Breaking
23 Feb 2025, Sun

Exclusive:යෝෂිතට එරෙහිව සාක්ෂි දිමට නාවික හමුදාවෙන් පැන්නු සෙබලෙකු සුදානම් කරලා

Exclusive:රිය අනතුරකින් මිය ගිය වසීම් තාජුඞීන්ගේ මරණය  ස්වාභාවිකව සිදුවූවක් නොවන බව පවසමින් රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසියට සාක්ෂි දිම සදහා පුද්ගලයෙකු සුදානම් කරමින් ඉටින බව ආරක්ෂක තොරතුරු අනාවරණය කරන අප විශේෂ වාර්තාකරු පවසයි.අදාළ රිය අනතුර සිදුකිරිම පසුපස මහින්ද රාජපක්ෂගෙ පුත් යෝෂිත රාජපක්ෂ සිටින බවට සාක්ෂි ලබාදිම මෙම පුද්ගලයාට පැවරි තිබේ.
නාවික හමුදාවේ සමාන්‍ය සෙබලෙකු වන මෙම පුද්ගලයා යුද්ධ පැවති සමයේ කල නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් දඩුවම් ලබා රැකියාවෙන් නෙරපන ලද්දෙකි.
මිට සතියකට පමණ පෙර සිට දිගින් දිගටම එජාප වෙබ් මාෆියාව සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ලංකාදිප පුවත්පත යොදා ගනිමින් ඉදිරි සති දෙක තුළ යෝෂිත අත්අඩංගුවට…!,රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනයට වගකිවයුත්තන් ළගදීම අත්අඩංගුවට,රගර් ක්‍රීඩකයා මරා දැමු බවට යෝෂිතට යසාරාගෙන් චෝදනා ? යනුවෙන් මාධ්‍ය වාර්තා පලකරගත් පිං අගමැතිගේ කණ්ඩායම මේ සුදානම් වන්නේ රගර් ක්‍රිඩකයාගේ මරණය ඝාතනයක් ලෙස අර්ථ ගන්වා එම ඝාතනය යෝෂිත රාජපක්ෂ පිට පැටවිමටයි.
2012 මැයි මස 17 වනදින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වී ඇති අතර ඒ සදහා මුල් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලත් තොරතුරු හා සාක්ෂි අධ්‍යයන කිරීමෙන් අනතුරුව මෙම ඝාතනයේ මුල් සැකකරුවා ලෙස යෝෂිත රාජපක්ෂ මේ වන විට කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබී ඇති බවට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කල බවට පසුගියදා යහපාලනආරක්ෂක අමාත්‍යංශයේ සිටින රනිල්ගේ ඇදේ සැතපෙන කොලුවෙකු හරහා පුවතක් පලකර තිබේ.
මිට අමතරව යෝෂිත රාජපක්ෂගේ යෙහෙළියක් වන යසාරා අබේනායක පැවසු බව පවසමින් මුදලට කඩේ යන වෙබ් අඩවියක් හරහා පුවතක් පලකරමින් මෙම පරික්ෂණ සදහා පච ටොන් එකක් වාර්තා කර තිබේ. 
යහපාලනයේ ගූ කන වෙබ් අඩවි කිහිපයක් පලවු පුවතේ කොටසක් ~~නමුත් මෙම පුවත සම්පුර්ණයෙන් අසත්‍ය බව ඇය පවසා තිබේ.

උපුටා ගැන්මකි 
ඉක්මන් කේනිති කාරයෙකු වන යෝෂිත රාජපක්ෂ, තමා සහ මෙම රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් අතර අනියම් සබඳතාවයක් ඇතැයි සැක සිතා මෙම ඝාතනය සඳහා පෙළඹුනු බව යසාරා අබේනායක මෙනවිය චෝදනා කරන්නීය. තාජුඩීන් හා යෝෂිත අතර සිදුවූ බහින් බස් වීමකදී තමාගේ ඇගේ ඇති උපන් ලපයක් පිළිබඳව සඳහන් කලැයි යෝෂිත තාජුඩීන් කෙරෙහි විශාල වෛරයකින් සිට ඇත.
2009 වසරේ එක්තරා දිනක අලුයම් කාලයේ සිදුවූ මෙම ඝාතනය සඳහා යෝෂිත රාජපක්ෂ ඔහුට හිතවත් නාවික හමුදා නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවළුන් යොදා ගත් බව පවසන යසාරා මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මෝටර් රථය තුල තිබියදීම ගිනි තබා තිබේ. පසුව වසීම් තාජුඩීන්ට අයිති මුදල් පසුම්බිය පාක් පාරේ වෙනත් ස්ථානයක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ඉන් තහවුරු වූයේ තාජුඩීන්ව එම ස්ථානයේ ඝාතනය කොට මෝටර් රථය තුලට දමා ගිනි තැබූ බවයි.
ඝාතනයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මෙම පරීක්ෂණය යට ගසා ඇත්තේ කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙනි. ඝාතනය සිදුවීමත් සමග යෝෂිතගේ ඇණවුම පරිදි එහි ගොස් ඇති අනුර සේනානායක කිරුළපන පොලීසියේ රථවාහන අංශය විසින් තබා තිබූ විමර්ශන සටහන් තම භාරයට ගෙන විනාශ කර දැමූ බව යසාරා අබේනායක සඳහන් කර සිටී.
උපුටා ගැන්ම අවසන් 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.