ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපතිනිය ලෙස කටයුතු කරන මහේෂා ගුණසේකර ( පසුගිය රජයේ පත්කිරීමක්) ගේ ක්‍රියාකලාපයන් මාලිමා රජයේ දූෂණ වංචා , අයතා වියදම් කප්පාදුවට සපුරා පටහැනි බව වාර්තා වේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ප්‍රංශයේ මාලිමා පාක්ෂිකයින් ආණ්ඩුවට පැමිණිලි කලද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද වාර්තා වේ.
ආසන්නතම සිද්ධිය වන්නේ ප්‍රංශයේ තානාපති කාර්යාලයේ කලක් සේවය කල තුෂාරි අධිපති නම් කාන්තාවකට ඇයගේ සේවා කාලය නිමා කිරීමට ආසන්නයේ ඇගේ ප්‍රංශ හැදුනුම්පත වසරකින් දීර්ඝ කිරීම සදහා තානාපතිනි මහේෂා ගුනසේකර , සේවා සහතික කිරීමේ ලිපියක් නිකුත් කිරිම වන අතර විදේශ සේවාව නිමකල මෙම කාන්තාව ශ්‍රීලංකාවට පැමින තානාපතියගේ මැදිහත්වීම මත ලබාගත් හැදුනුම්පත හරහා යලි ප්‍රංශයට ගොස් ඇත්තේ සිය සැමියා සහ දරුවාද සමගිනි. මෙම වසරක වීසාව අවසන්වීමේදී දේශපාලන රැකවරන ඉල්ලා සිටීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඇය සිය මිතුරියක සමග සදහන් කර තිබේ.
මිට අමතරව තානාපති නිල නිවසේ ගෘහ භාන්ඩ සදහා සහ ජනෙල් අලුත්වැඩියාව සදහා අතිවිශාල මුදලක් වැඩ කර තිබෙන බවටද තොරතුරු අනාවරණය වි ඇති අතර තත්ත්වය එසේ වුවද ශ්‍රි ලාංකිකයන්ට සේවය කිරිම සදහා තානාපති කාර්යාලය පවත්වාගෙන යන්නේ කුකුල් කූඩුවක් වැනි ස්ථානයකය. මේ සදහාද යූරෝ 30,000 ක පමණ(රු.මිලියන 7.5) මාසික කුලියක් ගෙවනු ලබයි. වසරක වියදම රු. මිලියන 90 කි. රාජ්‍ය වියදම් අඩුකිරීමේ රජයේ ප්‍රතිපත්තිය මැය සතයකටවත් මායිම් නොකර සිටීන බවයි අනාවරණය වන්නේ.
ඊට මතරව වර්තමාන තානාපතිතුමිය , ප්‍රංශ ආයෝජන සොයා ගැනීම්, ද්වී පාර්ශවීය සුහදතාවයන් වර්ධනය වැනි කිසිදු කරුනක් ගැන සොයා නොබලයි. මාලිමා රජයේ ප්රමුඛ ප්‍රතිපත්තියක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සදහා දායක වීමට අතිවිශාල ලාංකිකයන් පිරිසක් කැමැත්තෙන් සිටින නමුත් මේ සදහා කිසිදු සහයක් නොදෙන අතර ඒවා විවේචනය කරන බවටද මාලීමා පාක්ෂිකයින් චෝදනා කර සිටි.ද්‍රවිඩ ශ්‍රීලංකික ප්‍රජාව බහුතරයක් ඇති ප්‍රංශයේ ඒ අයට ප්‍රමාණවත් සුහද සේවයක් නොදෙන අතර ශ්‍රීලාංකික ප්‍රජාව සම්පුර්ණයෙන් අත්හැර දමා තමාගේ සුඛවිහරණය ගැන පමණක් කටයුතු කරන බවටයි චෝදනා එල්ල වන්නේ.
සියල්ලටම වඩා සමලිංගික සහකාරියන් රාජකාරි නිවසේ නවත්වාගැනීම් සහ ඔවුනට රැකියා ලබාදීම මැයගේ තවත් නාඩගමක් වන අතර දැනටමත් ප්‍රංශයේ බොහෝදෙනා වෙන්ම සමහර මාධ්‍යය තුල ද මේ ගැන ලියවී තිබීම රටටද කැලලකි.