Breaking
23 Feb 2025, Sun

මෛත්‍රිපාල තම කාර්යය ඉටුකර ඇත. විස්ස කැබීනට්ටුව විසින් සම්මත කෙරී ඇත. මෛත්‍රිපාල ජූනි 8 වැනි දා විහාර මහා දේවී උද්‍යානයේ දී පැවසුවේ තම කාර්යය විස්ස කැබිනෙට්ටුවේ සම්මත කර දීම බවත් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම මන්ත්‍රීවරුන්ගේ කාර්යය බවත් ය. දැන් ඉතිරි වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ කාර්ය ය. එය අමාරු කාර්යයක් බවට පත්වන ලකුණු පහළ වී ඇත.

කැබිනට්ටුව සම්මත කර ඇත්තේ එ ජා පක්‍ෂයේ විස්ස මිස මෛත්‍රිපාලගේ විස්ස නො වේ. ජාතික හෙළ උරුමය හා මෛත්‍රිපාල බොහෝ කරුණුවල දී වැඩ කරන්නේ එකට ය. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ මන්ත්‍රි සංඛ්‍යාව 225 සිට 255 දක්වා වැඩි කිරීම ය. එහෙත් කැබිනට්ටුවේ බහුතරය රනිල් ට පක්‍ෂපාත වී ඇත. එය පුදුමයක් නො වේ . මේ මූලික වශයෙන් එ ජා ප කැබිනට්ටුවකි. එහි තීරණ ගැනෙන්නේ රනිල්ට අවශ්‍ය ආකාරයට ය. ඔහුට ඇත්තේ මන්ත්‍රින් පනහකට අඩු සංඛ්‍යාවකි. මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ රඟ එපරිදි ය. 

රනිල්ට අවශ්‍ය පරිදි විශ්වාසභංග යෝජනාව නොගෙනීමට හෝ කල්තැබීමට හෝ මෛත්‍රිපාල එකඟ වී ඇත. රනිල් ඒ වෙනුවෙන් කර ඇත්තේ මෛත්‍රිපාලගේ විස්සට එකඟ වීම නොව තමාගේ විස්සට එකඟ වීම ය! රනිල්ට කැබිනෙට්ටුවේ ඇති බලය තේරුම් ගැනීමට එය ම වුවත් ප්‍රමාණ ය. මන්ත්‍රී සංඛ්‍යාව 225ට සීමා වනු ඇත. කේවල ක්‍රමයට 125 දෙනකු තෝරා ගැනෙන අතර 75 දෙනෙක් සමානුපාතික ක්‍රමයට තෝරාගනු ලැබෙති. ඉතිරි 25 දෙනා ජාතික ලැයිස්තුවෙනි. එපමණක් නො වේ. නව ක්‍රමය අනුව මේ මැතිවරණයේ දී  මන්ත්‍රීවරු පත්කර නො ගැනෙති. සියල්ල ම පාහේ සිදු වී ඇත්තේ රනිල්ට අවශ්‍ය පරිදි ය. 

රනිල්ගේ විස්සට ඇතැම් පක්‍ෂ දැනටමත් විරුද්ධත්වය පළකර ඇත. ඒ අතර ජාතික හෙළ උරුමය මෙන් ම ජාතික නිදහස් පෙරමුණ හා ජ වි පෙරමුණ ද වෙයි. මේ පක්‍ෂ තුනට ම ජ වි පෙරමුණ සමග පොදු සම්භවයක් වෙයි. බොහෝ දෙමළ හා මුස්ලිම් පක්‍ෂ රනිල්ගේ විස්සට විරුද්ධ ය. එ ජා ප, මෛත්‍රිපාලගේ සුළුතර ශ්‍රි ල නි ප කණ්ඩායම, ප්‍රතිපත්තියක් ලෙස වාසු තිස්ස විතාරණ ඩිව් කණ්ඩායම, දැනට රනිල්ගේ විස්සට කැමැත්ත පළකර ඇත. ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායම තවම පැහැදිලි තීරණයක් ගෙන නැත.

සියල්ල තීරණය වනු ඇත්තේ ශ්‍රී ල නි ප බහුතර මහින්ද කණ්ඩායමේ මනාප ය පරිදි ය. ඔවුන් කුමක් කරාවි ද යන්න ප්‍රශ්නයකි. ඒ කණ්ඩායමේ තීරණ ගැනෙන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වුවත් අද එ ජා ප මහජනයා හමුවට යන්නේ මනාප ක්‍රමය ඉවත්කළ පක්‍ෂය ලෙසට ය. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ම අංගය වනුයේ ජනතාව හැකිතාක් කල් රැවටී ය. රවටා ඡන්දය දිනාගැනීම ය. මෙයට ව්‍යාතිරේක නැතිවා නො වේ. 

අද පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීමට අවශ්‍ය එ ජා පක්‍ෂයට හා ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමට ය. ජාතික හෙළ උරුමයට හා ශ්‍රී ල නි ප මෛත්‍රිපාල කණ්ඩායමට අවශ්‍ය ලබන වසරෙ අප්‍රේල් වන තෙක් පාර්ලිමේන්තුව ඇදගෙන යෑමට ය. එ ජා ප ඒ සඳහා ඔවුන්ටත් සුළු පක්‍ෂවලටත් අවස්ථාව ලබා දී ඇත. කේවල ක්‍රමය මත මන්ත්‍රින් 125 දෙනකු පමණක් තෝරා ගැනීම යනු ඡන්ද කොට්ඨාශ 160න් 125ට අඩු කිරීමකි. එය ප්‍රායෝගික ව ද කළ නො හැකි ය. එසේ කළහොත් ඇතැම් ඡන්ද කොට්ඨාශ  නැති වී යනු ඇත. මහජනයා එයට විරුද්ධ ව නැගී සිටිනු ඇත. 

අද ජනතාව අතර රැඳී සිටින දේශපාලන පක්‍ෂ කළ යුත්තේ වැඩකට නැති වුවත් විස්සට ප්‍රතිපත්තියක් ලෙස සහාය වීමත් සංශෝධන හැකිතාක් සම්මත කර ගැනීමට උත්සාහ කිරීමත් ය. ඒ අතර මේ මැතිවරණයටත් නව ක්‍රමය බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමත් මන්ත්‍රින් 160 දෙනකු කේවල ක්‍රමයටත් 50 දෙනකු දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයටත් පත්කර ගෙන ජාතික ලැයිස්තුවට 15 දෙනකු වෙන් කිරීමත් වෙයි.  හැකි ඉක්මණින් මැතිවරණය පවත්වා ජා හෙ උ වැනි පක්‍ෂ කුණු කූඩයට දැමීමත් කළ යුතුවෙයි.   

නලින් ද සිල්වා

2015 ජූනි 09

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.