වන “ආමි සම්පත්” ඊයේ ගැටුමෙන් පැය දෙකක් යනවිට අනාවරණය විමත් සමග එම රෝහලෙන් රැගෙන ගොස් සඟවා සිටි අතර හෙට දිනය තුල සිංගප්පූරුව බලා “ආමි සම්පත්” පිටත් කර යැවිමට සුදානමක් පවතින බව ආරක්ෂක තොරතුරු අනාවරණය කරන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඊයේ අපකල අනාවරණය …….

[box type=”warning” ]කුඩු ලාල්ගේ ප්‍රධානම ගොලයා වන “ආමි සම්පත්”සහ මධුෂංක මෙම රවිගේ මැතිවරණ ව්‍යපාරයේ යෙදි සිට ඇති අතර ඔහුන් දෙදෙනා ඉලක්ක කර වෙඩි තබා තිබේ.මේ වනවිට ආමි චමින්ද බරපතල ලෙස තුවාල ලබා පෞද්ගලික රොහලකට රැගෙන ගොස් තිබේන බවද අප  LNW  ඔත්තුකරු අනාවරණය කළා.[/box]

රවී කරුණානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදි සිටි “ආමි සම්පත්” ඇතුලු මැරයන් ඉලක්ක කර ඔහුන්ගේ ප්‍රධානතම හතුරා වන “ප්‍රින්ස්” පාතාල කණ්ඩායම විසින් කොටහේන, බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදි කල වෙඩි තැබිමෙන් එක් අයෙකු මිය ගිය අතර  තුවාල ලැබූ පිරිසෙන් සිව් දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

“ආමි සම්පත්” සොයමින් මේ වන විට බුද්ධි අංශ කටයුතු කරමින් සිටින අතර ඔහු සෙවිම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක්ද අනුයුක්ත කර තිබේ.

 

Top