Breaking
1 Feb 2025, Sat

Facebook වාරනය සඳහා කොලඹ කාර්යාලය පිහිටුවිමට ඔස්ටින් බරටම වැඩ… 2.50 NGO කාරයෝ ආණ්ඩුව රකින්න මෙහෙයුමක

Published on: May 8, 2018 – ෆේස්බුක් (Facebook) වාරනය සඳහා කොලඹ කාර්යාලයක් පිහිටුවා ගැනීමට ආන්ඩුව යුහුසුළුව කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහනුවර ජාතිවාදී ගැටුමක් ඇතිකර ඒ හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිම සදහා සමාජ ජාලා අක්‍රිය කල වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිරියේදි තමන්ට එරෙහිව eඑල්ල අන සියලුම් සමාජ විරෝධි මත වාරණය කිරිම මෙම කාර්යාලය පිහිටුවිම හරහ සිදුකිරිමට සුදානමින් සිටි.

ෆේස්බුක් පෝස්ට් (Facebook post)නිරීක්ෂනයේ යෙදෙන කාර්යාලයක් කොලඹ පිහිටුවා ගැනීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව තදියමකින් ක්‍රියා කරන බව ද ඊට උඩගෙඩි දීමට විකල්ප කේන්ද්‍රය වැනි සිවිල් සංවිධාන ක්‍රියා කරමින් සිටි.

මේ අතර බීඩීනිවුස්24 (bdnews24) (Link එක ඇතුලත් කර ඇත.) නමැති බංග්ලාදේශයෙන් නිකුත් වන වෙබ් අඩවියේ ලියුම්කරුවෙකුගේ විමසීමකට පිලිතුරු දෙමින් අප්‍රියෙල් 08 වැනිදා  විදුලි සංදේශ නියාමන කොමිසමේ නමට සභාපති සහ කුප්‍රකට ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසා ඇත්තේ

“අප්‍රේල් 4දා ෆේස්බුක් කන්ඩායමක් [කොලඹට] පැමිනීමට නියමිතව තිබුනත් කිසියම් හෝ හේතුවක් නිසා ඔවුන්ට පැමිනීමට හැකි වුනේ නෑ. නමුත් එම කන්ඩායම පැමිනි විගස මෙහි කාර්යාලයක් පිහිටුවීමේ කාරනාව සාකච්ඡාවට ගන්නවා.” යනුවෙනි…

සිංහල භාෂා මාධ්‍යයෙන් පලවන, වාර්ගික ආතතීන් අවුලුවාලන පෝස්ට් නියාමනය කිරීම සඳහා කාර්යාලයක් පිහිටු වීම සිය අරමුන ලෙස ප‍්‍රනාන්දු දක්වතත් සැබෑ හේතුව නම් වෛරී ප‍්‍රකාශන නැවත්වීමේ කඩතුරාවකට මුවා වී සමාජ ජාල වාරනයකට පියවර ගැනීම බව අමුතුවෙන් කිවයුතු නැත.

කම්කරුවන්ට හා තරුනයන්ට සංස්ථාපිතයේ ආයතන හා ජනමාධ්‍ය වල සීමාවන්ගෙන් එපිට ස්වාධීනව සංවිධානය වීමට ඉඩ ප‍්‍රස්තා සලසන බලගතු සන්නිවේදන මෙවලමක් නිදැල්ලේ පැවතීම වත්මන් බැරි බැරියාම සහිත ආන්ඩුවට බරපතල ප්‍රශ්නයක් වි තිබේ.

මාර්තු මාසයේ මුල මහනුවර ආශ්‍රිතව, මුස්ලිම් විරෝධි ප‍්‍රචන්ඩ ක්‍රියා පැතිර යාමට හේතු වූයේ සමාජ ජාල අඩවි බව දක්වමින් මාර්තු 07 වන දින ආන්ඩුව විසින්, ෆේස්බුක්, වට්ස්ඇප් සහ වයිබර් යන සන්නිවේදන මාධ්‍යයන්ට ප‍්‍රවේශය අවහිර කර දමන ලද්දේ හදිසි නීතිය ද පනවමිනි. මෙම වාරනය දින අටක කාලයක් පැවතුනි. ෆේස්බුක් සිය දෛනික ජිවිතයේ කොටසක් කරගෙන සිටින ජනයා අතර විරුද්ධත්වය පැතිරෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම තහනම ඉවත් කිරීමට බල කෙරුනි. විසංනිකො පවතින්නේ ඔහුගේ පාලනය යටතේය.

මාර්තු 15 වැනි දින පැමිනි ෆේස්බුක් නියෝජිත කන්ඩායම ඔස්ටින් ප‍්‍රනාන්දු සමග කල සාකච්ඡාවන්හි දී එලැඹි එකඟතාවන් මොනවාදැයි එලිදරවු කර නොමැත. මේ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල ප‍්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වූයේ මෙම එකඟතා පිලිබඳ ප‍්‍රගති සමාලෝචනයක් දෙපාර්ශ්වය අතර නියමිත කාල රාමුවක් තුල සිදු කර වඩාත් කාර්යක්ෂම හා ඵලදායී පියවර ගන්නා බවයි.

සිරිසේනගේ වහසී බස්

අප්‍රේල් 17 දා ලන්ඩනයේදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඇමතු සිරිසේන ප‍්‍රකාශ කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් සංවර්ධනය සඳහා ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලට නිසිලෙස මහජනයාට සන්නිවේදනය නොකෙරන බවයි.

“ඊට ප‍්‍රධාන හේතුව නම් සමහර ජනමාධ්‍ය සහ සමාජජාල බොරු හුවා දක්වමින් සත්‍යය වසන් කරමින් පටු දේශපාලන හා වානිජමය වාසි ලබා ගැනීමට ක්‍රියා කිරීම බව” ඔහු කිවේය.

සමාජ ජාල වාරනයේ උත්සුකය පාලක පන්තියට දිගුකාලීනව පැවතියකි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2013 ජූනි මස දී පැවැත්වූ කතාවක දී ඊජිප්තු විප්ලවය ගැන සඳහන් කරමින් එය සංවිධානය කිරීමේදී නුතන සන්නිවේදන මාධ්‍ය භාවිතය ගැන අනතුරු ඇඟවුයේය.

 

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.