Featured

Exclusive:විග්නේෂ්වරන් හමුවේ දෙකට නැමුනු මෛත්‍රී-රැඳවියන් නිදහස් නොකලහොත් ගිවිසුම් හෙළිකරනවා

Exclusive:බන්ධනාගාර වල මාරාන්තික උපවාසයක නිරතවී සිටි දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කිරිමට නිශ්චිත දින වකවානු සහිතව කාල සටහනකට එකඟ නොවන්නේ නම් ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඔබතුමා ඉදිරිපත් වු අවස්ථාවේ දමිළ ජනතාවගේ ඡන්දය ලබා ගැනිම වෙනුවෙන් අප සමග ඇතිකරගත් සියලුම ගිවිසුම් මාධ්‍යට ලබාදිමට කටයුතු කරන බවට තර්ජනාත්මකව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ඊයේ(17) වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යැවු ලිපියේ සදහන් කර ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මිට අමතරව එම ලිපියේ පිටපතක් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතටද ඊයේ දිනය තුල ලබාදිමට ද්‍රවිධ ජාතික සංධානය කටයුතු කර තිබේ.

මාරාන්තික උපවාසයක නිරතවී සිටි දෙමළ දේශපාලන රැඳවියන්, ‘ජනාධිපතිවරයා නිල වශයෙන් පොරොන්දුවක් ලබාදෙනතුරු උපවාසය අත්නොහරින්නෙමු’ යනුවෙන් ප්‍රකාශ කර තිබූ අවස්ථාවකදී, උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා තිබේන අතර ලිපිය මෛත්‍රී අතට රැගෙන ගිය දුතයා එය ලබාදුන් බව පැවසු සැනින් විග්නේෂ්වරන්, ජනාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇති අතර එයට පිළිතුරු දෙමින් මෛත්‍රී පවසා ඇත්තේ තමන් කොන්දේසි විරහිතව දෙමළ දේශපාලන රැඳවියන්(දරුණු ත්‍රස්තවාදීන්)වහාම නිදහස් කිරිමට කටයුතු කරන බවයි. ඒ සදහා යම් කාලයක් ලබාදෙන ලෙසද මෛත්‍රී බැගෑපත්ව තිබේ.

පසුව විග්නේෂ්වරන් පවසා ඇත්තේ වහාම ඒ පිළිබඳව  ලිඛිතව පොරොන්දුවක් ලබාදීම අත්‍යවශ්‍ය බවත් එම ලිපිය තමන් එවු දුතයා අත එවන ලෙසද නියෝග කර තිබේ.එ සමගම  ජනාධිපතිවරයා, දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කිරීම පිළිබඳ ලබාදුන් පොරොන්දුව ඇතුලත් විස්තරාත්මක ලිපියක් විග්නේෂ්වරන්ගේ දුතයා අතට ලබාදිමට කටයුතු කර ඇති අතරම එම ලිපියේම පිටපතක්බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යවා, ඔහු හරහා බන්ධනාගාර වල මාරාන්තික උපවාසයේ නිරතවී සිටි දෙමළ දේශපාලන රැඳවියන් වෙත එම ලිපිය යවා තිබේ.

 

Top