Breaking
23 Feb 2025, Sun

Exclusive:යහපාලන වට්ටි අම්මා තානාපති සේවය ගිල ගනී -චන්ද්‍රිකාගේ ගොලයෝ රටපුරා තානාපති සේවයට

Exclusive:පසුගිය දින කිහිපය තුල වැඩිපුරම කතා බහට ලක්වුයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලනය පිළිබදවයි.විදේශ කටයුතු අමාත්‍යංශයට සිදුවි ඇත්තේ කුමක්ද කියා දැන ගන්නට හැකි එකම පුද්ගලයා එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මංගල සමරවිර වුවද ඔහුගෙන් මේ සම්බන්ධයෙන් කල සැම විමසිමකදිම ඔහු ලිස්සා ගියේ නිකම්ම නොවේ බිම බලාගෙනය.

දැන් ලංකා නිවුස් වෙබ් ටුඩේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලනය මෙහෙය වන්නා කවුරුන්ද යන්න අනාවරණය කරගෙන තිබේ. ඒ වෙන කවුරුත් නොවේ වට්ටි අම්මා මෙන් තැන තැන ගොස් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙන්ම රට බෙදුම්වාදීන්ට පාවා දෙන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරිය ලෙස පත් කරනු ලැබ සිටින මහීෂිනී කොලොන්නේ සිය ප්‍රථම මාධ්‍ය හමුව එම අමාත්‍යංශයේ දී අද පැවැත්වූ අතර ඒ සඳහා සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත එවා තිබූ ආරාධනා පත්‍රය මගින් මාධ්‍යවේදීන්ට කොන්දේසි ගණනාවක් පනවා තිබුනේද ඇයට චන්ද්‍රිකා හරහා ලැබුනු ඔඩර් අනුවය.

නමුත් අද රාජපක්ෂකරණය වූවාට වඩා වැඩි වේගයකින් අද තානාපති සේවය චන්ද්‍රිකාකරණයකට ලක් වෙමින් පවතින බව දැන ගන්නට තිබේ. අද විදේශ අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලනය තනිකරම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කැමැත්තට අනුව සිදුවෙමින් පවතී. මෙම තත්ත්වයට වැඩි බාධාවක් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් නැත. එයට හේතු දෙකකි.

එනම් ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමග සීතල යුද්ධයක් ආරම්භ කර එම තත්ත්වය සමහන් කර ගැනීමේ වෑයමක යෙදී සිටිම සහ තමන් ජනාධිපති පුටුවේ හිඳවන්නට දැඩි වෙහෙසක් ගත් හිටපු ජනාධිපතිණියට විරුද්ධව යාමට ඔහුට ශක්තියක් නැති වීම යැයි කියනු ලැබේ. තමන් අල්ලා ගත් කොටි වලිගයේ ප‍්‍රමාණය අනුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සිරවී ඇත්තේ මග හිටියොත් තෝ නසියි ගෙදර ගියොත් අඹු නසියි යන පරිසරයකය. තමන්ගේ දේශපාලන ගුරුතුමිය වූ චන්ද්‍රිකාට විරුද්ධව කිසිවක් කරන්නට ශක්තියක් විදේශ ඇමති මංගල සමරවීරට නැත.

මෙම පසුබිම තුළ චන්ද්‍රිකාගේ හැසිරීම මෙසේ විග‍්‍රහ කළ හැකිය. විදේශ ලේකම්වරිය සහ චන්ද්‍රිකා මැතිණිය හා දිගු කලායක සිට මිතුදමක් පවතී. මේ නිසා චන්ද්‍රිකාට තම හිතවතතුන්ට තානාපති පත්වීම් ලබාගත හැකි පරිසරයක් ලේකම්වරිය හරහා සකස් කර ගන්නට හැකි විය. ඒ කෙසේද යත් මෙතෙක් විදේශ අමාත්‍යංශයේ පැවති සම්ප‍්‍රදාය වූ ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරීන් තානපතිවරුන් ලෙස පත් කිරීම අතහැර දෙවන පෙළ නිලධාරීන් පිරිසක් තානාපතිවරුන් ලෙස නම් කර වැදගත්කමෙන් සහ සම්බන්ධතා අතින් අඩු තත්ත්වයක පවතින මැදපෙරදිග සහ ආසියාතික රටවලට යැවීමට හැකි විය. 

විදේශ සේවයට 1996 දී බැඳුණු කණ්ඩායමේ සියලූ දෙනාටම තානාපති තනතුරු ලබා ගැනීමට හැකි විය. මෙය විදේශ සේවා ඉතිහාසයේ පළමු වතාවට වු විරල සිදුවීමකි. විදේශ ලෙක්ම්වරිය විසින් මේ හරහා දුන් පණිවිඩය වූයේ තානාපතිවරුන් ලෙස පත් කිරීමට ඇත්තේ මේ කණිෂ්ට නිලධාරීන් පිරිස පමණක් යන්නය. මේ තුළින් ලෝකයේ ප‍්‍රධාන රටවල්වලට තමන්ගේ හෙංචයියන් රිංගවීමට චන්ද්‍රිකාට හැකියාවක් ලැබිණි. 

මෙම කාලෙකට පස්සේ ලැබූ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් ඇය තමන්ගේ නැගණීයගේ සැමියාගේ සහෝදරයෙක් ඔස්ටේ‍්‍රලියාවේ තානාපති ලෙස පත් කර ගැනීමට පවා හැකි විය. එසේම තමන්ගේ පුතාගේ එක්තරා විශේෂිත හිතවතෙක් ජපානයේ තානාපති කර ගත්තාය. තමන්ගේ පවුලේ හිතවතෙක් ස්විට්සර්ලන්තයේ තානාපති කිරීමට ද ඇය යෝජනා කර තිබේ. තමන්ගේ හිටපු ලේකම්වරයෙක්, තමන්ට කඬේ ගිය මහාචාර්යවරු කීප දෙනෙක්, තමන්ට නීති උපදෙස් දුන් නීතිඥයෝ පිරිසක් ඇතුලූ අයට තානාපති කම් ලබාදීමට චන්ද්‍රිකා මැදිහත් විය.

මීට අමතරව හිටපු ජනාධිපතිණියගේ ඥාතිවරියකගේ දියණියක විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාව ලෙස පත් කර ගත්තාය. මෙම ප‍්‍රකාශිකාවට ඇත්තේ කුණුගඳ ගසන සේවා වාර්තාවකි. එසේම ඇය දන්නා කෙංගෙඩියක් නැත. ඇය විදේශ සේවයේ සිටින දුර්වලම චරිතයකි. මෙම පත්වීමට අමාත්‍යංශය තුළින් විරෝධතා මතු වුණද මංගලට තම ගුරුතුමියට පිටින් යන්නට බැරිය. දැන් මෙම ප‍්‍රකාශිකාව චන්ද්‍රිකාගේ හයිය අරගෙන අභ්‍යන්තර පාලනයට ඇඟිලි ගසන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව තම වියපත් බඹරාට තවත් කාලයක් විදේශ තානාපති තනතුර රැකදීමට ඇය දැන් කටයුතු කරගෙන යන්නීය. ඉතා දූෂිතයෙක් වූ පාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට මංගල ඇමතිවරයාට අවශ්‍ය වුවත් මෙම ප‍්‍රකාශිකාවගේ බලපෑම මත එය කළ නොහැකි වී තිබේ.

රටේ ජනතාව යහපාලකයන් ගොනාට අන්දවා අවස්න් බව දැන් ජනතාව තෙරුම්ගෙන අවසන් ය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.