Anonymous Reporter

kapruka හොරු ජයටම වැඩ…. වැටලු නිළධාරින්ට වැඩ වරදි! .. තාක්ෂණීක දෝෂයක් කියා නඩුත් නෑ…. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉහලින් ආ නියෝගය!

Published on: Mar 27, 2020 – පසුගියදා වටලනු ලැබු වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කළ කප්රුක (kapruka) ආයතනය මේ දක්වා සීල් කිරිමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නොහැකි වි ඇති බව එහි ප්‍රධානියෙකු අප විශේෂ වාර්තාකරු සමග සදහන් කළා.ඊට හේතුව් වි ඇත්තේ ඉහලින් ලැබුනු නියෝගයක් බවත් වැටලිමට සම්බන්ධ වු අය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙසද අධිකාරියට නියෝග ලැබී තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සාමාන්‍ය සිල්ලර කඩයක මෙවන් තත්ත්වයක් ඇතිවුයේ  නම් එම අවස්ථාවේදිම එම වෙළද සැල සීල් කිරිමට නිළධාරින් කටයුතු කරන නමුත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් කප්රුකට අදාළව ගැනිමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හැකිව නෑ.මේ මොහොත වනවිටත් https://www.kapruka.com/ වෙබ් අඩවිය ඔස්සේ සිය කුප්‍රකට ව්‍යාපාර කටයුතු කරමින් සිටි.

වෙළඳපොළේ මිලට වඩා දෙගුණයක්තු/න්ගුණයක පමන මිලට භාණ්ඩ අලේවි කිරිම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟ අද (25) කිරුළපන පිරි එම ආයතනය පරික්ෂාවට ගොස් තිබේ.එම අවස්ථාව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාර විම සම්බන්ධයෙන්ද මේ වනවිට පරික්ෂණ ආරම්භ කර ඇති අතර වහාම එම විඩියෝ ඉවත් කිරිමට ඇතැම් පාර්ශවයන්ට බලපෑම් එල්ල වන බවද වාර්තා වේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මෙම කාලය තුළ පාරිභෝගික අධිකාරියේ වෙබ් අඩවියට එවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා ඇති හෙයින් එවැනි පැමිණිල්ලකට අනුව මෙම ආයතනය පරීක්ෂාවකට පැමිණ තිබු අතර ඒ වන විටත් භාණ්ඩ 5000ක් පමණ අලෙවි කිරීමට සකස් තිබුණු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජසූර් මහතා සදහන් කර තිබුනා.

ගෝඨාභය එපා කියද්දි ගහපු Royal–Thomian බිග් මැච් එකට ගිය දුලිත්

ඒ අනුව ආයතනයට සීල් තබා පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති කප්රුක ආයතනයට මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරියේදී නඩු පවරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජසූර් මහතා මාධ්‍යයට සදහන් කළේ. නමුත් මෙ දක්වා ආයතනය සීල් කිරිමට හැකියාව ලැබි නැති අතර අධිකරණය හමුවේ ඉදිරියේදී නඩු පැවරිමද සිදුකිරිමට නොහැකි තත්ත්වයක් උදාවි ඇති බවද එහි ප්‍රධානීයා අප විශේෂ වාර්තාකරු හමුවේ සදහන් කර තිබේ.වැටලිමට එක්වු නිළධාරින් සිදුකල තාක්ෂණීක දෝෂයක් ඊට හේතුව බව මේ වනවිට බොරුවට පෙන්වා දිමට කටයුතු කර තිබේන බවද එම නිලධාරියා සදහන් කර තිබේ.

රුපියල් 100යේ සමන් ටින් එක රු.550කටත්,පාන් පිටි 1kg රු.350කටත්,රුපියල් 380/- කට මිල නියම කර ඇති කිරි පිටි පැකට්ටුවක් රුපියල් 560කට, වැනි ඉතා විශාල මුදලකට අලෙවි කිරිමට කටයුතු කර තිබුනා.

www.kapruka.com හි හිමිකරු වන දුලිත් හේරත් (Dulith Herath) නැමත්තා රාජපක්ෂලාගේ සමීපතමයෙකු වන් අතර ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂගේ සමීපතම මිත්‍රයේකුද වනවා.බුද්ධිමය දෙපළ හෝරා කැමට කුප්‍රකට සුදුසුකම් සපුරා ඇති දුලිත් kapruka නාමයද හොරා කෑ එකක් බව දන්නේ ටික දෙනෙකු පමණී. (ඒ සම්බන්ධයෙන් අනාවරණය බලාපොරොත්තු වන්න).

නුගේගොඩ පාගොඩ පාරේ පොඩි තැනක පටන් ගත් kapruka අද මහ දැවැන්ත ජාලයක් බවට පත්විම පසුපස භාණ්ඩය වැඩි මිලට විකිණීම පමණක් සිදු නොවු අතර විශාල වශයෙන් කලු සල්ලි සුදු කිරිමේ (Money laundering) ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක වන බව නොරහසකි.

විද්‍යා හා තාක්ෂණ,ඩිජිටල් යටිතල පහසුකම් ඇමති ලෙස තමන්ම තමන් නම් කරගත් මෙහෙයුම…

www.kapruka.com නාමය සහිත වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ 2002 වසරේදී වන අතර පලමු ආරම්භකයාගෙන් එම ආයතන නාමය සොරා ගැනිමට දුලිත් සමත් විය.

මේ වෙබ් අඩවියට අමතරව ඔහු 2016 වසරේදී හර්ෂ ලියනගේ නැමැත්තා හා එක්ව Grasshoppers Pvt. Ltd ද ආරම්භ කර ඇති අතර, ඊට අමතරව ඔහු Global-Ecommerce හි ද අධ්‍යක්ෂවරයෙකි. ඊට අමතරව කොළඹ පිහිටි Java Lounge අවන්හල් ජාලයේ හිමිකරුවාද දුලිත් ය.

රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු මෙන්ම කෙන්ටකි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන දුලිත් ඉංග්‍රීසියෙන් හොරම් කිරිමට අතී දක්ෂයෙකු බව එදින සිද්ධියෙන්ද තහවුරු විය.

“Sold Out” කියන්නේ “We are not selling this product” කියලා දැනගන්න කොට උඹලගේ වයස කීයද?

Definition of sold-out. : having all available tickets or accommodations sold completely and especially in advance also : of or relating to a sold-out event a sold-out crowd.

2005 වසරේ රාජපක්ෂලා බලයට පැමිනිමත් සමග දක්ෂතාවයට කුප්‍රකට හොරකම් කිරිමේ කළාවද එකතු කිරිමට දුලිත් සමත් විය දුලිත් රාජපක්ෂලා සමග ගැටගැහෙන්නේ ඔහුගේ මව හරහාය.

දුලිත්ගේ මවගේ ව්‍යාපාරය වුයේ මැලේසියාවේ සිට විවිධ වර්ගයේ කාන්තා පලදනාවන් සහ අත් පලදනා ගෙන්වා විකිණිම වන අතර 2005 පසු බිහිවු මිත්‍යදුෂ්ටිකයින් වෙනුවෙන් ඇය අත් පලදනා හදුන්වාදිම ආරම්භ කල අතර අද වනවිටත් මහින්ද ඇතුලු රාජපක්ෂ සනුහරේ සියලුම දෙනා පලදන අත්පලදා සියල්ලම ගෙන්වන්නේ දුලිත්ගේ මවය.(කතාව අවසන් නැත .)



http://lankanewsnetwork.org/archives/24021

Loading…


Top