Breaking
24 Feb 2025, Mon

රනිල්-මෛත්‍රී වෙබ් ෆොබියාව උග්‍ර අතට -මොබිටෙල් ගෙවලයෝ mahinda.info අවහිර කරයි

මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවය භාවිතා කරන පාරිහෝගිකයින් හට mahinda.info වෙබ් අඩවිය වෙත පිවිසීම අවහිර කර ඇති බව එම වෙබ් අධවිය පවත්වාගෙන යන කණ්ඩායම සදහන් කර සිටි.

ඔහුන්ට ලැබෙන ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකාව තුළ ඇති සියලුම අන්තර්ජාල සේවා සපයන ආයතන වලින් mahinda.info වෙබ් අඩවිය වාරණය කිරීමට සුදානමක් පවතින බවද ඔහුන් දන්වා සිටි.

පසුගිය කාලයේ එජාපය ප්‍රමුඛ උදවිය විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව අන්තර්ජාලයේ දිගින් දිගටම පතුරුවාහරින අසත්‍ය සහ ද්වේශසහගත මඩ ප්‍රහාරයන් ගැන, mahinda.info විසින් සාක්ෂි සහිතවම ජනතාව වෙත හෙළිදරව් කරන බැවින් මඩ අවලාද කරුවන්ව ජනතාවගේ පිළිකුලට ලක් වීම නිසා ඔවුන් කුපිත වී වෙබ් අඩවිය වාර්ණය කර තිබේ.

එහෙත් පසුගිය කාලයේ ගරු අධිකරණයට ඉතාමත් පහත් භාෂා විලාශයක් යොදා ගනිමින් අපහාස කළ මඩ වෙබ් අඩවි, දසක තුනක් තිස්සේ අපේ රට ලේ විලක් කළ LTTE සංවිධානයේ ජාත්‍යන්තර නිල වෙබ් අඩවිය සහ, මේ දක්වාම හිටපු ජනාධිපති තුමා ඇතුළු පුද්ගලයන්ට කිසිදු මූලාශ්‍රයක් නොමැතිව මඩ ගසන වෙබ් අඩවි කිසිදු බාධාවකින් තොරව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහුන් සදහන් කර තිබේ.

බෙදුම්වාදී ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන වෙබ් අධවි වාරණය කිරිමට සහ ආණ්ඩුවට හිසරදයක්ව පවතින මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගැනිමේ සුදානමක් තිබෙන බව අප මිට දින කිහිපයකට පෙරද අනාවරණය කළා.

වෙනදාට වෙබ් අඩවියක මාධ්‍යවේදීයෙකුට රාජපක්ෂ රජයේ අයෙකු දුරකතන ඇමතුමක් දුන්න සැනින් මහා පාරට විත් කෑ ගසන මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටින බව පවසමින් රාජ්‍ය නොවන සංවිධාන වලින් කා…බාල් නැටුවන් අද මෛත්‍රීගේ කට කන නිසා කිසිවෙකුත් මේ ගැන කතා නොකරනු ඇත.

රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනිමේ සුදානමක්!

මෛත්‍රීට-රනිල්ට වෙබ් ෆෝභියාව සැදේ – ආණ්ඩුව් විරෝධී වෙබ් මර්දණයකට සුදානමක්!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.