Breaking
23 Feb 2025, Sun

පසුගියදා නුගේගොධදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තම හයිය පෙන්විමත් සමග පසුගිය ජනාධිපතිවරණ සමයේදි රාජ්‍ය නොවන සංවිධාන අටවාගනිමින් මුදල් උපයමින් බාල් නටමින් පදමට වෙරිවු පසු විවිධ ලිපි පලකර මෛත්‍රී ආණ්ඩුවේ විවිධ වරප්‍රසාද ලබාගත් බත් බැලයන් යලිත් සක්‍රියව සිටින බව වාර්තා වේ.

ඒ අනුව එම කණ්ඩායම් යලි යලිත් මහින්ද රාජපක්ෂ පාලනයක් බිහිවිම වැලැක්විම සදහා දත කමින් සිටින බව වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේස් පරිදි සිරිකොත පැත්තේ කරක් ගෑසු  NGO කාක්කෙකු ලෙස කටයුතු කරන මෛත්‍රී ආණ්ඩුවේ පිහිටෙන් හොර අඹුවට පෙන්නට ජාතික නාලිකාවක මුණ ඔබාගත් අයෙකු මධුවිත සංග්‍රහයක් පවත්වා ඇති අතර එහිදි වික්‍රමසිංහගේ උපාය ඔහු විසින් පවසා තිබේ….

“ලොක්කා කිව්වේ කොහොමහරි සන්ධානය දෙකට කඩන්න කියලා ….මොකද නැත්නම් අපී ..මහින්ද සමග සන්ධානය ඉල්ලුවොත් අපිට ආසන 80කට වඩා ගන්න බෑ….” එක්කෝ

මෙක (ශ්‍රිලනිපය)දෙකට කඩන්න ඔනෑ නැත්නම්  හංසයා වටා ආපහු එකතුවෙලා ඡන්දය ඉල්ලන්න ඔනෑ විදියට වැඩේ කෙරෙන්න ඔනෑ….

විදේශ කුමණ්ත්‍රනවල අතකොලුවන් බවට පත්ව සිටින මේ රටේ සුළු ජාතිකයින් විසිනි කුමන්ත්‍රණයක් හරහා මහින්දව පරාජය කර තිබේයින්  මතය දැන් සමාජගත වෙමින් තිබෙන බවයි මෙම සාකච්ඡාවේදි බත් බැලයන් පෙන්වා දි තිබේ.

මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ යළි හිස එසවීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇතැයි දේශය සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එල්.ටී.ටී.ඊය. විසින් ඝාතනය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වීමට කාලය එළැඹ ඇති බවයි.

ඇතැම් පුද්ගලයින් එල්.ටී.ටී.ඊ. හිතවාදී රාජ්‍ය නොවන සංවිධානවල අතකොළු බවට පත්වෙමින් කටයුතු කිරීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා. එම තත්ත්වය මර්දනය කිරීම සඳහා රජය වහා කටයුතු කළ යුතුයි. එසේ නොවුණහොත් එම රාජ්‍ය නොවන සංවිධාන බටහිර රටවල් සමග එක්ව යළි ශ‍්‍රී ලංකාව දෙකඩ කළ හැකි බවයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.