Featured

Lankanewsweb.today අවහිර කළේ ජනපතිගේ ඉල්ලිමට – TRC ලොක්කා වමාරයි

ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ (Lankanewsweb.today)වෙබ් අඩවිය තහනම් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගෙන් ඉල්ලා සිටි නමුත් වෙබ් අධවියක් තහනම් කිරිමට හැකියාව ඇත්තේ අධිකරණමය ක්‍රියාවලියක් හරහා පමණක් බව තමන් පෙන්වාදු අතර පසුව ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ වෙබ් අඩවිය ලංකාව තුල ප්‍රවේශ විමට අවහිර කිරිමට තමන් කටයුතු කල බව (Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL))විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති පී.බී අබේකෝන් මහතා අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම සමග මිට සතී දෙකකට ඉහතදි පැවති විශේෂ සාකච්ඡාවකදි වෙබ් අඩවි තහනම් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර එහිදි කොමිසමේ අදහස් ඉදිරිපත් කර ඇති අතර එහිදි කොමිසමේ සාමාජිකයන් තිදෙනා පෙන්වා දි ඇත්තේ වෙබ් අඩවියක් තහනම් කිරිමට නම අධිකරණ ක්‍රියාවලියක් සිදුවිය යුතු බවත් ඒ අකාරයේ තහනමකට යෑමෙන් ආණ්ඩුව අපහසුතාවට ලක්විය හැකි බවයි.

පසුව මෙරට ක්‍රියාත්මක වන සියළුම වෙබ් අඩවි විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කිරීමට රජය තීරණයක් ගත් බව සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇති අතර එහිදි සිරිසේන සමග එම සාකච්ඡාවට එක්වු වන්දිබට්ටයන් පෙන්වා දි ඇත්තේ එම තින්දුව ආණ්ඩුව් විරෝධීන්ට වඩා ආණ්ඩුවට පක්ෂ වෙබ් අඩවි සදහා බලපෑම් එල්ල කල හැකි බවයි.

බලය ගැනිම වෙනුවෙන් කල  විලිලැජ්ජාවක් නැති කතා 

01 ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය

පුවත් වෙබ් අඩවි ලියාපදිංචි නොකරන ලෙස ඉල්ලා සිටින දිවයිනේ ප්‍රමුඛතම ජනමාධ්‍ය සංගමයක් ආණ්ඩුව විසින් ගෙන එනු ලබන ජන මාධ්‍ය මර්ධනයට එරෙහි විය යුතු බව පෙන්වා දේ.

පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතුය යන්න  මහින්ද රාජපක්ෂ සමයේ ගෙන ආ වෙබ් ලියාපදිංචි රෙගුලාසි යහ පාලන ආණ්ඩුව විසින් ද නැවත පැනවීමක්  බවයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය පවසන්නේ.

රජය විසින්  නිකුත් කර තිබෙන නිවේදනයක් අනුව ලියාපදිංචි නොවන ප්‍රවෘත්ති වෙබ් අඩවි නිත්‍යනුකූල නොවන වග කියා ඇති බවයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ පවසන්නේ.

ලියාපදිංචි නොකළ වෙබ් අඩවි සදහා බාධා කිරීම් එල්ල කරන බවටද එහි සදහන් වන්නේ යැයි ලසන්ත රුහුනගේ පවසා සිටියේ 16 බදාදා දෙමළ මාධ්‍ය සංසදයේ බෙව් අඩවිය විවෘත කිරීමේ උත්සව සභාව අමතමිනි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශ පුවත් පත් දැන්වීමට අනුව දෙමළ මාධ්‍ය සංසදයේ  වෙබ් අඩවියට ද යම් අභියෝගයක් එල්ල වන බව පැවසු ඔහු අවධාරණය කර සිටියේ එය ලියාපදිංචි කර පවත්වාගෙන යනවාද නැතිනම් ලියාපදිංචි නොකර පවත්වාගෙන යනවාද යන්න සම්බන්ධයෙන් දෙමළ මාධ්‍ය සංසදය  තීරණය කළ යුතු බවයි.

අන්තර්ජාලය සමග පවතින මාධ්‍ය වාරණය කිරීමට නොහැකි බවයි වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති පවසා සිටියේය.

02 ලංකාදිප http://www.lankadeepa.lk/index.php/articles/288988

වෙබ් අඩවි තහනම ඉවරයි

පැවැති රජය විසින් වෙබ් අඩවි සඳහා පනවා තිබු සියලුම තහනම් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කරයි.වෙබ් අඩවිවලට තිබු සියලු තහනම් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළ බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික සහ සන්නිවේදන බලකා ප්‍රධානී මංගල සමරවීර මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී අද (11) මාධ්‍ය හමුවේදී පැවසීය.

03 කොළම්බෝ ටුඩේ http://www.colombotoday.com/22189-23/

සියළු වෙබ් අඩවි ලියාපදිංචි කිරීම අනිවාර්යයි.. නැතිනම් අවහිර කරන්න රජය සූදානම් !

මෙරට ක්‍රියාත්මක වන සියළුම වෙබ් අඩවි විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම සමග පසුගිය සතියේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබදව සාකච්ඡා කර ඇත.

ඇතැම් වෙබ් අඩවි මාධ්‍ය නිදහස අයථා ලෙස යොදා ගෙන ඇති බවට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවට විදුලි සංදේශ නියාමන කොමිසම පවසා ඇති අතර මේ තත්ත්වය වැලැක්වීමට සුදුසු පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර වෙබ් අඩවි නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද උපදෙස් දී ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි නොවන වෙබ් අඩවි අවහිර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද මෙහිදී ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ලෝකෙට මානවහිමිකම් කියා දෙන පඩත්තල UN

www.lankanewsweb.today වෙබ් අඩවියට ලංකාව තුල අන්තර්ජාල සබඳතාවයන් හරහා ප්‍රවේශ විමට ඇති හැකියාවට අවහිර කරමින් යහපාලන මාධ්‍ය මිලටරිය විසින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ රු පහර පිළිබදව අද එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය (UN Human Rights Council)දැනුවත් කිරිමට අප කටයුතු කලා. ඒ සම්බන්ධයෙන් වු ලිපිය අද එම කාර්‍යාලයට ලබාදුන් අතර එම ලිපිය අප පහතින් දක්වා ඇත.

http://www.lankanewsweb.today/archives/13181

http://www.lankanewsweb.today/archives/13132

 

 

Top