ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කිරිමට කටයුතු කල අතර ඒ සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය වුවද ආණ්ඩුවේ සහ ඊට සම්බන්ධ විවිධ පාර්ශවයන් විවිධ කතා සමාජගත කිරිමට කටයුතු කරමින් සිටියදි වැඩ තහනම සම්බන්ධයෙන් සාක්ෂී සහිතව අනාවරණයක් මේ වනවිට සිදුව තිබේ.
පසුගිය (23) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව මෙම තීන්දුව ගත් අතර ඒ සමගම සමාජ ජාලා හරහා අනාවරණය වුයේ කාලයක් තිස්සේ වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා සහ ඔහුගේ රියදුරු අතර ඇති ලිංගික රහසක් අනාවරණය විම මෙම වැඩ තහනමට හේතු වු බවයි.
(කතානායක, සභානායක, විපක්ෂනායක, මුදල් අමාත්‍ය හෝ ඔහුගේ නියෝජිත සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙම උපදේශක සභාවේ නිල නියෝජිතයෝ වේ.) පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න යනු කතානායක, මහලේකම් හැරුණු විට පාර්ලිමේන්තුවේ සිටින තුන්වන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර ඒ නිසාම මේ වැඩ තහනම ආන්දෝලනයට තුඩු දෙන සිදධියක් බවට පත් විය.
රජය එල්ල කල චෝදනා මොනවාද?
චමින්ද කුලරත්නට (ජී.කේ.ඒ.සී.කේ. කුලරත්න) එල්ල වී ඇති චෝදනා වන්නේ, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිය පූර්ව සේවා කාලය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මගින් පාර්ලිමේන්තුවේ නිලධාරීන් නොමග යැවීමට උත්සහ කිරීම හා එක් අවුරුදු වැඩ බැලීමේ කාලයකට යටත්ව පත්වීමක් ලබා ගැනීමට කටයුතු කිරීම හා එම තනතුරට නියමිත වැටුප් මට්ටමට වඩා ඉහළ වැටුප් තලයකට අයත් වැටුප් ලබා ගැනීම මගින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම යන චෝදනා ය.
මේ අතර අද (02) වනවිට වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිෂමට ලියමින් ඉතා විශාල කරුණු ගණනාවක් අනාවරණය කර තිබේ.
2025 ජුනි මස 18 දින හෝ ඊට ආසන්න දිනකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ ගරු කථානායකතුමා දිවා ආහාර ගනු ලබන කාමරයේදී සිදුවූ යම් පෞද්ගලික සිද්ධියක් නිසා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මා කෙරෙහි ඇති කරගත් ද්වේශ සහගතභාවය මේ වැඩ තතානමට හේතු වු බව ඔහු ඉතා විශ්වාසයෙන් යුතුව අනාවරණය කර තිබේ. හිටපු නියෝජ්‍ය මහලේකම්වරයා එල්ල කර තිබෙන චෝදනා සාක්ෂි මත පදනම්ව ඔහු විසින් සිදුකර තිබේන අතර දැන් රටේ ජනතාව බලා සිටිනුයේ මාලිමා ආණ්ඩුවේ හොරු,දුෂිතයන් වංචා කාරයින් ලෙස මයික් ඉදිරියේ නම් කරන පසුව ඒ සම්බන්ධයෙන් විවිධ අකාරයේ විමර්ෂණ කරමින් ඇතැම් පාර්ශවයන් සතුටු කරන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂම සහ අනිකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දෙසය. එකක් කිවයුතුව ඇත මාලිමාවේ බහුතරයකගේ අත්දැකීම් විරහිත බව සහ නිසියාකාරව අධ්‍යාපණයක් නොලැබීම හේතුවෙන් ඔහුන් විසින්ම වැඩ වරද්දවාගෙන අවසන් බවය. එය ගල් අඟුරු ගෙන්විමේ සිට කතානායක සිද්ධිය දක්වාම හෝදින් පෙනෙන්නට තිබේ.

උපුටාගැනීම,
“ඉහතින් දක්වන ලද කරුණු හේතුවෙන් හා 2025 ජුනි මස 18 දින හෝ ඊට ආසන්න දිනකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ ගරු කථානායකතුමා දිවා ආහාර ගනු ලබන කාමරයේදී සිදුවූ යම් පෞද්ගලික සිද්ධියක් නිසා වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මා කෙරෙහි ඇති කරගත් ද්වේශ සහගතභාවය හේතුවෙන් තම බලතල ඉක්මවා නීතිවිරෝධී ආකාරයෙන් පත්කර ගන්නා ලද විශ්‍රාමික අතිරේක ලේකම් එස්.කේ. ලියනගේ නැමැති අයෙකු විසින් සකස් කරන ලදැයි කියන සාවද්‍ය තොරතුරු මත පදනම් වී ඇති වාර්තාවක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාවට ඉදිරිපත් කර එකී කාරක සභාව ද නොමඟ යවමින් මාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත.
2024.12.17 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක ධූරය පත්වූ වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් එතැන් සිට මේ දක්වා සිදුකරනු ලබන හා සිදුකරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතට ගැනෙන පහත සඳහන් නීතිවිරෝධී හා දූෂිත ක්‍රියා අතුරින් කිහිපයක් සම්බන්ධයෙන් ඔබගේ කාරුණික අවධානය යොමු කරමි.” යනුවෙන් සදහන් සම්පූර්ණ දුෂණ -වංචා සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකර තිබේ.
වාහන අවභාවිතාව
නීතිවිරෝධී ලෙසනිළ නිවාස භාවිතය
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතට ගැනෙන පහත සඳහන් නීතිවිරෝධී හා දූෂිත ක්‍රියා අතුරින් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව, වෙත භාරදුන් සම්පුණ ලිපිය පහතින් කියවන්න …
KATANAYAKA


