Featured

IMF නිර්දේශ කැබිනට් මණ්ඩලයට නෑ-“තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න ” මෛත්‍රී සන්ධාන බත් බැලයන්ගේ කට වහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමට එකඟවී තිබෙන බවත් ඒ සදහා අනිවාර්යයෙන්ම අහ ඉක්මනින්ම සිදුකලයුතු බදු සංශෝධන කිහිපයක් පිළිබඳව වු කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අගමැතිවරයා ඉදිරිපත් කිරිමට සුදානම් විමේදි එය වැලැක්විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇති අතර “මේවා පරිස්සමෙන් කළ යුතු දේවල්. ගැටලුවක් ඇති නොවෙන ආකාරයට මේවා කරන්න ඕන. මේවා එළියට යන්න දෙන්න එපා. ඒ ගැන කතා කරන්න අපි වෙනම කැබිනට් රැස්වීමක් කැඳවමු” යනුවෙන් පවසමින් කැබිනට්ටුවේ ඇමතිවරුන් දෙස අවඥා සහගත බැල්මක් හෙලා තිබේ.

ඒ අනුව රනිල් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව යළිත් එකතු කරගත්තේය. කිසිම ඇමැතිවරයෙක්ට එය කැබිනට් මණ්ඩලයෙන් පිටතට ගෙන ඒමට නොහැකි වු අතර එජාපයේ කුලීකරුවන් වි සිටින සන්ධාන ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදි ජනාධිපතිවරයා ඔහුන්ට දන්වා ඇත්තේ “තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න “යනුවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත පොහොර සහනාධාර ඇතුලු තවත් සහනාධාර රැසක් කපා හැරිම, භාණ්ඩ සහ සේවා වෙනුවෙන් වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ දැමීම,ආදායම් බද්ද 15% සිට 17.5% ක් දක්වා ඉහළ දැමිම ඇතුලු තවත් බදු රැසක් ඉහල දැමිමට අදාළ කැබිනට් පත්‍රිකාව හරහා කටයුතු සම්පාදනය කර තිබේ.

අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර එහි අඩංගු කරුණු ක්‍රියාත්මක කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපතිවරයා එකඟතාව පලකර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

Top