Breaking
21 Feb 2025, Fri

රනිල් – බැසිල් කුමන්ත්‍රණයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කණේ පහරක්!පාලන ආයතන ආපසු කැඳවීමට බෑ! වහා මැතිවරණයක් පවත්වනු!

විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන ආපසු කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලය පවරා දෙන ලෙස බැසිල්ගේ හෙංචයියෙකු වන මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගෙන ආ පාර්ලිමේන්තු කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

අධිකරණයට බලපෑම්කර පාර්ලිමේන්තුවේ බහුතරය හරහා මැතිවරණයක් නොපවත්වා සිටිම හරහා පොහොට්ටුවේ ප්‍රාදේශිය බත් බැලයන් රැක ගැනිම මෙම කෙටුම්පතේ අරමුණ වි තිබුනා.එය ජූලි මස 05 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබුනා.

කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය ජුලි මාසයේ පෙත්සමක් ඉදිරිපත් කළා.මිට අමතරව අදාල යෝජනාව මහ නගර සභා සංශෝධන ආඥා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සහ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ කොළඹ මහා නගරසභා නගරාධිපති අපේක්ෂීකා ව්‍රයි බල්තසාර් ද පෙත්සම් ඉදිරිපත් කර තිබුනා.

රනිල් රාජපක්ෂලාගේ රේජිමයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ තවත් ජයක් සනිටුහන් කරමින් කැටගොඩගේ පෙත්සමට අදාල තීන්දුව කතානයකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර සිටි අතර ඒ අනුව

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් තුනෙහිම 2 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 12(1), 82, 83 සහ 104ආ යන ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනනුකූල වන බැවින් “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති මෙම පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවයි.”

ජනතා නියෝජිතයින් ජනතාව විසින් ලබාදෙන ලද ධුර කාලය ඉක්මවා කටයුතු කිරීමද මන්ත්‍රීවරයා විසින් අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීම පිළිබඳවද පැෆ්රල් සංවිධානය දිගින් දිගටම සිය අප්‍රසාදය පලකරන ලදී. පසුගිය ජූලි මස 12 වන දින SC(SD)NO25/2023 අංක දරණ මෙම පෙත්සම ගොනුකරන ලද අතර මෙමගින් වගඋත්තරකරුවන් කර සිටියේ පා.ම ජයන්ත කැටගොඩ හා නීතිපතිවරයායි.

මෙම තීන්දුව මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලද මහඟු ජයග්‍රහණයකි. එමෙන්ම අත්තනෝමතික ලෙස කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය ලබාගැනීමට අදාලව පැෆ්රල් සංවිධානය හා තවත් පාර්ශව එක්ව ගොනුකර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් මගින්ද මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට කටයුතු කරන අතරම මෑතකාලීනව දේශපාලනඥයන් සිය බලය තහවුරු කරගැනීම සඳහා පාර්ලිමේන්තුව අවභාවිත කරමින් ප්‍රජාතන්ත්‍රීය අගයන් හෑල්ලු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට තිබුනද මෙම තීරණය මගින් අවධාරණය කර ඇත්තේ එලෙස දිගින් දිගටම සිදුකල නොහැකි බවයි 𝙿𝙰𝙵𝙵𝚁𝙴𝙻 විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ.


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.