Breaking
24 Feb 2025, Mon

කිළී සජිත් අත්හරී….2020 ජනපති සටනට අනුර කුමාර!

Published on: Jan 15, 2017- එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හරහා පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහගෙන් ගලවා වෙනත් අයෙකුට ලබාදිම සදහා ඉත්තේකු මෙන් සිරස මුදලාලි කිලී මහරාජා භාවිතාකල සජිත් ප්‍රේමදාස වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තොරාගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව ගෙන යන සටන ජනවාරි 8 වැනිදායින් පසුව අඩපණ වි ඇති බවත් මේ වනවිට සජිත් ප්‍රේමදාස ඇතුලු කල්ලියද වික්‍රමසිංහට බයෙන් පසුබැස ඇති බවත් මේ අකාරයට 2020 දක්වා ගමන් කලහොත් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වනු ඇති බවයි සිරස මුදලාලිගේ අදහස වි ඇත්තේ.

එවන් තත්ත්වයක් උදාවුවහොත් එය මහරාජා ව්‍යාපාරයේ අවසානය වනු ඇති බවද ඊට පෙර එම මැතිවරණය සදහා වෙනත් විකල්ප අපේක්ෂකයෙක් හැටියට අනුර කුමාර දිසානායක ෆෝම් කිරිමට කිළී මහරාජ මෙහෙයුම දියත් කර තිබේ. ඒ අනුව මේ වනවිටත් අනුර පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විමටද කැමැත්ත පලකර තිබේන අතර එයට බාදාවන සමාජවාදි මොඩලය වෙනස් කරමින් පක්ෂය මෙහෙයවිමටද් මේ වනවිට කටයුතු ආරම්භ කර තිබේ.

මේ වනවිට අනුර කුමාරද මෙම මෙහෙයුම සදහා සක්‍රියව කටයුතු කරමින් සිටින අතර ජනතා විමුක්ති පෙරමුණේ අවසන් තුරුම්පුව වි ඇත්තේද මෙම පොදු අපේක්ෂක තුරුම්පුව වන අතර එය අසාර්ථක විම හෝ සාර්ථක විම මත පක්ෂයේ අනාගතය පිළිබඳව තින්දුවක් ගැනිමට මේ වනවිටත් පක්ෂය තින්දුවක් ගෙන තිබේන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සජිත්ගේ මන්දගාමී ස්භාවය හේතුවෙන් පසුගියදා සජිත් පිළේ න්‍යාචාරවරුන් සමග කිළීගේ කණ්ඩායම ගැටුමක්ද ඇතිකරගෙන තිබේන අතර එම ගැටුම හේතුවෙන් සජිත් පිළේ කිහිප දෙනෙකු අතරද ගැටුමක් හටගෙන් තිබේ.ඒ හෙතුවෙන් කිළීගෙන් පඩි ගන්නා සජිත් පේ‍්‍රමදාස මහතාගේ දැඩි හිතවාදියෙකු වන එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මාධ්‍ය හමුවක් පවත්වමින් අගමැතිවරයා ඉලක්ක කර ප්‍රහාරයක්ද දියත් කල අතර කිළීගේ කළණ මිතුරා වන සිරිසේන ජනපතිගේන ඉල්ලිමක් කරමින් කියා සිටියේ “අද වන විට අගමැතිවරයා ඇතුළු කුඩා පිරිසක් මුදල් හම්බ කිරීම සදහා වූ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවත් ජනාධිපතිවරයාගෙන් දැන්වත් කසය අතට අරගෙන නිවැරදිව කිරිමට කටයුතු කල යුතු බවයි.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.