Breaking
23 Feb 2025, Sun

අප කුඩා කල අපේ ගෙදෙර සිට Cargills කොම්පැනියට වැඩට ගිය මාමා කෙනෙකු සිහියට නැගෙන්නේ ජනපති සිරිසේන London ගොස් ලංකාවට සපැමිනිව කල සොමි කතාව ඇසීමෙනි.

මට වාසනාව ලැබුණා මහ රැජින එක්ක පැය භාගයක් විතර කතා කරන්න. මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳව. බ්‍රිතාන්‍යය මහ රැජින එතුමිය මට කතා කළේ අතේ මේස් ගලවලා.

බ්‍රිතාන්‍යය අගමැතිවරයා හමුවුණා. තමුන්නාන්සේලා දකින්න ඇතිනේ බ්‍රිතාන්‍යයන් අගමැති ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා. නිල නිවසෙන් එළියට ඇවිල්ලා මගේ කාර් එකේ දොර අරිනකොට එතැනට ඇවිල්ලා මට අතට අත දීලා මාව එක්කගෙන ගියේ.” ( මෛත්‍රීපාල  සිරිසේන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අමතමින්, දිවයින, 18 මාර්තු 2015)

අපේ මාමා ගෙදෙර ඇවිත් කියන්නෙත් ඔවැනිම හරක් කතාය. අද Gordon මහත්තයා මගේ පිටට තට්ටු කරලම කතා කෙරුව” කියන්නේ රටක් රාජ්යක් ලැබුවා ලෙසටය. Gordon ගේ පහස ලැබූ පිට, අපේ මාමා බොහෝ කලක් අන්ය පහසක් නොලබාම තබන්නට ඇති වග නම් මට බොහෝ සේ විශ්වාස කල හැක්කකි.

සම්ප්‍රදායානුකූල රැජින විසින් රාජ්ය නායෙකුට කරන සිරිත සහ බ්‍රිතාන්‍යයේ අගමැති සුද්දා විසින්, ලංකාවේ ආදී වාසී (වැදී) ජනතාවත් සුහදව කරන පොදු ආචාරශීලත්වය, රටක් රාජ්‍යයක් ලැබුවෙකු ලෙස සිරිසේන උන්නැහේ සිය ආදරණිය අඹේනිය වන ජයන්ති පුෂ්ප කුමාරිට, නිදි සයනයේ හොර රහසේ පැවසුවාට අපේ කිසිම විරෝධයක් නොමැත.

නමුත් සිය වහල් දීනත්වය, අධිරාජ්යවාදි විරෝධී නිදහස් මනසක් පුරවැසියන්ට ආරෝපණය කරන්නට පුරෝගාමී වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මහත් ආඩම්බරයෙකින් පැවසීම නම් ඛේදයකි!

ඉස්කෝලේ පහ පාස් නොවූ අපේ මාමා Gordon ගේ පහස ලැබුවේ 1948 ට පෙරාතුවය. මාමා හතේ පන්තියට ගියා නම් ඔවැනි කතා නොකියනු ඇත! සිරිසේන උන්නැහේ අපේ ජනාධිපති වෙන්නේ ලංකාව නිදහස ලබල අවුරුදු හැට හතකට පසුවය. මුන්නැහෙ රනිල් සමාගමයට ගියාට පස්සේ හිතන් ඉන්නේ අපි අවුරුදු 200 යකට ආපස්සට යා යුතු කියාලයි. ඒ කියන්නේ අපේ නිදහස නැති වුනු 1815 ටය.

~අපේ රට~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.