Breaking
23 Feb 2025, Sun

රනිල්ගේ FCID මජර පොලිසිය වහාම පන්නනු

පොලිස්‌පති විසින් 2015-02-13 දින පිහිටුවනු ලැබූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අවලංගු කොට එමගින් මෙතෙක්‌ කළ විමර්ශන හා අත්අඩංගුවට ගැනීම් ඇතුළු සියලු කාර්යයන් බලරහිත කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා යන දෙදෙනා එක්‌ව ඊයේ (05 වැනිදා) අභියාචනාධිකරණයට රිට්‌ පෙත්සමක්‌ ගොනු කළා.නීතිඥ ලක්‌සිරි ද සිල්වා මගින් පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පවත්වා අවසන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරන තුරු එකී පොලිස්‌ ඒකකයේ කටයුතු අත්හිටවිය යුතු බවට පොලිස්‌පතිට සහ එම පොලිස්‌ ඒකකයේ නිලධාරීන්ට අතුරු තහනමක්‌ පනවන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කරුවන් දෙදෙනාම කියා සිටින්නේ ජනතාවගේ යහපත පිණිස පෙත්සම ගොනු කළ බවයි. සෑහෙන කාලයක සිට සමාජ සුබසාධනය වෙනුවෙන් විශේෂයෙන්ම දුප්පත් ජනතාවගේ ජනජීවිතය නගාසිටුවීමට කැපවී කටයුතු කරන තමන්ට ජනතාව වෙනුවෙන් මෙම ප්‍රශ්නයට මැදිහත්වීමට අයිතියක්‌ ඇති බවද පෙත්සම්කරුවෝ කියා සිටිති. 

මුල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය පිහිටුවීමට නියෝග කරමින් පොලිස්‌පති නිකුත් කළ ගැසට්‌ නිවේදනයේ සඳහන් වන අන්දමට එම ඒකකය මගින් සිදුකරනු ලබන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ මෙහෙයවීම යටතේ ක්‍රියාකරන ඇමැති අනුකමිටුවට යොමුකරන විශේෂ පැමිණිලි විමර්ශනය කිරීමය. පොලිස්‌පතිට පොලිස්‌ ආඥපනතේ 55 වෙනි වගන්තිය යටතේ වෙනම අංශයක්‌ පිහිටුවීමට බලයක්‌ නැති බවත් ඔහුට කළ හැක්‌කේ පොලිසියේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට අදාළව නියෝග නිකුත් කිරීමට පමණක්‌ බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්නා දී ඇත. 

එනිසා නීති විරෝධී අංශයක්‌ වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය අවලංගු කරමින් “සර්ටියෝරාරි” රිට්‌ ආඥවක්‌ මගින් අවලංගු කරන ලෙස පෙත්සම්කරුවෝ ඉන් ඉල්ලා සිටිති. 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.