Breaking
2 Mar 2025, Sun

හොරාට කලින් වැටත් අරන් පැනිම හෙවත් බහාලුම් 323ක් ගිය පාර! රේගු අධ්‍යක්ෂක ඥාන අක්කාගේ මල්ලිද?

ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (29) පස්වරුවේ නිකුත් කර තිබේ.

කරුණු 8කින් යුත් මෙම නිවේදනයේ භාණ්ඩ නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව අනුගමනය කරන ක්‍රමවේදය, පරික්ෂාව සඳහා තෝරා ගන්නා ලද බහාලුම් නිදහස් කිරීම ප්‍රමාදවීමට හේතු වූ කරුණු ද එහි ඇතුළත් කර තිබේන අතර එහි ඇති විශේෂම කරුණ වන්නේ ඉහත සඳහන් බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන බවත් විශේෂයෙන් සඳහන් කර තිබිමයි.

තවද අවි ආයුධ, රත්‍රන් හා මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ හැකියාවක් නොපැවති බවත් එම නිවේදනයෙන් ශ්‍රී ලංකා රේතුව වැඩිදුරටත් පෙන්වා දි තිබේ.

උපුටා ගැන්ම ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කල නිවේදනයේ 8 වන වගන්තිය.

08. එසේම ඉහත සඳහන් බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන අතර, අවි ආයුධ, රත්රන් හා මත් ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමි වීමේ හැකියාවක් නොපැවති බව සඳහන් කරමි.

උපුටා ගැන්ම අවසන් 

බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කල බව අමාත්‍යවරුන්ගේ සිට රේගු අධ්‍යක්ෂක ජනරාල් දක්වාම පිලිගැනිම දැන් සිදුකර අවසන් ය.ඒ තත්ත්වයට හෙලිකර ගැනිම සදහා රටේ බලපෑම් කණ්ඩායම් කල කාර්යභාරය අගයකල යුතුමය. හරි අධ්‍යක්ෂක ජනරාල් කියන අකාරයටම අප ප්‍රශ්ණය දෙස බැලුවහොත් අවි ආයුධ, රත්‍රන් හා මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ හැකියාවක් නොමැති බව ඔහු ටක්කෙටම පවසන්නෙ කෙසේද? එය අ නුරාධපුර ඥාන අක්කාගෙන් අසා දැනගත්තේ නම් එය රටේ ජනතාවටද දැනගැනිමට ද අයිතියක් ඇත. අනික් අතට එම කන්ටේනර් තුල ප්‍රශ්ණගත මුදාහැරිම සම්බන්ධයෙන් සමාජයතුල කතාබහට ලක්වන  බස්නාහිර ආණ්ඩුකාරවරයා විධායක අධ්‍යක්ෂක ධුරය දරන එස්පෝ ලංකා යන ආයතනයට අයිති කිසිදු බහාලුමක් නැති බවට තහවුරු කිරිමය. එසේනම් එම් බහාලුම්වල අයිතිය ඇත්තේ කාටද යන්න දැන ගැනිමට ජනතාවට අයිතියක් ඇත.

වරාය බාර ඇමතිතුමාට පුලුවන්නම් වටේ යන්නැතුව ඔය කන්ටේනර් 323 ගෙනාපු අයගෙ නම් ලැයිස්තුවයි, එයාල ඉන්වොයිස් කරලා ගෙන්නපු බඩු ලැයිස්තුව ප්‍රකාශයට පත්කරන්න. එතකොට දැන ගන්න පුලුවන් ඔය ගෙන්වපු ආයතන වල නියම අයිතිකාරයො කව්ද කියලා.

එය දැන ගන්නා තුරු බලපැම් කණ්ඩායම් සටන්  කලයුතු අතර වැඩකට නැති විපක්ෂයටද අවශ්‍යනම් ජනතාව වෙනුවෙන් මේ සදහා සටන් කල හැක.

මේ අතර  බහළුම් 323ක් පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ්  සඳහන් කරයි.ඔහු පෙන්වා දෙන්නේ මෙම බහාළුම් නිදහස් කිරීම සම්බන්ධ තමන්ට කිසිදු සබඳතාවයක් නොමැති බවයි.එම බහාලුම් එක්ස්පෝ ලංකා සමාගමට අයත් බවට විවිධ පාර්ශවවලින් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා කියා සිටියේ මේ වන විට අදාළ සමාගම සමඟ තමන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව කියා පැමටද ඔහු උත්සහ දරා සිටි. නමුත් අදටත් ඔහු එම සමාගමේ විධායක අධ්‍යක්ෂක ධුරය දරයි. ඔහුන්ගේ වෙබ් අධවියට පිවිස බලන්න – About us | Conglomerate Services Company In Sri Lanka | Expolanka

 

අනිත් අතට ඇත්තටම මේ බහාලුම් ටික පරීක්ෂා නොකර පන්නන්නේ මේවායේ රහසිගතව දෙයක් තියෙන හින්දා නොවේද? මේවායේ මත්කුඩු හරි,අයිස් හරි ආවත්, ප්‍රමිතියෙන් තොරව බෙහෙත් ආවත්,නීති විරෝධී ගිනි අවි ආවත්,රත්තරං ආවත්…එහෙමත් නැත්තං වෙන මොනවා හරි නීති විරෝධී දෙයක් ආවත් ඒකෙන් රටේ මොන ක්ෂේත්‍රයකට හරි විනාශයක් වෙන බව නොරහසකි. මේ බහාලුම් 323 නීති විරෝධී විදිහට පැන්නීමේ වගකීම ලංකාවේ නීත්‍යානුකූල ආණ්ඩුව දැන් බාර අරන් අන්න එය බරපතල ප්‍රශ්ණයක්. එය වක්‍රව මහා බැංකු කොල්ලය, පාස්කු ප්‍රහාරය සහ සිනී බදු වංචාවට නොදෙවෙනි පාරාවලල්ලක් බවට පත්විම වලක්වා ගැනිමට ආණ්ඩුවට හැකි වෙයිද?

ජනතාවගේ බලපෑම් හමුවේ මැති ඇමතිවරුන්ගේ සිට ජනපති දක්වා හීන් කෙදිරිගාමින් සිටින අවස්ථාවක රේගු අධ්‍යක්ෂක ජනරාල්  මෙම නිවේදනය නිකුත් කිරිම කෙදිරියේ තරම වටහා ගත හැක. මන්ද ඒ හරහා ඔහුන් වරදක් සිදුව ඇති බව පිළිගැනිමයි. නමුත් එම බහාලුම් වල අයිතිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි සම-නිර්මාතෘවරයා වන හනීෆ් යූසුෆ් ගේ නම සමාජය පුරා පැතිරයනතුරුම ඇත්ත හෝ බොරුව කියා ගැනිමට කල් ගැනිම සම්බන්ධයෙන් සැකයට තුඩු දෙන කරුණකි.ඒ අනුව මනාව පැහැදිලිවන කරුණ නම් මෙම නිවේදනය එලියට එන්නෙම ඔහු කෙරෙහි එල්ල වන අපකීර්තිය නවතා ගැනිම සදහා වන මිසක රටට වගකියන දිශාවකින් නොවන බවය.

අනිත් අතට අදාළ නිවේදනය මගින් දක්වා ඇති 2025 01 12 දින වත්මන් ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා විසින් බහාලුම් නිශ්කාශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට දි ඇතැයි කියන උපදේශයයි.එම ලබාදුන් නිර්දේශයන්ට අනුව අදාළ බහාලුම් 323 නිදහස් කල බවද එම නිවේදනයේ 5 වන වගන්තියේ දක්වා තිබේ. එසේනම් එම නිර්දේශ මොනවාද යන්න දැන ගැනිමට රටේ ජනතාවට පරම අයිතියක් ඇත.

උපුටා ගැන්ම ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කල නිවේදනයේ 5 වන වගන්තිය.

05. 2024.07.18 දින සිට අවස්ථානුකූලව මෙම කමිටුව කිහිප වතාවක් රැස්වි අදාළ නිර්ණායකයන්ට අනුකූලව බහාලුම් නිදහස් කිරීම සිදු කරන ලදි. එසේ, වර්තමානයේ දී බහාලුම් තදබදයට පිළියම් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි පත් කරන ලද කමිටුව මගින්ද, 2025.01.12 දින අතිගරු ජනාධිපතිතුමන් සහ කමිටු සභාපති ගරු ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත බහාලුම් නිශ්කාශන කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට දෙන ලද උපදෙස් ද අනුව ඉහත කමිටුව 2025.01.18 දින රැස් වී අදාළ නිර්ණායකයන්ට අනුව අදාළ බහාලුම සංඛ්‍යාව නිදහස් කරන ලදි.

උපුටා ගැන්ම අවසන් 

ජනවාරි 17 සහ 18 යන දෙදින තුළ මෙසේ ආනයනික බහාලුම් 323ක් රේගු නිශ්කාෂණයට ලක් නොකර නිදහස් කර ඇති අතර අදාළ නිදහස් කිරිම සදහා එක්ව ඇත්තේ නිලධාරීන් 3 දෙනෙක් පමනක් බව මේ වනවිට අනාවරණය වි තිබේ. ඒ අනුව මේ සා විශාල බහාලුම් ප්‍රමාණයක් නිදහස් කර යැවිමට නිළධාරීන් 3 දෙනෙකුට ජනාධිපතිවරයා සහිත කමිටුව බලය පවරා ඇද්ද?

තවත් ප්‍රකාශයක් හරහා ඉහත ජනරාල්ගේ නිවේදනය ගැටිමක් සිදුවේ.රේගු පරීක්ෂාවට ලක් නොවී ආනයනික බහාලුම් රට තුළට නිදහස් වීම පාර්ලිමේන්තුවේ ද උණුසුම් මාතෘකාවක් වු අතර ඔහුන්ගේ ප්‍රශ්ණ කිරිම් හමුවේ කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වනු ලබන බවයි ඒ පසුගිය 23 වැනිදාය.එහිදි නී.අමාත්‍යවරයා තවදුරටත් සදහන් කලේ

“මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නිවේදන නිකුත් කළාට පස්සේ අපි ක්ෂණිකව ම කරපු කාරණය තමයි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වෘත්තීය සමිති ගෙනල්ලා මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවට මමත් සම්බන්ධ වුණා. අපි පළමුකොට ම කිව්වේ එවැනි දෙයක් සිදුවී තියෙනවා නම්, ඒ පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා නම්, ඒ කන්ටේනර් පිළිබඳව අදාළ පරික්ෂණය කරන බවට සහතිකය ලබා දෙමිනුත්, ඒ වෘත්තිය සමිතිවලට රේගුවේ නිශ්කාෂණ කටයුතු හරියට කරන්න මැදිහත් වෙන ලෙසත් ඒ ප්‍රශ්නය විසඳුවා.”

මීට පෙර ද බහාලුම් නිදහස් කිරිමේ තදබද ඇති වූ අවස්ථාවලදී රේගුව මැදිහත්ව ඔවුන්ට සුදුසු ක්‍රමවේද හරහා බහාලුම් නිදහස් කර ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේ ය.

“ඒ ක්‍රමවේද අතරේදී සමහර අවස්ථාවලදී රෙඩ් ටැග් එක ගහන ඒවා ස්කෑන් කරලා යවන අවස්ථා තිබිලා තියෙනවා. ඒ වගේ ම අතීතයේදී එහෙම රෙඩ් ගහන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා ග්‍රීන් චැනල් එකේ ම. හැබැයි ඒ පිළිබඳව අපි දන්නේ නෑ පරීක්ෂණ සිද්ධ වුණා ද කියලා.”

නීති විරෝධී ආකාරයට මෙරටට ආනයනය කරන ලද බහාලුම් ප්‍රමාණයක් රේගුවේදී විවෘත කළ බැලූ අවස්ථාවේ එහි ප්‍රසිද්ධ සමාගමක ලේබල් අලවා තිබී ඇතැයි ජනාධිපති අනුර දිසානායක කොළඹ ශැංග‍්‍රිලා හෝටලයේ පැවති ආර්ථික සමුළුව අමතමින් කියා තිබුනා.නමුත් එම බහලූම් මෙරටට ආනයනය කරන ලද්දේ කවුරුන් විසින් දැයි සදහනක් රේගුව සතුව නොමැති බවත් ඔහු සදහන් කළා.

හොරාට කලින් වැටත් අරන් පැන්න රේගු අධ්‍යක්ෂක ජනරාල්ගේ නිවේදනය.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.