Breaking
23 Feb 2025, Sun

යහපාලන වට්ටි අම්මාගේ FCID නාඩගම(Audio)- ගෝඨාභයගේ හෙලිදරව්ව

මාධ්‍ය නිදහස කියා රටට කියමින් යහාපලනය මාධ්‍යයට තර්ජනය කරමින් සිටින බවත් අධිකරණය ස්වාධීන යැයි කියමින් විනිසුරුවරුන්ට ත්ර්ජනය කරමින් තින්දු ලබාගන්නා තැනට යහපාලනය කටයුතු කරමින් සිටින බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම් සිදුකරන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ අවශ්‍යතාව මත බවද  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

තමාද මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමට කටයුතු කළ අවස්ථාවේ අධිකරණයේ පිිහිට නොපැතුවේ නම්, නිසැක වශයෙන්ම අත්අඩංගුවට ගන්නා බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේ.චෝදනා එල්ල කරමින් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ, ප්‍රශ්න කිරීම් නොව අත්අඩංගුවට ගැනීම බව අන්තර්ජාතික වශයෙන් විකාශය වන මෙරට රූපවාහිනි නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා ඒ බව කියාසිටියා.

වත්මන් ආණ්ඩුව කෙටි කාලයක් තුළ සිදු කළ විවිධ අදූරදර්ශී ක්‍රියා කිසිදු අන්තර්ජාතික මාධ්‍යයක ප්‍රචාරය නොවන බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ. බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මත්තෙන් ඒ සඳහා බන්ධනාගාරය සූදානම් කර තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කියාසිටියා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.