Breaking
23 Feb 2025, Sun

LTTE තහනම වෙනුවෙන් ටොයියන් කල දෙයක් නැත

යුරෝපා සංගමය විසින්  කොටි සංවිධානය නැවත වතාවක් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීන්දුව ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් ජයග්‍රහණයක් බවට යහපාලන ආණ්ඩුව කෑ මොර දුන්නද ඒ  සදහා ආණ්ඩුව කල කෙන්ගෙඩියක් නැති බව බ්‍රසල්ස් නුවර සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

රජයට පක්ෂ මාධ්‍ය ආයතන සහ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ජයග්‍රහණය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් වසරේදී යුරෝපා සංගම් සාමාන්‍ය අධිකරණයක් විසින්  කොටි සංවිධානයට එරෙහිව පැවැති තහනම ඉවත් කරමින් ලබා දුන් තීන්දුව යළි සලකා බලන්නැයි යුරෝපා සංගමයෙන් කල ඉල්ලිම සලකා බලා තින්දුව දුන් බව දක්වා තිබුනා.මීට අමතරව 

විදේශ අමාත්‍යංශය මංගල සමරවීර මහතා ප්‍රමුඛ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය  එක්ව කොටි සංවි‍‍‍ධානය ය‍‍ළි තහනම් කිරීමේ මෙහෙයුම් යුරෝපා සංගමය තුළ දියත් කිරිම හරහා මෙම තහනම ඉවත් කරගත් බව රටට එත්තු ගැන්විමේ මෙහෙයුමක යහපාලන ආණ්ඩුව යෙදි සිටින බව ඔහු පෙන්වා දුන්නා. 

නමුත් යුරෝපා සංගමය විසින්  කොටි සංවිධානය නැවත වතාවක් තහනම් කිරිම පසුපස ඇත්තේ සම්පූර්ණයෙන් වෙනස් කතාවක් බවත් එනම්…

ගෙවිගිය මාස 3ක කාලය තුල කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ආසියාව කෙන්ද්‍ර කරගනිමින් සීඝ්‍රයෙන් වර්ධණය වි ඇති බව “”රෝ”” CLA හා FBI වාර්තා පෙන්වාදිමත්,එම වර්ධනයේ බලපෑම යුරෝපා රටවල් කරා පැතිර යැමට තිබෙන අවදානම ඉතා බවට වාර්තා කිරිමත්.LTTE සංවිධානය සතු මාධ්‍ය අංශය යලි වේගයෙන් සක්‍රීය තත්ත්වයට පැමිණිම සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා LTTE සංවිධානය සතුව වත්කම් පැවැතිම මෙම තහනමට බලපා තිබේන බවයි  බ්‍රසල්ස් නුවර සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

United States, Canada, Britain, and India යන රටවල් සදහා කොටි සංවිධානය ව්‍යාප්ත විම මෙම තහනමට මුලිකම හේතුව බව තින්දුව ප්‍රකාශ කරමින් යුරෝපා සංගමය පැහැදිලිව දක්වා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.