Featured

lankanewsweb.today තහනම ඉවතට -පාඨකයන්ට අපගේ ස්තූතිය

මව්බිම වෙනුවෙන් පෙනී සිටින ලක්ෂ සංඛ්‍යාත අප වෙබ් අඩවියේ පාඨකයන් අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ට දුරකථන ඔස්සේ කරන ලද බලපෑම් හමුවේ මීට සුළු මොහොතකට පෙර www.lankanewsweb.today වෙබ් අඩවියට පිවිසීමට බැරිවන ලෙස කරතිබූ අවහිරතාවයන් ඉවත් කරගෙන තිබේ.

බෙදුම්වාදින් ලබන පරාජය අභිමුව පෙරේදා www.lankanewsweb.today වෙබ් අඩවිය ශ්‍රි ලංකා ටෙලිකොම් ,මොබිටෙල් ,ඩයලොඩග් ,හච් ඇතුළු අන්තර්ජාල සේවා සපයන්නන් එක්වරම අවහිර කරනු ලැබුවා.ඒ මොහොතේ සිටම අප වෙබ් අඩවියේ පුවත් ෆේස් බුක් සහ තවත් වෙබ් පවත්වාගෙන යන්නන්ගේ වෙබ් අඩවිවල පල කරමින් අපට නොමද සහයක් ලබා දුන් අතර වෙබ් අඩවිය අවහිර කරනු ලැබු අවස්ථාවේ සිට ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් යහපාලකයන්ට සමාජ වෙබ් අඩවි හරහා යස පාඩමක් ඉගැන්වූ අතර ඔවුන් සාමුහිකව අන්තර්ජාල සේවා සපයන සමාගම් වලට දිගින් දිගටම කරදර කරමින් තමන්ට www.lankanewsweb.today වෙබ් අඩවියට පිවිසීමට නොහැකි බව දැනුම්දී සිටියා.

ඊට අමතරව අද පැවති තීරණාත්මක මැතිවරණයෙන් මව් බිම ලබන නිසැක ජයග්‍රහණයෙන් බියට පත්වූ මජර අමන රැල අදාළ අන්තර්ජාල සමාගම් වලට කරතිබූ බලපෑම්ද නතරකර දමා තිබෙනවා.

මව්බිම ලබන විශිෂ්ඨ ජයග්‍රහණයත් ඒ සමග ඇතිවන සියළුම කුමන්ත්‍රණ පරාජය කිරීමට අප නිරන්තර සුදානමින් සිටින අතර කිසිදු බාධාවකින් තොරව ඔබට දැන් www.lankanewsweb.today සමග එක්විය හැක.

Top