Featured

FCIDය නමට හරි තියෙන්න ඔනෑ -FCID අහෝසිය නතර වේ

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හෙවත් (FCID)ය තවදුරටත් නමට හෝ පවත්වාගෙන යෑමට තමන් තිරණය කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශ්‍රීලනිප බත් බැලයන් සමග පැවති සාකච්ඡාවකදි පොරොන්දු වු බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID)තවදුරටත් පවත්වාගෙන යෑම හරහා ජාතික ආණ්ඩුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හිමි ස්ථානය ලගදිම අහිමි යනු ඇති බව ශ්‍රිලනිප මෛත්‍රී පිළේ බත් බැලයන් හා ජනාධිපතිවරයා අතර කැබිනෙට්ටුවෙන් පසුව පැවැති හමුවේදි එම පිළේ මන්ත්‍රීවරුන් පෙන්වා දිමෙන් පසුව FCIDය විසුරුවාලීමට ශ්‍රීලනීපයේ මෛත්‍රී පිළ ජනාධිපතිවයාට බලපෑම් කල අතර අමාත්‍ය රාජිත සේනාරත්නගේ බලවත්ම ඉල්ලිමද වුයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි කරන ලෙස වන අතර රාජිත සිය මාධ්‍ය බැටැලියනය මෙහෙයවා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයයේ නිළධාරීන්ට මඩ ගැසිමට කටයුතු කල අතර ප්‍රසිද්ධියේමද FCIDය විවේචනය කර තිබුනා.

පොලිස්පති පුජිත් ජයසුන්දර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පත්විමක් බවත් අගමැතිවරයාගේ හෝ සාගල රත්නායකගේ වචනයට පිටින් ඔහු කිසිවක් නොකරන වද ශ්‍රීලනිප බත්බැලයන් පෙන්වා දි ඇති අතර ඒ වැනි පොලිස්පතිවරයෙකු යටතේ පිහිටුවා ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සම්බන්ධයෙන් තමන්ට කිසිදු සාධාරණයක් ඉටුවේ යැයි විශ්වාසය තැබිය නොහැකි බවයි ඔහුන් පෙන්වා දි ඇත්තේ.

මෙහිදි ජනාධිපතිවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ FCIDය සම්බන්ධයෙන් තමන්ටද ගැටලු ඇති නමුත් තමන්ගේ ආරක්ෂාවට FCIDය පවත්වාගෙන යැම අතිශය වැදගත් බවයි.කෙසේ නමුත් FCIDය හා ශ්‍රීලනීප මෛත්‍රී බත් බැලයන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් ඉක්මනින්ම දෙපාර්ශවයේ අතර ඇති ගැටුම සමථයකට පත්කරන බවද ජනපති පොරොන්දු දි තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයේ ඇමතිවරුන් සමග ඇති පෞද්ගලික තරහා පිරිමහා ගැනිමට FCIDය හරහා කටයුතු කරමින් සිටින බව මෛත්‍රී පිළ පෙන්වා දි ඇති අතර FCIDය විසුරුවාලීමට කටයුතු නොකරන්නේ නම් තමන්ට එරෙහිව චෝදනා ගොනු නොකිරිමට පියවර ගතයුතු බවටද ඉල්ලිමක් කර තිබේ.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිළේ බත් බැලයන්ට මේ සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ හමුවි සාකච්ඡා කිරිමට අවස්ථාව උදාවි ඇති අතර එම සාකච්ඡාවට ජනාධිපතිවරයාද සහභාගි විමට නියමිතයි.

http://www.lankanewsweb.today/archives/11046

Top