Breaking
26 Jan 2025, Sun

ITN නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ලක්හඩ) O/L අසමත්-බල්ලට ගිය යහපාලන මාධ්‍ය

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයම දිනෙන් දින අවුලට ඇද වැටෙන බව පසුගිය මාස කිහිපය පුරාම වාර්තා පලවිය. අද වන විට සමස්ථ රූපවාහිනී අතරින් 4 වැනි තැන පසු වන ITN පසුගිය මාසයට වඩා තවත් 1% කින් නාලිකා ප්‍රතිශතය පහත වැටී ඇත. එනම් ITN නාලිකා ප්‍රතිශතය 7.2% කි. මේ තත්ත්වය මත වුවත් ආයතනයේ කිසිඳු කඩා වැටීමක් සිදු නොවන බව වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. එහෙත් මේ වන විට අළෙවි අංශයේ මාසික ආදායමේ සාමාන්‍ය අඩුවීමක් පෙන්නුම් කරයි. මෙවර වෙසක් වැඩසටහනේ ආදායම පෙර වසරට වඩා අඩුවීම වැළැක්විය නොහැකි බව අළෙවි නිළධාරීන් ප්‍රකාශ කරයි. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ නාලිකාවේ ස්ථානය සහ නාලිකා ප්‍රතිශතය සීග්‍ර ලෙස කඩා වැටීමයි.

මේ තත්ත්වයට සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක‍ෂ මණ්ඩලය මෙන්ම යහපාලන ආණ්ඩුවද වගකිව යුතු බව ITN සේවකයෝ පෙන්වා දෙති. පසුගිය පාලන සමයේ ITN තුළ සිදුවූ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සේවක පැමිණිලි 400 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුනත් ඒ කිසිවක් සඳහා ප්‍රතිචාර දැක්වීමට වත්මන් පාලන අධිකාරිය කටයුතු කර නැත. සෑම අවස්ථාවකම වාගේ ස්වාධීන රූපවාහිනි සේවයට පත්වන සභාපතිවරුන් නොමග යවමින් එක් එක් අයගේ වංචා දූෂණ යටපත්කර ගැනීමට ඔවුන් සමත්වී ඇත.

එහි ප්‍රබල අර්බුධය නම් සුදුසුකම් නැති අයට සහකාර කළමනාකරණ, කළමනාකරණ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරු පිරිනැමීමයි. දැනට ITN හි කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ලක්හඩ) අශෝක කරුණානායක සාමාන්‍ය පෙළ ද අසමත් අයෙකි. ඔහුට සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල සහ ආගම සඳහා සම්මාන සාමාර්ථ ද ඉංග්‍රීසි, සෞඛ්‍ය, චිත්‍ර, විද්‍යාව සහ සාමාජ අධ්‍යයනය සඳහා සාමාන්‍ය සාමාර්ථ ද ඇත. ඔහු සාමාන්‍ය පෙළ ගණිත විෂය අසමත්ය. සාමාන්‍ය පෙළ අසමත්වීම හේතුවෙන් කොළඹ නාලන්දා විදුහලෙන් උසස් පෙළට මුහුණ දීමේ වරමද ඔහුට අහිමිවී ඇත. වෘත්තීය සුදුසුකමක් ලෙස ඔහුට ඇත්තේ ශ්‍රී ජානරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් ජනමාධ්‍ය සඳහා ලබාගත් ඩිප්ලෝමා සහතිකයක් සහ ගුවන් විදුලියේ නිවේදකයෙකු ලෙස සේවය කිරීම පමණි.

මෙවන් අයෙක් ලක්හඩ ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම ලක්හඩ වසරින් වසර පාඩු ලැබීමට ප්‍රධානම බලපෑමක් සිදු කරයි. 2010 වසරේ සිට 2015 දක්වා ලක්හඩ ලබා ඇති මූල්‍ය පාඩුව රු. මිලියන 220 කි. අද ලක්හඩ ගුවන් විදුලිය රැඳී සිටින්නේ 14 වන ස්ථානයේය. අශෝක කරුණානායක හමුවේ චෝදනා රාශියක් එල්ලවී ඊට චෝදනා පත්‍ර ද ගොනුකර ඇති මොහොතක ඔහු අදටත් ලක්හඩ ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. අද ඔහුට ආරක‍ෂාව සපයන්නේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාය. පෙර රජයේදී ඔහුගේ ආරක‍ෂකයා වූයේ හිටපු ජනාධිපතිවරයාය. ඒ අශෝකගේ බිරිඳ වන ගුවන් විදුලියේ වැඩසටහන් ප්‍රධානී මයුරි අබේසිංහගේ මාර්ගයෙනි.

මයුරි අබේසිංහගේ බාල සොහොයුරා බර්නන් ශී්‍ර අබේසිංහ ITN හි කළමනාකාර සහකාරවරයෙක් ලෙස සේවය කරයි. පලාතුව ගුණරතන මහා විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණදුන් ඔහුද ගණිත විෂය අසමත්ය. ඔහුට සාමාන්‍ය පෙළ සම්මාන සාමාර්ථ 2ක් (සිංහල හා ඉතිහාසය) සහ සාමාන්‍ය සාමාර්ථ 5ක් පමණක් ඇත. දැනටත් අළෙවි අංශයේ කළමනාකාර සහකාරවරයෙකු ලෙස සේවය කරන බර්නන් උසස් පෙළද අසමත්ය. ඔහුට කිසිදු උසස් අධ්‍යාපන හෝ වෘත්තිය අධ්‍යාපන සුදුසුකමක් ද නොමැත. එහෙත් සභාපතිවරුන්ගේ ආශිර්වාදයෙන් සැමදා ඔවුන් වැජඹෙන බව ITN සේවක සංගමය පවසයි. වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ආශිර්වාදයෙන් ඔහුගේ ත්‍රිරෝද රථයක් අළෙවි අංශයටත් වෑන් රථයක් පාලන අංශයටත් යෙදවීමට ඔහුට හැකි වී ඇත.

කෙසේ වෙතත් තනතුරට අදාළ සූදුසුකම් යට ගැසීම සඳහා මෙන්ම මෙවන් අයතා කටයුතු සඳහා සභාපතිවරයාගේ ආශිර්වාදය සහිතව සහය වන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාලන) සංජීවනී ඈපා බව ITN සේවක සංගමය පෙන්වා දෙයි.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාලන) තනතුර සඳහා ITN ප්‍රකාශයට කළ සුදුසුකම් සංජීවනී ඈපාට නැති බවයි සේවකයින් පවසන්නේ. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇති ඇය විශිෂ්ඨ සාමාර්ථ 1 ක්, සම්මාන සාමාර්ථ 2 ක් හා සාමාන්‍ය සාමාර්ථයක් ලබා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් හිමි ඇයගේ පශ්චාත් උපාධි ප්‍රථීඵලය මේ වනතෙක් තහවුරු කිරීමටද ඇය අසමත් වී ඇතැයි සේවකයින් පවසයි.

තවද මහින්ද රාජපක‍ෂ පාලන සමයේ විවිධ හේතු මත සහකාර කළමනාකාර හා කළමනාකාර තනතුරු ලැබූ ඇතැම් අයට එම තනතුරට අදාළ සුදුසුකම් නැති බව ITN සේවක සංගමය පෙන්වා දෙයි. වැඩසටහන් කළමනාකාරු(ලක්හ`ඩ), වැඩසටහන් කළමනාකාරු (ITN) , සහකාර කළමනාකාර (කැමරා), සහකාර කළමනාකාර (පරිඝණක සජීවීකරණ) තනතුරු දරණ පිරිසට එම චෝදනා එල්ල වේ.

ඉහළ පුටු වල සිටින ෂඔභ නිළධාරීන්ගේ තත්ත්වය එසේ පවතිද්දී උපාධි/ විශේෂ උපාධි/ පශ්චාත් උපාධි සහිතව පහළ ශ්‍රේණිවල සේවය කරන බොහෝ අවංක සහ කැපවන සේවකයින්ද ITN සේවක මඩුල්ලේ සිටින බවද සේවක සංගම් අනාවරණය කරයි.

සුදුසුකම් නැති අය සුදුසුකම් හා කුසලතා ඇති අය පාලනය කරද්දී, ආයතනයේ තීරණ ගනිද්දි ආයතනයක දියුණුව සහතික විය හැකි දැයි සේවකයින් පාලනාධිකාරියෙන් මෙන්ම ආයතනයේ ඍජු අධීක‍ෂකයා වන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ද ප්‍රශ්න කරයි.

[tabs type=”vertical”][tabs_head][tab_title]ITN අවසන් ගමනේ-පේ‍්‍රක්ෂක දර්ශකය 8% ට වැටේ[/tab_title][tab_title]සිරිසේනගේ බයිලා ITN එකට අරහං[/tab_title][tab_title]ITN මාධ්‍ය ජාලයට කෙළවෙන දවස වැඩි ඈතකනම් නොවේ[/tab_title][tab_title]ස්වාධීන රූපවාහිණිය හාන්සි…..සේවකයන් 700කගේ පඩිය අනතුරේ[/tab_title][/tabs_head][tab]ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයම දිනෙන් දින අගාධයට යන බව සේවකයෝ පවසති. යහපාලනයෙන් මෙවන් තත්ත්වයක් අපේක්ෂා නොකල බව පවසන සේවකයෝ පෙන්වා දෙන්නේ අඛණ්ඩව වසර 05ක් සෑම දෙනාගේ උපරිම කැපවීම මත ලංකාවේ අංක 1 නාලිකාව ලෙස වැජඹුණු ITN අද අංක 4 ට වැටී ඇති බවයි. [/tab][tab]මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අද ( 27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හා ප්‍රවෘත්ති කර්තෘවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා .මේ මාධ්‍ය සාකච්ඡාවට ආණ්ඩුවට හැමදාමත් වගේ කඩේ යන අංක එකේ යැයි කියා ගන්නා ස්වාධින රූපවාහිනියේ කිසිදු වගකිව යුතු බළධාරියෙකු සහභාගිවී නෑ .[/tab][tab]මේ දිනවල ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ දිය යටින් ගින්දර ගෙනයෑමේ සෙල්ලම හොඳින් කෙරේ. වත්මන් සභාපති සහ ඉහළ කළමණාකාරීත්වයේ අපි නොදන්න ලයිව් ගේම් නිසා වසර 6ක් අංක 1කේ වැජඹුනු නාළිකාව 2015 දෙසැම්බර් වන විට 4 හා 5 අතර දෝළනය වෙමින් තිබේ. මේ තත්වය වත්මන් රජයටත්, ආයතනයේ ආදායටමත්, සේවකයන්ගේ වරප‍්‍රසාද වලටත් ඍජුවම බලපා ඇත.[/tab][tab]ස්වාධීන රූපවාහිනිය විනාශයෙන් විනාශයට පත්කර ඇති අයුරු පාර්ලිමේන්තුවේදී අනාවරණය වුනා.ITN එකේ වැඩසටහන් පිළිබඳව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා හිටපු ප්‍රවාහන අංශයේ කලමනාකරු කරපු රනිල්ගේ ආණ්ඩුව ගැන රෙදි ගැලවෙන ප්‍රකාශය…[/tab][/tabs]

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.