Breaking
11 Feb 2026, Wed

විශ්‍රාමික සිල්වෙස්ටර්ගෙ මේජර් ජෙනරාල් පට්ටම ගැලවෙයි ? “FRAUD ENLISTMENT” වංචනිකව හමුදාවට බැඳිලා..! දවස් දෙකක ඉපදිලා. උප්පැන්න සහතික දෙකක්..!

” මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය” ගෝචර ඔබට “උපත් දෙකක් ඇති මිනිසෙක් ඉල්ලං කෑය” පහත කියවීමෙහි පෙරවදන ලෙස කෙටි කොට සටහන් තබමි.”ඉල්ලං” යන වචනය වෙනුවට “අසූචි” “ගූ” වෙනි ආදර්ශකයන් භාවිතය පාඨක රසාස්වාදය , කථානායක තෙමේ සබැඳිව ඔබගේ මතකයන් සහ අත්දැකීම් මත තීරණය වන්නකි.

පෘථිවිය මතුපිට ඕනෑම ජීවියෙකුගේ ජන්මය වසරේ දින 365 .25 තුළ එක් දිනක, එක මොහොතක එක් නිමේෂයක සිදුවන්නකි. මරණයද එසේමය.මානවයාටද  එය එකසේමය.එක් එක් මිනිසාට වෙන් වෙන් වූ ජන්ම දිනයන් මෙන්ම අතිශය බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ට උපන් වෙලාව අනුව වේලපත්කඩයක් නොහොත් කේන්දරයක් පැවත ආවෝය.හතර කේන්දරය පාලු අපතයෝ ඒ අතර නැත්තේම නොවන්නෝය.ඔවුහු ඔහුනට මෙන්ම අන් අයටද සාපයකි.

ස්වභාවධර්මයාට මෙන්ම ක්වොන්ටම් භෞතික විද්‍යාවටද අභියෝග කරමින් මුතු ඇටයේ කොන්ඩම් නොතිබුණු “70” දශකයේ දින දෙකකදී කරුමෙට ජාතක වූ අරුම පුදුම මිනිසා ජූලියස් සිල්වෙස්ටර් පෙරේරා අද අප කතානායක තෙමේ වන්නෝය.

උපන් දිනය සහ වංචනිකව හමුදාවට බැඳීම පිළිබඳව හැරුණු කොට ඔහුගේ උප්පත්තිය සඳහා පාදක වූ ඩිම්බය සහ ශුක්‍රාණුව කාගේද යන වග , අවස්ථා සම්බන්ධය හෝ වාසගම පිළිබඳ සදාචාරාත්මක හේතූන් මත කිසිවක් නොපවසමි. මව නම් අප දනිමු. පියා නම් නොදනිමු.

පළමු උප්පත්තිය…

වර්තමානයෙහි විශ්‍රාමික නිලධාරි අංක 62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා නොහොත් ජුලියස් සිල්වෙස්ටර් පෙරේරා1990 සැප්තැම්බර් මස 02 වන දින කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට පාඨමාලා අංක 08 යටතේ කැඩෙට් නිලධාරීවරයෙකු වශයෙන් යුද හමුදාවට වංචනිකව ඇතුළත් වූ අයෙකි.

එය සනාථ කිරීම වස් මේ මොහොත වන විටද 1990 වර්ෂයේ ඔහු විසින් සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීමට ලබාදුන් ව්‍යාජ දත්ත ඇතුළත් අයදුම් පත්‍රය, බදවා ගැනීමේදී ඔහුගේම අත් අකුරෙන් සටහන්ව තිබූ පෞද්ගලික විස්තර ලියවිලි සහ කොටින්ම ව්‍යාජ දත්ත ඇතුළත් බදවා ගැනීමේදී ලබාදුන් උප්පැන්න සහතිකය, පමණක් නොව අධිකාරියට අපත්ව ගැමුණු හේවා රෙජිමේන්තුවට ඇතුලත් වීමේදී ලබාදුන් ව්‍යාජ දත්ත සටහන්ද සටහන්කරු සතුය.

එකී ව්‍යාජ්‍ය ලේඛනයන්ට පරිබාහිරව 1992 සැප්තැම්බර් මාස 11වන දින දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව මේජර් ජෙනරාල්වරයකු වශයෙන් විශ්‍රාම යනතෙක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෑම වසරකම නිකුත් කරනු ලබන ජේෂ්ඨතා නාමලේඛනයන්හි ඔහුගේ උපන් දිනය ලෙස සඳහන් දිනයන්ද මවිල් සීරුවෙන් තබන ප්‍රබල සාක්ෂණය .

ඒ අනුව ගත් කල මොහුගේ පළමු උප්පත්තිය සිදුව ඇත්තේ 1970 ජුනි මස 6 වන දිනය. ඊට අනුලෝමව හා සමානුපාතිකව මොහු විසින් ව්‍යාජ උප්පැන්න සහතික සහ තොරතුරු ලබා දෙමින් වංචනිකව යුද හමුදාවට ඇතුළත්ව ඇති බව ප්‍රත්‍යක්ෂය.

ඉහත දිනයෙහි ජාතක වූවෙක් නම් වසර 55 සම්පූර්ණ කිරීමෙන් පසු මොහු විශ්‍රාම යෑමට නියමිතව තිබූයේ 2025 වර්ෂයේ ජුනි මස 05වන දිනය. නමුත් එය එසේ නොවීම තුළින් වසර තිස් පහක් මුල්බැස සැඟවුණු අපරාධයක වංචනික සාරයෙන් පෝෂිත වූ මෙලෝ රහක් නොමැති වල් පැලයක අකලයට මල් හට ගත්තෝය.

එසේ පිපුණු මල් නොතලා රොන් නොගෙන තොරතුරු පමණක් ගත් මම බබරෙකු නොවෙමි. නිලය තනතුර සහ බලය ලන්සුවට තබමින් අවභාවිතා කළ සිල්වෙස්ටර්ගෙ පාදඩ චරියාවෙන් අසාධාරණයට ලක් වූ නිලධාරීහු සිය ගණනකින් එක් වින්දිතයෙක් පමණි. නමුත් බබරුන්ට වඩා නම් විෂය .උග්‍ර විෂය.

දෙවන උප්පත්තිය…

ව්‍යාජ ලේඛන ලබා දෙමින් “Fraud Enlistment”  “වංචනික බඳවා ගැනීම්”  ලෙස යුද හමුදාවට කූට ලෙස ඇතුළත්ව ජුලියස් සිල්වෙස්ට පෙරේරා වසර තිස්පහක සේවා කාලයක් වංචාව සඟවා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල තනතුරු තානාන්තර මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික තනතුරු තානාන්තරද හොබවා 2025 වසරෙහි ජූලි මස 05 වන දින මේජර් ජෙනරාල් නිලයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබීය.

වසර පනස් පහ පිරීමෙන් අනතුරුව යුද හමුදා නිලධාරීවරයකු විශ්‍රාම ගතයුතු අතර 2025 ජූලි මස 05 වන දිනට වසර පනස් පහක් සම්පූර්ණ වීමට නම් ඔහුගේ උපන්දිනය විය යුත්තේ 1970 ජූලි මස 6 වන දිනය.

1970 ජූලි මස 6 වන දින ඔහුගේ දෙවැනි උප්පත්තිය ලෙස සටහන් කරමි.

රනිල්ගේ හයියෙන් වැඩේ කරලා…

හිටපු ජනාධිපතිවරයෙකු වන වික්‍රමසිංහ තමාගේ “ගෝඩ් ෆාදර්” ලෙස හඳුන්වා දෙමින් රනිල් වික්‍රමසිංහ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙහි සේවය කළ මොහු එවක රාජ්‍ය අනුග්‍රාහය යටතේ දෙවන උප්පැන්න සහතිකය පහළ නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් පරිගණක සහ ලේඛන පරිපාලන දත්ත පද්ධතින් වෙත ඇතුළත් කර තිබේ.

විශ්‍රාම යෑමට ප්‍රතිලෝමව හා සමානුපාතිකව එසේ සකසන ලද උප්පැන්න සහතිකය පසුකාලීනව පරිපාලන යාන්ත්‍රණයේ දෙවන කොටසට එක් කිරීමේ කර්තව්‍ය ඔහු විසින් යුද හමුදා මූලස්ථානයේ මරුමස්ථාන තනතුරක් වන යුද ලේකම් තනතුර දරන අවස්ථාවේ බලය සහ නිලය අවභාවිතා කරමින් හිරිකිතයකින් තොරව සිදුකර තිබේ.

පෙන්ෂන් ගියත් වැඩ වරදින වරදවල් තුනෙන් එකක්….

1949 අංක 17 දරණ යුද හමුදා පනතෙහි පනස් හයවන වගන්තියෙහි සඳහන්ව ඇති වරදවල් තුනකි.
කැරලි ගැසීම , පැනයාම සහ වංචනිකව යුද හමුදාවට බැඳීම එකී වරදවල් ත්‍රිත්වය වන්නෝය. එම වරදවල් සඳහා කාල නිර්ණයක් නොමැති බැවින් මේජර් ජෙනරාල් ජූලියස් සිල්වෙස්ටර් පෙරේරා විශ්‍රාම ගියද ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ හැක.

වරද….

වසර විස්සක් උපන් දින සමරා තරුණයෙකු ලෙස 1990 සැප්තැම්බර් මස 03 වන දින යුද හමුදාවට එක්වන සිල්වෙස්ටර් පෙරේරා ලබාදුන් උප්පැන්න සහතිකයෙහි මෙන්ම අතුරු ලියවිලි සියල්ලෙහි ඔහුගේ උපන්දිනය ලෙස 1970 ජුනි මස 6 වන දින සටහන් වීම සහ සටහන් කිරීම මොහු මෙම ක්‍රියාව මනා සිහි නුවණින් හිතාමතා සිදුකළ කූට ක්‍රියාවක් බව බවට තහවුරු කර අවසන්ය.මනා සිහිනුවණින් සිටිය බව එවක බඳවා ගැනීමේදී සිදුකළ මානසික හා වෛද්‍ය පරීක්ෂණයක්ද තහවුරු කළ අවසන්ය.

එවන් පසුබිමක වසර ගණනාවකට පසු වෙනත් දිනයක් සඳහන් උප්පත්තියක උප්පැන්න සහතිකයක් ලබාදීම සහ එය යුද හමුදා අභ්‍යන්තර පරිපාලනයෙහි ලේඛක සහ පරිගණකගත කිරීම, එම උපන්දිනයට බලපැවැත්වෙන අයුරින් විශ්‍රාම යෑම සහ විශ්‍රාම ලියවිලි ඉදිරිපත් කරමින් විශ්‍රාම වැටුප් ලබා ගැනීම එකසේම බරපතල කාරණා වන්නෝය.

තවද මීසම යටතේ ළමා විය ගෙවූ මොහු යුද හමුදාවට බැඳීමේදී ලබා දී තිබෙන අධ්‍යාපන සහතිකයන් සබඳිවද ගැටලු රාශියක් පවතී

මේජර් ජනරාල් පට්ටම ගැලවීම සහ වසර තුනක සිර දඬුවම්…

1949 අංක 17 දරණ යුද හමුදා පනතෙහි වගන්ති අංක 104ට අනුව සංග්‍රාමික නීතියට අනුව වරදකරුවෙකු වන මොහුට බරපතල වැඩ සහිතව වසර තුනකට නොඅඩු සිර දඬුවම් හිමි වෙන අතර මේජර් ජෙනරාල් තනතුර සහ විශ්‍රාම වැටුප ද අහිමි වේ.

තවදුරටත් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග තුළින් රජය මොහු සඳහා වියදම් කළ සියලු මුදල් නැවත අයකර ගැනීමට ද නෛතික ප්‍රතිපාදන යවත්කාලීනව ඇත.

සේනාධිනායක ජනාධිපතිතුමනි…!

සේනාධි නායක වශයෙන් ඔබ නොදැන ඔබගේ අත්සනද අවභාවිතා කරමින් මෙම නිලධාරිවරයා යුද ලේකම්වරයා වශයෙන් සේවය කරන සමයේ යුද හමුදාවේ අති දක්ෂ නිලධාරීහු විශ්‍රාම ගැන්වූවෝය.ලංකා ඉතිහාසයේ පලවන වතාවට ” පසුගිය දිනයක් යොදවමින්” (.Back dated) නිලධාරියෙකු විශ්‍රාම ගැන්වූයේ සේනාධි නායකවරයා වශයෙන් ඔබතුමා නොදැන ගැසූ එක් පෑන් පහරකිනි.

එසේ ජනාධිපතිවරයා වශයෙන් ඔබව ද නොමග යවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කටයුත්තක් පවතින විටදී කර්නල් රවින්ද්‍ර මිගමාරච්චි ” පසුගිය දිනයක් යොදවමින්” (.Back dated) කර අනීතිකව විශ්‍රාම ගැන්වූයේද යුද හමුදාවට වංචනිකව ඇතුළත්ව අද වන විට විශ්‍රාම සුවයෙන් සිටින මේජර් ජෙනරාල් සිල්වෙස්ට පෙරේරාය.

රවින්ද්‍ර මීගමාරච්චි ගෙන් විමසුවහොත් සේනාධි නායක වශයෙන් ජනාධිපතිවරයා වන ඔබ නොදැන මොහු විසින් ජනාධිපති විධායක බලතල අවභාවිතා කළ අයුරු කොනෙක සිට දැන ගත හැක.මෙම මූලාශ්‍ර මත පදනම්ව විමර්ශනයක් සිදුකර වහාම මේජර් ජනරාල් සිල්වෙස්ටර් පෙරේරා නීතිය ඉදිරියට ගෙනැවිත් දැඩිව නීතිය ක්‍රියාත්මක කර මේජර් ජනරාල් පට්ටම ගලවා සිරගත කරන තෙක් බලා සිටිනෙමු.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත…

අපටද එක පාසලේ එකම පන්ති කාමරයේ මිතුරෝ නම් සිටිති එනමුදු ඔහුනගෙන් අයෙකු රෙද්දෙ ගූ ගාගත් කල්හි අප සේදීමට හෝ ඔහු සැඟවීමට නොයමු. එසේ කලෝනම් සමස්ත හමුදාවම ගඳ ගස්සන්නෝද අපම වන්නෝය.

එසේ ජනාධිපතිතුමා මැදිහත් වන තෙක් බලා නොසිට පාසල් මිතුරු දම් අමතක කර සිල්වෙස්ටර් පෙරේරා හට වරදට දඬුවම ලබා දෙන තෙක් බලා සිටිමු.ආයතන ප්‍රධානියා වශයෙන් නෛතිකවද ඔබ ඒ සඳහා බැඳී සිටිනුයේ ක්‍රියාත්මක නොවීම අනුබල දීමක් ලෙස අල්ලස් කොමිසම ඉදිරියේ වුවද යම් කලෙක කරළියට පැමිණිය හැකි බැවිනි.

 

AD/Asia Pacific Defence Reporter

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *