Featured

දහම් සිරිසේනගේ Night Club ප්‍රහාරයේ සම්පූර්ණ CCTV දර්ශණ මෙන්න

Published 2016/10/09-  කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන එම සමාජ ශාලාවේ සේවකයෙකුට බරපතල ලෙස පහරදි ඔහුගේ හිසට තුවාල කිරීම සම්බන්දයෙන්  වූ CCTV දර්ශන රටේ ජනතාව වෙත මුදා හැරීමට අප තීරණය කර තිබේ.

වත්මන් ජනාධිපති වරයාගේ පුත්‍රයා විසින්  සිදු කරන ලද පහර දීම පිලිබදව අප ඊයේ උදෑසනම අනාවරණය කල අතර නිතිය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව රටේ ජනතාවට වත්මන් ජනාධිපති වරයා දුන් පොරොන්දු සිද්ධියෙන්  පැය 24 කටත් පසු පට්ටපල් කෙප්පයක් බව තහවුරු වී ඇත්තේ යහපාලනය යනු බෙදුම්වාදී ඉත්තන්ගේ නමක් පමණක් බව තහවුරු කරමින්‍.

අප මේ නිකුත් කරන්නේ. ජනාධිපති ආරක්ෂක අංශයේ මැර කණ්ඩායම සහිතව ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ධර් රථ 5කින් පමණ පැමිනි දහම් සිරිසේන සමාජ ශාලාවට බලහත්කාරයෙන් ඇතුල් විමට උත්සහ දරා ඇති අතර එය වැලැක්විමට උත්සහ ගත සමාජ ශාලාවේ සේවකයෙකු උත්සහ කිරිමත් සමග ඔහුට පහරදි එම දොරටුව අසන්නයේ තිබු විශාල මල්පොච්චියක් එම සේවකයාගේ හිසමතට දමාගැසිමට දහම් සිරිසේන ඇතුලු මැර කණ්ඩායම කටයුතු කරන අකාරය දැක්වෙන CCTV දර්ශණයයි.

අදාළ සේවකයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර ඇති අතර එම පැමිණිල්ලේද දහම් සිරිසේන තමන්ට පහරදුන් බව සදහන් කර තිබේ.අදාළ පහරදෙන අවස්ථාවේ රූපරාමු එම සමාජ ශාලාවේ CCTV කැමරාවල පටිගත වි ඇති අතර පසුව පොලිසිය පැමිණ එවා ඉවත් කර ගැනිමට කටයුතු කර තිබේන ද කෙසේවෙතත් ඉවත් කිරිමට පෙර අදාළ CCTV කැමරාවල පටිගත වි ඇති සිරිසේනගේ මැර කණ්ඩායමේ පහරදිම අදාළ් කොටස අප විශේෂ වාර්තාකරු ලබා ගැනිමට සමත්ව ඇති අතර දහමට  එරෙහිව නිතිය ක්‍රියාත්මක නොවන්නේ නම් එම දර්ශන එකිනෙක මුදා හැරීමට අප සුදානම් බවට අනතුරු අගවා සිටිමු.

නීතිය නැමිමට දතකන කොන්දක් නැති පොලිස්පති පුජිත්ට රිය අනතුරින් මැරුණු තජුඩින්ලාගේ CCTV දර්ශණ සොයමින් රට වටේ ගිය හැටිත්  ප්‍රා නායකයා සන්දීප් හප්පා ගිය CCTV මකා දැමිමට කටයුතු කල හැටිත් අමතක නැතුව ඇති…. පොලිස්පතිට අපි අභියෝග කර සිටින්නේ හැකිනම් මේ CCTv දර්ශණවල දකින එකෙකු හෝ අත් අඩංගුවට ගෙන් පෙන්වන ලෙසයි.

යහපාලන අමන පාලකයන්ට අනතුරු ඇගවිමක්… මේ අපි නිකුත් කරන්නේ අප සතුව ඇති සාක්ෂි වලින් කොටසක් පමණි තවදුරටත් නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් තව බොහෝ දෑ ඉදිරියේදි අනාවරණය වනු ඇත.

මැර දහම් සිරිසේන ඇතුලු PSD ආරක්ෂකයන් සමාජ ශාලාවේ සේවකයාට පහරදෙන අයුරු 

මැර දහම් සිරිසේන ඇතුලු PSD ආරක්ෂකයන් සමාජ ශාලාවේ සේවකයාට පහරදෙන අයුරු වෙනත් කොණයකින්…

http://www.lankanewsweb.today/archives/13616

http://www.lankanewsweb.today/archives/13641

Top