පුවත්

රාජපක්ෂ හොරු රකින රනිල්ගේ අම්බරු පනත් වලට එරෙහිව නීතීඥයන් සටනට! ජනතා පරමාධිපත්‍ය බලය රකිමු! හොරු නිරුවත් කරමු!

ජනතාව මත ඉතා දරුණු නීති මාලාවක් පැනවීමට ආණ්ඩුව ගන්නා අශිෂ්ට අමනොඥ අත්තනෝමතික පණත් පරාජය කිරිම සදහා නීතීඥ වෘත්තිකයන්ට අත්හල නොහැකි කාර්යය භාරයක් සහ වගකීමක් ඇති බව නීතීඥ සාමූහිකය පෙන්වා දේ.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නව සංස්කරණය මෙන්ම 2023 සැප්තැම්බර් මස ගැසට් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත හෙළා දකිමින් නීතීඥ සාමූහිකය විසින් නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වසරේ මාර්තු මාසයේ ගැසට් පත්‍රයේ පල කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවධාරණය කරන ලද ඉතා වැදගත් මෙන්ම මූලික කාරණා කිසිවක් සම්බන්ධයෙන් අවධානයට ලක්කිරීමට මෙම වත්මන් සංස්කරණය ඉදිරිපත් කිරීමේ දී සමත් වී නැත. මෙම පනත් කෙටුම්පත් හඳුන්වාදීමට මත්තෙන් ඒ සම්බන්ධයෙන් ජනතාවට නිසි පැහැදිලි කිරීමක් සිදු කිරීමට, ජනතාවට පනතේ අවශ්‍යතාවය මෙන්ම අන්තර්ගතය සම්බන්ධයෙන් සාධාරණීකරණය කිරීමට මෙන්ම ශක්තිමත් ජනතා අදහස් උකහා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අසමත් වී ඇති අතර ආණ්ඩුව කිසිඳු ආකාරයකින් ජනතාවට වගවන මෙන්ම විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් මෙම පනත් කෙටුම්පත් හඳුන්වාදීමේ දී අනුගමනය කිරීමට සමත් වී නොමැත. මෙම පනත් කෙටුම්පත් දෙක තුලම අන්තර්ගතවන විවිධ අර්ථනිරූපණයන් අතර “ත්‍රස්තවාදය”, “අසත්‍ය ප්‍රකාශ” සහ “සම්බන්ධිත වැරදි” සම්බන්ධ අර්ථ නිරූපණ එක් අතකින් ඉතා පුළුල් වන අතර අනෙක් අතට ඒවා සංකීර්ණ හා අෂ්පුඨ වේ. නීතිය සහ පාලනය තුලින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත අත්‍යාවශ්‍ය මෙන්ම සුවිශේෂි අභිමතාර්ථයන් ප්‍රමාණාත්මක සහ සප්‍රමාණික ලෙස ඒ තුලින් ගම්‍යමාන වන්නේ ද නැත.

සත්‍යවශයෙන්ම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රම සුරක්ෂීතාතාවය පිළිබඳ පනත් කෙටුම්පත මගින් ගම්‍යමාන වන්නේ අන් කිසිවක් නොව ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ පෘතුල පරාසයක්තුල පැතිර ඇති සාමාන්‍ය ක්‍රියාකාරකම් ගණනාවක් මත විශාල වශයෙන් විධායකයේ පාලනයක් ඇති කළ හැකි වන පරිදි ඉතා දරුණු නීති මාලාවක් පැනවීමට ආණ්ඩුව විසින් ගනු ලබන තවත් අශිෂ්ට අමනොඥ මෙන්ම අත්තනෝමතික උත්සාහයයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ‌ඓතිහාසික වශයෙන් පහළ වැටී ඇති අවස්ථාවක ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් නිදහස සීමාකිරීමට හෝ අහිමිකිරීමට විභවයක් ඇති නව නීතිරීති පාලකයන් විසින් නිර්මාණය කර ගැනීමට ගන්නා උත්සාහයන් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටීමේ අවශ්‍යතාවය මේ මගින් අප වෙත අවධාරණය කරවයි. මේ රටතුල පවත්නා දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම එකී අර්බුදයේ බර තමන් වෙත පැටවීමට එරෙහිව සමහර රජයේ නිලධාරීන්ට මෙන්ම තම මහජන නියෝජිතයන් වෙත විවිධාකාර වූ ඉල්ලීම් ඉදිරිපත් කරමින් බලපෑම් කරමින් සිටින මොහොතකි. තවද එකී ජනතාවගේ දුක්ගැනවිලි වලට ඇහුම්කම් දීමට මෙන්ම ඒ සඳහා පුරවැසියන් ලෙස තනි තනිව මෙන්ම පුරවැසි කණ්ඩායම් ලෙස මෙන්ම බලපෑමට ලක් වූ ජන සමාජයන් ලෙස සංවිධානය වීමට හැකිතාක් පුළුල් ඉඩකඩක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඉල්ලා සිටින මොහොතකි.

එසේ තිබියදී නීත්‍යානුකූල මෙන්ම යුක්ති සහගත විරෝධතා, විවේචන, විරෝධයපෑම් ශ්‍රී ලංකාවේ පාලනය අරභයා විවිධාකාර වූ අදහස් හා යෝජනා වටා වන පෙළගැසීම් කෙරෙහි මෙන්ම යෝජිත පනත් දෙක මගින් ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් නිදහස, විධායකය විසින් යටපත් කරනු ලබන පුරවැසියන්ගේ ස්වාධීපත්‍ය ආරක්ෂා කිරීමට අධිකරණයේ කාර්යය භාරය කෙරෙහි ඇති කරනු ලබන සෘජු තර්ජනයකි. භයංකාර ලෙස ප්‍රචණ්ඩත්වය මුදා හැරීම සහ අවරෝධිත ප්‍රවේශයන් තුලින් ලාංකීය සමාජය තුල ඇති කරන ලද නොසන්සුන්තාවය අසමානතාවය ශ්‍රී ලංකාවේ ආසන්න ඉතිහාසය තුල කලු පැල්ලමක් ඉතිරිකර ති‌‌බේ. දශක ගණනාවක යුද්ධයකින් හා විවිධ සමාජ නොසන්සුන්තාවයන්ගේ ආසන්න අත්දැකීම් ඇති තත්ත්වයක් තුල ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද මෙරට වර්තමාන මෙන්ම අනාගත පුරවැසියා සම්බන්ධයෙන් ද තමන් දරා සිටින වගකීමේ බර සම්බන්ධයෙන් මෙයට වඩා සැළකිළිමත් විය යුතුව ඇත. ඒ අනුව ජනතාවගේ අනභිබවණිය නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කිරීම කෙරෙහි මේ මොහොතේ නීතීඥ වෘත්තිකයන්ට අත්හල නොහැකි කාර්යය භාරයක් සහ වගකීමක් ඇත.

නීතීඥ සාමූහිකය ඉහත පනත් කෙටුම්පත් දෙක වහා ඉවත් කර ගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටින අතර නීතීඥ සාමූහිකය තවදුරටත් විනිවිදභාවයෙන් යුතු ජනතා අදහස්වලට ඇහුම්කම් දීමකින් පසු කෙරෙන නීති සම්පාදන ක්‍රියාවලියක අවශ්‍යතාවය සහ විධායක සහ ව්‍යවස්ථාදායක කටයුතුවලදී වගකීම් සහගත සහ ප්‍රමාණාත්මක අවශ්‍යතාවය අවධාරණය කර සිටී. සාමූහිකය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලයටම හානිකර වූ නීති සම්පාදන කාර්යයන්ගෙන් ඉවත්විය යුතුබවට බලකර සිටී. ජනතාවගේ නිදහස, රැස්වීමේ නිදහස, සමාගමයේ නිදහස, භාෂණයේ සහ ප්‍රකාශනයේ සහ සිතීමේ නිදහස අහිමිකරන්නා වූ අසීමිත බල අධිකාරයක් විධායකය වෙත පවරා දෙන ආකාරයේ නීති සම්පාදනය කිරීම තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වූ ජනතාවගේ පරමාධිපත්‍ය බලය උගුල්ලා දමන බවද අවධාරණය කර සිටී.

නීතීඥ සාමූහිකය වෙනුවෙන්

ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න
ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය
ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න
ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම්
ජනාධිපති නීතීඥ ඩිනාල් ෆිල්ප්ස්
ජනාධිපති නීතීඥ සාලිය පීරිස්
නීතීඥ ලාල් විජේනායක
නීතීඥ උපුල් කුමරප්පෙරුම
නීතීඥ නුවන් බෝපෙගේ

The Lawyers’ Collective condemns the latest version of the Anti-Terrorism Bill and the Online Safety Bill gazetted in September 2023. The Government of Sri Lanka has failed to respond to the serious and fundamental concerns raised about the Anti-Terrorism Bill gazetted in March this year. The government also failed to adopt any transparent and accountable process through which the Bills were explained, justified and robust public consultation facilitated before they were gazetted. The definitions adopted for ‘terrorism’ and ‘false statement’, and related offences created under the two Bills are excessively broad and vague, and thus do not represent a measured and proportionate means of serving specific and necessary law and order objectives.

Indeed, the Anti-Terrorism and Online Safety Bills represent an attempt to institutionalise excessive executive discretionary power over a broad range of ordinary activities of the citizens of Sri Lanka. At a time when the country’s democracy quotient is at a historical low, attempts to rush into enactment dangerous laws that have a high potential to crush dissent and curb civil liberties causes much alarm. Citizens of this country are currently making a wide range of demands on their elected representatives and government officials in the context of the deep economic crisis and the bearing it has on their lives. Democracy demands that the widest possible space be created at this time to hear citizens’ grievances and to engage citizens and citizen groups, especially vulnerable communities. The intolerance represented by the two proposed laws towards legitimate dissent, critique, opposition and organising around different ideas and solutions for governance in Sri Lanka is a direct threat to democracy, civil liberties and the role of the judiciary in protecting citizens’ sovereignty against executive capture. Sri Lankan recent history is marked by terrible violence and social and economic devastation caused by repressive approaches to unrest and inequality in our society and polity. Having emerged from decades of war and violent insurrection, the government and opposition parties would be mindful of the responsibility that they bear towards the current and future citizens of this country. In this moment, the legal profession has a role and responsibility to act to safeguard people’s treasured freedoms.

The Lawyers’ Collective calls for the immediate withdrawal of the two Bills. The Collective also calls for the adoption of a transparent process of consultative law making and the proposal of executive and legal measures that are proportionate and responsive to the needs of the people. The Collective demands that the government desist from enacting laws that will harm the very foundations of democracy in Sri Lanka. Such laws that grant the executive excessive powers to curtail citizen’s fundamental rights to freedom of expression and thought, freedom of association, freedom of assembly and liberty erode the sovereignty of the people that is the very basis of Sri Lanka’s constitution.

On behalf of the Lawyers’ Collective

Mr. Rienzie Arsecularatne, President’s Counsel.
Mr. Upul Jayasuriya, President’s Counsel
Dr. Jayampathy Wickramaratne, President’s Counsel
Mr. Geoffrey Alagaratnam, President’s Counsel
Mr. Dinal Phillips, President’s Counsel
Mr. Saliya Pieris, President’s Counsel
Mr. Lal Wijenayake, Attorney-at-Law
Mr. Upul Kumarapperuma, Attorney-at-Law
K.W. Janaranjana, Attorney-at-Law
Mr. Nuwan Bopege, Attorney-at-Law

Top