Breaking
23 Feb 2025, Sun

ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධ යහපාලන ආණ්ඩුවේ අංක එකේ දුෂිතයා

මෛත්‍රීපාල සිරිසේන ජනපති වි සිටින තාක් තමන්ට එරෙහිව මැස්සේකුටවත් එරෙහි විමට නොහැකි බවත් එසේ වන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ සියලුම මජර වැඩ තමන් දන්නා නිසා බව මෛත්‍රී ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක  ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා දැන් තැන තැන කියවමින් සිටි.

ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා එම ඇමතිකම් අතහැර මෛත්‍රීට තවත් ලංවිමේ උපක්‍රමයක් ලෙස සිරිසේනගේ නීති කටයුතු පිලිබද උපදේශක  ලෙස තනතුරක් බාරගත් අයෙකි.

මේ අතර  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශකවරයා ලෙස කටයුතු කරන ෆයිසර් මුස්තාපා සම්බන්ධයෙන් මේ දිනවල ආණ්ඩුවේ ප්‍රභලයන් පවා දැඩි අවධානයෙන් පසුවන අතර ඊට හේතු වි ඇත්තේ ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කිරිමයි.

ෆයිසර් මුස්තාපා විවිධ රජයන් වල විවිධ අමාත්‍යධුර දරමින් කාලයක් සිට කරගෙන යමින් තිබු මහා පරිමාණයේ වංචනීක ක්‍රියාවක් පසුගියදා අනාවරණය කර ගැනිමට හැකිවුවද යලිත් ෆයිසර් විසින්ම එම වංචාව මුදලට වසා දමා තිබේ.

ෆයිසර් මුස්තාපාගේ අංක එකේ තක්කඩියෙකු වන  මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩාද සමග එක්ව මහනුවර  ‘රුමී ට්‍රේඩර්ස්’ මෝටර් රථ ගෙන්වා විකුණ රුමී එක්ව විදේශයෙන් වාහන ගෙන්වා එවායේ චැසී අංක සියල්ල මාරුකරමින් රටතුල විකිණිමට කටයුතු කර ඇති අතර වාහන ගෙන්විමේදි සහ අනෙකුත් කටයුතු වලදී නීතියටට පිටින් සියලුම කටයුතු කර දි ඇත්තේ ෆයිසර් මුස්තාපාය.ඩිඩා පසුගිය ජනාධිපතිවරණයේදී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ ෆයිසර් මුස්තාපාට නවීනතම ප්‍රාඩෝ ජීප් රථයක් හා ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගෙන දෙන ලදී. ඒ සඳහා ඔහු රුපියල් ලක්ෂ 195 ක් වැය කර තිබේ. මෙම රථ දෙක මිලදී ගෙන ඇත්තේ ‘රුමී ට්‍රේඩර්ස්’ මෝටර් රථ ආනයනය කරුවන්ගෙනි.‘ඩිඩා’ යනු වංචා සහගත ලෙස මුදල් පිටරට යැවීම (මනිලොන්ඩරින්) පිළිබදව කිහිපවරක්ම චෝදනා ලැබ සිටින කුප‍්‍රකට ජාවාරම්කරුවෙකි.

මේ අතර පසුගියදා ෆයිසර් රූමීගෙන් මුදල් ටිකක් ඉල්ලා ඇති අතර නමුත් එම ඉල්ලිම රූමි විසින් අමතකර දමා ඇති අතර ඒදා සිට ෆයිසර් හමුවිමද රූමී නතරකර දමා තිබේ.පසුව ෆයිසර් මුස්තාපා රූමි,ඩිඩා සමග එක්ව ගෙන්වන ලද කැබලි කරන ලද වාහන තොගයක් ෆයිසර් විසින්ම රේගුවට අල්ලා දි ඇති අතර ඒ සදහා බදු වශයෙන් කෝටි 200ක්   ‘රුමී ට්‍රේඩර්ස්’ මෝටර් රථ සමාගමෙන් අයකර ගැනිමට අවශ්‍ය බව රේගුව මගින් දන්වා යවා ඇති අතර පසුව ෆයිසර් මුස්තාපා රේගුවේ නිළධාරින්ට බලපෑම් කරමින් එම වාහන කොටස් මුදාගෙන ඇති අතර එ වෙනුවෙන් රූමිගෙන් ෆයිසර් මුස්තාපා ලක්ෂ 400ක් මුදලක් ලබාගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ තැන තැන ඇවිදිමින් HE ඉන්නෙ මා එක්ක .,..GR ඉන්නේ මා එක්ක මොනවාද වෙන්න ඔනෑ…යනුවෙන් කටමැත දෙඩවු  ෆයිසර් මුස්තාපා අන්තිමට ඉන්දියාවෙන් දුන් මිලියන 50කට ආණ්ඩුව මාරුකර මෛත්‍රීපාල සමග එකතුවු වු අයෙකි. 

ෆයිසර් මුස්තාපා ගැන හොදම කතාව කියා ඇත්තේ ඔහුගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අයෙකි…අපේ බෝසා ඔහෝම හිටියට ගෑණිට පණ බයයි…අනිවාර්යයෙන් මිලියන ගණන් ගෑණිගේ අතට ගිහින් නොදුන්නොත් බෝසාට වෙන්නේ ගුටී කන්න …”

කෙසේනමුත් මේ දිනවම ෆයිසර් මුස්තාපා තමන්ගේ සමිපත්මයන්ට පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ සංවිධායක ලෙස කටයුතු කලද ඉදිරි මැතිවරණයකදි ජයග්‍රහණය කිරිම කිසිසෙත්ම පහසු නොවන බවයි.එම නිසා තමන් මහනුවරින් තරග කිරිමට සුදානම් වන බවද පවසා තිබේ.

මේ අතර අසාද් සාලිය ඇතුලු මුස්ලිම් පක්ෂ නියෝජය කරමින් යහපාලන සමග සම්බන්ධවු බොහෝ දෙනෙකුට ෆයිසර් මුස්තාපා සරණ යන්නට වි තිබේ.ආණ්ඩුව හරහා කර ගැනිමට තිබේන සැම කටයුතකදිම මුස්ලිම් සමාජිකයන්ට ෆයිසර් මුස්තාපා හරහා යන්නට වි ඇති අතර ඒ හරහ ඔහු සල්ලි ගැරිමේ මෙහෙයුමක නියලී සිටින බව පසුගියදා මුස්ලිම් පක්ෂ නායකයන් කිහිප දෙනෙකුම අනාවරණය කර තිබේ.

විශේෂ ලියුම්කරු

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.