LNN SPY

Exclusive: රුසියාව,ගෝඨා සමග අතයට ගනුදෙනුවක! හැංගිමුත්තන් උදයංග යලිත් කරලියේ… රුසියානු විදේශ අමාත්‍ය 14 දිවයිනට! උතුරේ ප්‍රදේශ රැසක් ගැන සාකච්ඡාවක්!

Published on: Dec 28, 2019 – ඉරානය සහ චීනය සමඟ ඉන්දියානු සාගරයේ සහ ඕමාන් බොක්කෙහි ඒකාබද්ධ නාවික පුහුණුවක් සිදුකිරිමත් සමග අවුලකට පත්ව සිටින රුසියාව ශ්‍රි ලංකාව සමග අතයට ගනුදෙනුවක් සිදුකිරිමට සුදානමක් තිබේන බව අප ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු අනාවරණය කරණවා.

2019 දෙසැම්බර් මාසයේදී ඉරානය සහ චීනය සමඟ ඉන්දියානු සාගරයේ සහ ඕමාන් බොක්කෙහි දින හතරක ඒකාබද්ධ නාවික පුහුණුවක් සිදුකර තිබේන අතර මෙවැනි ආකාරයේ ත්‍රෛපාක්ෂික පුහුණුවක් පැවැත්වු පළමු අවස්ථාවද මේය වනවා.පසුගිය වසරේ සිට එක්සත් ජනපදය හා ඉරානය අතර උත්සන්න තිබේන අර්බුදය සමග මේ ආකාරයෙ පුහුණුවක් පැවැත්විම රුසියාව මුහුණ දි සිටින අර්බුදය තවත් උග්‍ර කිරිමට සමත්ව තිබේ.

ඒ අනුව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ව (Russian Foreign Minister Sergey Lavrov) 2020 ජනවාරි 14 වන දින කොළඹට පැමිණිමට නියමිත අතර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම්වරයා සමග සaජු සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්තමාන සබඳතා තත්ත්වය, දේශපාලන සංවාදය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවන්, වෙළඳ-ආර්ථික, මානුෂීය හා වෙනත් ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම ද්විපාර්ශ්වික ගිවිසුම හා නෛතික පදනම පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේන අතර සියල්ලටම් වඩා උතුරේ යුධමය වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳව ඉන්දියාව ශ්‍රි ලංකාව සහ රුසියාව අතර යම් එකඟතාවක් ඇතිකර ගැනිම මෙම සාකච්ඡාවල ප්‍රධාන ඉලක්කය වි තිබේ.ඒ සදහා අතයට ගණුදෙනු රැසක් සිදුවිමට නියමිත අතර එම ගණුදෙනු සියල්ලම මෙහෙයවනු ලබන්නේ රුසියාවේ සිටි ගෝඨාභයගේ ගෝල කුප්‍රකට හිටපු තානාපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකු වන, උදයංග වීරතුංග වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

යුක්රේනයේ සටන් වදින රුසියානු හිතවාදී බෙදුම්වාදී කැරලිකරුවන්ට ආයුධ සැපයූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු කිරිම උදයංගට එරෙහිව එල්ල වි තිබේන ප්‍රබලම චොදනා වෙයි.

මිට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි විශේෂිත ආයතන තුළ ජාත්‍යන්තර සංවිධාන තුළ සහයෝගීතාව පුළුල් කිරීම සදහාද සාකච්ඡා සිදුවන අතර 2020 මාර්තු මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 2015/30/1 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට ‘සංශෝධන’ යෝජනා කිරීමට ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තිරණය සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතයි.මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේ 2020 පෙබරවාරි 24 සිට මාර්තු 20 දක්වා පැවැත්විමට නියමිතව තිබේ.

මේ අතර රුසියා විදේශ අමාත්‍යවරයා 15 වැනිදා නව දිල්ලි බලා පිටත්ව යන අතර එහිදි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවිමට කටයුතු යොදා තිබේ.රුසියානු විදේශ ඇමතිවරයාගේ ජනවාරි සංචාරය රුසියානු රජය සතු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS ඊයේ (බ්‍රහස්පතින්දා) වාර්තා කර තිබේ. එම සාකච්ඡාවල අරමුණ වි ඇත්තේ චීනය, රුසියාව සහ ඉරානය දින හතරක නාවික අභ්‍යාසයක් පැවැත්විමට අදාළව සහය ලබා ගැනිමට බවයි ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. මෙවැනි ආකාරයේ ත්‍රෛපාක්ෂික පුහුණුවක් පවත්වන ලබන පලමු අවස්ථාව මෙය වේ. ජනවාරි 15 ​​වන දින ලැව්රොව් සිය ඉන්දීය සගයා වන සුබ්‍රමනියම් ජයිශංකර් සමඟ නවදිල්ලියේදී සාකච්ඡා පැවැත්විමට නියමිත තිබේ.

ඕමාන් බොක්ක ලෝකයේ තීරණාත්මක තෙල් චෙක්පොයින්ට්(chokepoints) එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හා සම්බන්ධ වේ.ගල්ෆ් යනු සංවේදී ස්ථානයක් වන අතර එය ගෝලීය බලශක්ති ප්‍රවාහනයට ද වැදගත් වන අතර එහි තත්වය “බොහෝ දුරට චීනයේ ආර්ථිකයට හා ආරක්ෂාවට බලපානු ඇත” යැයි චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවන පුවත්පතේ ඉංග්‍රීසි අනුවාදය වන ග්ලෝබල් ටයිම්ස් වාර්තා කරයි.

Top