Breaking
23 Feb 2025, Sun

යහපාලන ගූ කන වෙබ් මාධ්‍ය මෛත්‍රීට මඩ ගැසිම අරඹයි- Facebook මඩ බලකාය අලස වේලාලු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම සංධානයේ ජයග්‍රහණය බැවින් ඉදිරියේ දී පක්ෂයේ නායකයන් අතර සුහදතාවය වර්ධනය කර කටයුතු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලනිප නියෝජිත හමුවේදී වත්මන් යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන ගත් තිරණයත් සමග එක්සත් ජාතික පක්ෂයේ ගූ කන වෙබ් මාධ්‍ය මෛත්‍රීපාල ඉලක්ක කර මඩ ගැසීම ආරම්භ කර තිබේ.

ඊයේ රැස්විම සම්බන්ධයෙන් කලබලයට පත්ව සිටින යහපාලන පිහිටෙන් විවිධ නනතුරු සහ වරප්‍රසාදයන් ලබාගත් ඊනියා වෙබ් මාධ්‍යවේදීන් ඊයේ සිට කලබලයට පත්ව ඇති අතර එකිනෙකා පරයා යමින් මේ වනවිට මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාටද මඩ ගැසිම වේගවත් කර තිබේ.මේ අතර පසුගිය දින කිහිපය තුල වෙබ් මාෆියාවේ ගොන් ෆාදර්ලාට ඇදගත් කණ්ඩායම් අතර ඇතිවු ගැටුම සම්පුර්ණයෙන් බොරු රගපැමක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

වෙබ් මාෆියා කරුවන්ගේ මෙම මරා ගැනිල්ල ගැන රනිල් වික්‍රමසිංහ මහතා මංගල සමරවිරගෙන් විමසිමක් කර ඇති අතර එහිදි මංගල පවසා ඇත්තේ එය සම්පූර්ණයෙන් බොරුවක් බවයි.පසුගිය 12 වැනිදා මාතර පැවති මහින්ද සුලග රැළියට එරෙහිව මංගල-සාගල-අකිලගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන මඩ Facebook බලකාය අලස ආකාරයෙන් ක්‍රියාත්මක වි ඇති බවට තමන්ට පැමිණිලි ගලා අ බව රනිල් මංගලට පවසා තිබේ.

මේ අතර රාජපක්ෂලා ඉලක්ක කරගනිමින් මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය පාලනයට එරෙහිව සහ එතුමන් ගේ පාලනය අවසන් වු පසුත් බොරු බෙගාල් යොදා රට දැය බේරාගත් අභීත නායකයාට මඩ ගැසීමට ලංකා ඊ වොයිස් නමින් තවත් මඩ වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිං අගමැති කම ලබාදිම සදහා  අතහිත දුන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ඊයේ (17) රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබේන අතර පස්ස ගෙවේනකම් රාජපක්ෂලාට මඩ ගසා රනිල්ලා සුද්ධ කල කිසිම මාධ්‍ය වෙදියෙකු මෙම අවස්ථාවට ආරාධනා කර නැතිවිම ගැන මේ වනවිට කතාබහට ලක්වෙමින් තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.