Breaking
23 Feb 2025, Sun

Exclusive:ආයුධ සහිත තරුණයන් දෙදෙනෙකු යාපනයෙදි අත් අඩංගුවට -රහසේම කොළඹට -මඩකලපුවෙන් රතු එළියක්!

Exclusive: යාපනය-පෙදුරුතුඩුව කිට්ටු පාර්ක් ආසන්නයේ කුඩා නිවසක ආයුධ සහිත සිටි පුද්ගලයන් 2 දෙනෙකු පසුගියදා කොළඹ සිට ගිය විශේෂ ආරක්ෂක කණ්ඩායම විසින් අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව උතුරේ හමුදා ප්‍රධානියෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පොලිස් ස්ථානයක් දැනුවත් නොකර ඇති අතර ඔහුන් රහසේම කොළඹට රැගෙන විත් තිබේ. තොරතුරු ලැබුනු සැනින් බලාපොරොත්තු වන්න…..

මේ අතර දීර්ඝ කාලයකට පසු ඊයේ 26 දින පෙරවරුවේ මඩකලපුව මන්ඩූර් ප්‍රදේශයේ සමාජ සේවා නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව ආරක්ෂක අංශ අනතුරු අගවා තිබේ. 

නාවින්දවෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ සමාජ සේවා නිලධාරී ‘මදිදයාන්’ මෙලෙස වෙඩිතබා ඝාතනය කර තිබේ.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් අද දමිළ මාධ්‍ය සියල්ලක් මෙන්ම තමිල්නාඩුවේ මාධ්‍ය රැසක්ද වාර්තාකර තිබු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය අවධානයෙන් සිටිය යුතු බව ඉන්දිය LNW විශේෂ වාර්තාකාරිණි  ආසෝ ඛාන් (Aazo Khan) අවධාරණය කර සිටි.

රට තුල යහපාලනයක් ඇති වූ බව ප්‍රකාශ කරන මෙම කාලයේදී සිදුව ඇති මෙම ඝාතනය දෙමළ ජනතාව තුල බොහෝ සැකයන් ඇති කරවා ඇති බවත් මෙම ඝාතනයේ සැලසුම්කරුවන් අත් අඩංගුවට ගැනීම පැහැර හැරියහොත් නැගෙනහිර පළාතේ ජනතාව නැවතත් අවි සංස්කෘතිය තුලට තල්ලුවන අතර, නැගෙනහිර පළාතේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් වන සියළු කටයුතු බිය හේතුවෙන් අක්‍රීය වනු ඇත යන්න යථාර්තය වේ. යනුවෙන් සැම පුවතකම සදහන්ව තිබු බවයි ඔහු අවධාරණය කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.