Breaking
23 Jan 2025, Thu

Res judicata නීති සිද්ධාන්තය දමා බැදුම්කර මගඩිය යටගැසීමට යයිද?…

බැදුම්කර සිද්ධියට අදාළ විමර්ෂණ කටයුතු සදහා වන ජනාධිපති විමර්ෂණ කොමිසම පත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවරුන් වන කේ ටී චිත්‍රසිරි හා පී එස් ජයවර්ධන මහත්වරුන් කොමිසමේ සාමාජිකයින් වන බවත් හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වන කේ වේලුපිල්ලෙයි මහතාද කොමිසමේ සාමාජිකයකු වනවා. කොමිසම විසින් 3න් මසක කාලයක් තුල මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා..මේ කොමිසමත් බටලන්ද කොමිසම වගේ වෙයිද? බටලන්ද කොමිසමෙන් පසු නීතිය ක්‍රියාත්මක වුණාද? Resjudicata යනු වරක් විනිශ්චිත කරුණක් සම්බන්ධව නැවත අධිකරණය විසින් සළකා නොබැලීමයි…බැදුම්කර වංචාව සම්බන්ධව අධිකරණ විමසීමක් සිදුකර තමුන්ට අවශ්‍ය පරිදි විනිසුරුවරු පත්කරගෙන දැන් අපි නඩු ඇහැව්වා මෙතන නඩුවක් නැහැ කියූ විට Resjudicata නීති සිද්ධාන්තය යටතේ ආයෙත් නඩු අැසීමට බැරිය….

මිග්යානා ගණුදෙනුව සම්බන්ධව මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දමා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය යටතේ අධිකරණ විමර්ශනයක් යනවා වගේ මේ බැදුම්කර වංචාවට සැකකරන අය සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දමා අධිකරණ විමර්ශනයක් යන්නේ නැත්තේ ඇයි? මේ බැදුම්කර ජනාධිපති කොමිසම කල් මැරිමේ කොමිසමක්ද? මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දමන්නේ නැතිව ජනාධිපති කොමිසමක් දමා ගත්තේ ඇයි?……

වසර තුනක වත්කම් හෙළි නොකළ බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනක් ඉල්ලා අස්කර ගන්නා ලද බව ජනතාවට අමතක වී ඇත්ද? අදාළ නඩු තුනෙන් ඇයව නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර ඇයට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරනු ලැබීය.අල්ලස් කොමිසම මෙම ඉවත්කර ගැනීම සඳහා අදාල දැනුම් දීම කොලඹ මහේත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබූ අතර කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා මෙම නඩු තුනෙන් හිටපු අගවිනිසුරුවරිය නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා නේද?.

උපුටා ගැන්ම

අල්ලස් කොමිසම නඩු තුනක් ඉල්ලා අස්කර ගනී… හිටපු අගවිනිසුරුවරිය නදොස් කොට නිදහස්

වසර තුනක වත්කම් හෙළි නොකළ බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු තුනක් ඉල්ලා අස්කර ගන්නා ලදී.

උපුටා ගැන්ම අවසන්

සුසිල් ප්‍රේම්ජයන්තට තිබුණු මහාධිකරණ නඩුව ඉල්ලා අස්කර ගත්තා මතකද? දැන් සුසිල් මේ දිනවල මෛත්‍රීට විරුද්ධ කරනමක් ගහන්න යනවා වගේ පෙන්නවා නේද? ඒ මොකද? මේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු සංඛයාව අඩුකරන්න පුළුවන් ජාතික ආණ්ඩුව ආරක්ෂා කරගන්න සුසිල්ව ඉත්තෙක් කරගෙන ඉන්නා හින්දද?

ඊනියා ජාතික ආණ්ඩුව අටවා ගනිමින් ඇමතිවරු සංඛ්‍යාව වැඩි කිරීමේ සිට 2015 අගොස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජිතයන් ඇමතිවරු කිරීමේ සියලු නීති ගැට ගහන්නේ කවුද? එකී පරාජිතයින් පාර්ලිමේන්තු යවන්න කියා ඒ මහා පාවිදීම කරමින් ලැජ්ජා නැතිව ඇමතිවරයෙක් ලෙස සුසිල් ඉන්නේ ඇයි?

දැන් දැන් සුමන්තිරන්වැනි ෆෙඩරල්වාදීන් ඝාතනය කරන්න සැළසුම් තියෙනවා කියමින් නැති භීෂණයක් රටේ ඇති කරන්න යන්නේ ඇයි?…ඇමෙරිකාවේ ට්‍රම්ප් දිනීම මෙ රට සිටින බෙදුම්වාදීන්ගේ බලාපොරොත්තු කඩවී ඇති නිසාද? අතුරුදහන් කාර්යාල පිහිටුවීමට පිටරට සල්ලි දැන් එන්නේ නැද්ද?

මේ සියලු නීති ගැට ගහන්නේ ජනතාවගේ මුදලින් යැපෙන නීතිපති දෙපාර්තමේන්තුවේ නීති උපදෙස් කණ්ඩායමද?

පසුගිය කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවට පුද්ගලික සම්බන්ධතා,…,ඥාති සම්බන්ධතා මත තෝරාගෙන සිටින අය ගැන ජනාධිපති කොමිසමක් පත් කරාවිද? තමුන් සමග එකම ඇමති මණ්ඩලයේ සිටි සගයින් මැගසින් බන්ධනාගාරයට දැක්කවීමට එඩිතරවන මෛත්‍රී ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය ප්‍රතිපත්ති, විනිවිදභාවය සහ අපක්ෂපාතීත්වය හදුන්වා දෙයිද? එසේ නැතිනම් විරුද්ධවාදීන් ගස් යැවීමට පමණක් නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවයිද?

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.