Anonymous Reporter

මේ කවුද? මොනවද කරන්නේ? රොහාන් වැලිවිට පිළිතුරු දෙයි -Right To Reply

මේ කවුද? මොනවද කරන්නේ? යනුවෙන් අප වෙබ් අඩවියේ පලවු ලිපියක් සම්බන්ධයෙන් රොහාන් වැලිවිට මහතා පැහැදිලි කිරිමක් එවා තිබේ. පිලිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබෙන වෙබ් අධවියක් ලෙස අප ඒ මහතා එවු පිළිතුර සම්පුර්ණයෙන් පලකර සිටිමු.

මා කලා ක්‍ෂේත්‍රයට පිවිසියේ 1978 වසරේය. ඒ වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු ලෙසය. රුපවාහිනී ක්‍ෂේත්‍රයට පිවිසියේ ජාතික රුපවාහිනියේ අරම්භ දිනයේ සිටය. ධම්ම  ජාගොඩ ,ලුෂන් බුලත්සිංහල , සිසිර කොතලාවල ,බර්ට්‍රම් නිහාල් ,පරාක්‍රම නිරිඇල්ල ,සුමනා නෙල්ලම් පිටිය, අනෝමා පෙරේරා ඇතුළු රුපවාහිනියේ අරම්භ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසය.රුපවාහිනී මාධ්‍ය සදහා ශ්‍රී ලංකාවේ පිරිනමන ලද පළමු සම්මානය 1983 වසරේ දිනාගනු ලැබුවේ මා විසිනි. මා විසින් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන Fine Vision ආයතනය ශ්‍රී ලංකාවේ පළමු රුපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ආයතනයි.එය අරම්භ කලේ මාගේ පියා වන ප්‍රවීන පුවත්පත් කලාවේදීයකු වූ ඇල්බට් වැලිවිට මහතා විසින් 1983 වසරේදීය. මෙම නිෂ්පාදන ආයතනය ලෝකයේ අංක 1 රුපවාහිනී නිෂ්පාදන උපකරණ අලෙවි කරන ආයතනයකි. එම ආයතනය පිළිබදව පහත සදහන් වෙබ් අඩවි වලින් විස්තර ලබාගත හැක.

www.finevision.lk

facebook.com/ finevisionsl 

මා දේශපාලනයට සම්බන්ද වුයේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හරහාය.එනම්1983 මහරගම අතුරු මැතිවරණයට දිනේෂ් ගුණවර්ධන මහතා තරග කොට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අවස්ථාවේදීය.එසේ සම්බන්ද වීමට මා හට හැකි වුයේ මාද දිනේෂ් මහතාගේ ගම වන බොරලුගොඩ ඉපදුන කෙනෙක්  සහ මාගේ පියා මහජන එක්සත් පෙරමුණ අරම්භ කිරීමට පිලිප් ගුණවර්ධන මහතා සමග පුරෝගාමී වූ පුද්ගලයකු නිසාය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේ මාධ්‍ය කටයුතූ කල ප්‍රධාන කණ්ඩායමේ  සාමාජිකයෙකු ලෙස මා කටයුතු කළේය. මලල්ගොඩ බන්ධුතිලක,අමරබන්ධු රූපසිංහ, ලාල් දිසානායක,නීතිඥ ගෝමස් දයාසිරි යන මහතුන් සමගය.එතුමිය රුපවාහිනී මාධ්‍ය සදහා කරන ලද සියලුම කතා පටිගත කරන ලද්දේ මාගේ පියා සහ මව විසින් ඉදිකළ ගෙය උගසට තබා මිලදී ගත් කැමරා කට්ටලයකිනි.

සිරිමා බණ්ඩාරනායක මහත්මිය පරාජය වූ පසු ප්‍රේමදාස රජය විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරියෙකු ලෙස නම් කොට මා සිරගත කරන ලදී. එසේ වූ එකම පුද්ගලයාද වුයේ මා පමණි.මෙම හේතුවෙන් එම පාලන කාලය තුල මා රුපවාහිනී සංස්ථා  සේවයෙන්ද ඉවත් කරන ලදී.චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර මහමැතිවරණයේ තරග කිරීම ,අගමැති ලෙස තරග කිරීම,ජනාධිපති ලෙස තරග කිරීමේදී එතුමිය ජයග්‍රහණය කිරීම සදහා සිටි ප්‍රධාන කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස කටයුතු කලෙමි.

චන්ද්‍රිකා මැතිනිය අගමැති වරණයට ඉදිරිපත් වීමේදී බගතලේ පාරේ පවත්වාගෙන ගිය කාර්යාලයේ ජයතිස්ස සමරනායක , ටි.ජයසිංහ , මැක්සි විජේතිලක,,නවින් ගුණරත්න යන මහත්වරුන් සමග මා ද කටයුතු කළේය.එම මැතිවරණයේදී ද රුපවාහිනී පටිගත කිරීමේ කටයුතු කරන ලද්දේ මාගේ උපකරණ වලින් නොමිලේය.

මහින්ද රාජපක්ෂ මහතා සමග මා සම්බන්ද වුයේ එතුමා ධිවර ඇමති කාලයේ ස්වාධින රුපවාහිනී සේවයේ දැරූ තනතුරු වන වැඩසටහන්  අධ්‍යක්ෂ හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ  යන තනතුරු දෙක පරිත්‍යාග කරමිනි . එම අමාත්‍යංශයේ මාධ්‍ය  උපදේශක ලෙස මා කටයුතු කල අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකයා කාලයේ පාර්ලිමේන්තුවෙන් පත්කරන ලද මාධ්‍ය ලේකම්වරයා  ලෙස කටයුතුද කලේ මා විසිනි.

මහින්ද මැතිතුමා අගමැතිවූ අවස්ථාවේ එතුමාගේ මාධ්‍ය ලේකම් ලෙස  හා මහාමාර්ග අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා  ලෙස කටයුතු කලේද මා විසිනි. එම තනතුරු දෙකේම මා සේවය කලේ මස 6ක් පමණි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු මා හට  සම්බන්ධිකරණ ලේකම් වරයකු ලෙස පත්වීමක් ලැබුණි. නමුත් මා හට නිශ්චිත කාර්යභාරයක් පවරා නොතිබිණ. එතුමාගේ  පාලන කාලයේ මා හට හිමි වාහනය ,දුරකථනය හැර කිසිම පහසුකමක් මා ලබාගෙන නොමැත.  පසුගිය ජනාධිපති වරණයේදී කිසිම ස්ථානයක මා කටයුතු කලේ නැත. නමුත් රෝහණ වීරසිංහ මහතා විසින් සංවිධානය කල රැළි මාලාවට උදවු උපකාර කිරීම සහ කලාකරුවෙකු ලෙස සහභාගී විය .එතුමාගේ පරාජයට මාගේ කිසිම සම්බන්දයක් නොමැති අතර 1994 මැතිවරනයේදි ඔහුගේ ජයග්‍රහනය වෙනුවෙන් ඇප කැපව කටයුතු කලා මෙන් නැවත ඔහු අගමැති කරවීමේ සටනට ස්වේච්චාවෙන් දිවිහිමියෙන් කටයුතු කිරිමට ඉදිරිපත් වුනෙමි..

කරුණු පැහැදිලි කිරීම

1. නුගේගොඩ සහ මහනුවර රැළි වල අන්තර්ජාල විකාශයේ කටයුතු කලේ tharunaya.com ආයතනයෙනි.අප ආයතනය විසින් සිදු කලේ වීඩියෝ ගත කිරීමේ දිගුව ලබාදීම පමණි.

2. රත්නපුර රැළියේදී සිදුවුයේ කාලගුණ විපර්යාසය නිසා ප්‍රශ්නයකි.වර්ෂාවෙන් අපගේ උපකරණ ක්‍රියාකාරිත්වය ඇන හිටිණි.නමුත් චන්ද්‍රිකා විකාශය නොකඩවා පවත්වාගෙන යන ලදී.

3. CSN නාලිකාව ආරම්භයේ මා අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කලද මුල් කාලයේදීම මා එම තනතුරෙන් ඉවත් විය.මෙම නාලිකාව අරම්භ කිරීම සදහා මා කිසිදු මුදලක් ලබාගෙන නොමැත. මාගේ උපකරණ ඒ සදහා මා ලබා දි තිබිණ.එම නාලිකාවේ ආරම්භයේ සිටි ඕනෑම  අයෙකුගෙන් මේ පිළිබද නිවැරදි කිරීමේ විස්තර ලබාගත හැක.
ප්‍රසන්න – 077-3883884
තුසිත  –    077-3732298

4. වස්සානයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක  වරයා ඩෙන්සිල් ජයවිරය ,ඔහු චිත්‍රපට 40 කට අධික ප්‍රමාණයක් සංස්කරණ ශිල්පියෙකු ලෙස  කටයුතු කල පුද්ගලයෙකි.ඔහු  චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට වසර 5ක කාලයක් උත්සහ කර ඇත.එය අසාර්ථක වූ පසු ඔහුගේ අවශ්‍ය තාවය ඉටුකරනු ලද්දේ මා විසිනි.මෙම චිත්‍රපටය දින 5ක කාලයක් ප්‍රදර්ශනය ප්‍රමාද වුයේ පිටපත් මුද්‍රණය කල ඉන්දියාවේ Film Lab ආයතනයට මුදල් ගෙවීමට ප්‍රමාද වීම නිසාය. මෙම චිත්‍රපටයේ සත්‍ය තත්වය හෙළිකිරීමට මා මැලි වනුයේ දේශීය සිනමාවට විශාල සේවයක් කල නැසීගිය ඩෙන්සිල් ජයවීර මහතාට කරන ගෞරවයක් ලෙසය.
මෙම චිත්‍රපටයේ නිෂ්පාදක වරයා ඩෙන්සිල් මහතාගේ බෑනාය. ඔහුගේ නම සුගත්ය.දුරකථන අංකය 072-8751077මෙහි සත්‍ය අසත්‍ය බාවය ඔහුට කතාකොට දැනගත හැකි අතර එම චිත්‍රපටය සදහා මා හට කොපමණ මුදලක් ගෙවීමට තිබෙන වාද කියාද ඔහුගෙන් දැනගත හැක. මා විසින් දේශීය සිනමාවට කල සේවය ආචාර්ය ධර්මසේන පතිරාජ, රේණුකා බාලසුරිය ,සනත් අබේසේකර ,සුනිල් ටී.ප්‍රනාන්දු සුගත් සමරකෝන් ,නීටා ප්‍රනාන්දු ,ප්‍රසන්න ජයකොඩි , විමික්ති ජයසුන්දර, චන්ද්‍රරත්න මාපිටිගම, බන්දු සමරසිංහ,සනත් ගුනතිලක,ජනිත මාරසිංහ ,රන්ජන් රාමනායක, ක්ලීටස් මෙන්ඩිස්, සුදෙශ් වසන්ත පීරිස්,චන්න පෙරේරා,ජැක්සන් ඇන්තනි යන මහත්ම මහත්මින් ගෙන් දැන ගැනීමට හැක.

5. මාගේ පුතා විසින් කාන්තාවන් සමග ඇතිවූ අරගලයක් නොමැත.එය සිදු වුයේ මාගේ බිරිදගේ අක්කාගේ පුතා සමගය.නමුත් එම සිද්දියට මාගේ පුතාද සම්බන්ද විය මේ පිළිබද විස්තර මහරගම පොලිසියෙන් ලබාගත හැක.

6. තිනෙත රුපවාහිනී නාලිකාව මෙරට ලියාපදිංචි කල නාලිකාවකි.එම නාලිකාව හිමි ආයතනය Futuresatcom Holdings ආයතනයයි.එම ආයතනය සදහා TRC විසින් ලබාගතයුතු  DTH බලපත්‍රයද ලබාගෙන  ඇත.මෙම බලපත්‍රය ලබාගැනීම සදහා රු.මිලියන 5.2 ක මුදලක් ගෙවා ඇත.මේ පිළිබදව විස්තර 1900 හෝ 2689345 දුරකථන අංක වලින් ලබාගත හැක.

7. නොමිලයේ කොප්ටර් යොදා ගනිමින් ගුවන් දර්ශන රුගත කිරීම් කරන කණ්ඩායමට මා සහයෝගය ලබා දෙන බව සනාථ කර ගැනීමට එය ඉටුකරන කැලුම් – 076-6446548 මහතාගෙන් දැනගත හැකිය.

8. වර්තමානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය සබන්ධිකාරක  ලෙස නිලවශයෙන් පත්කර නොමැති බව සත්‍යය.එය මා පිලිගනිමි.

9. සමාජ වේබ් අඩවි මධ්‍ය කරුවෙකු ලෙස පෙනිසිටි තරුණයෙකු හට අභයාරාම පන්සලට ඇතුළුවීමට ඉඩ නොදුන්නේ මා විසින් නොවේ.මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡා කර එතුමාගේ උපදෙස් පරිදි  මාධ්‍යවේදීන් එතුමාගේ මහජන හමුවීම් සදහා සහබාගි කරවීම  ඊට පසුව ඉටුකරන ලද්දේ මා විසිනි.

10. මා චිත්‍රපට නිෂ්පාදකයකු නොවේ.එකම චිත්‍රපටයක්  පමණක් අධ්‍යක්ෂණය කර ඇත. එනම් “සුසීමා” චිත්‍රපටයි මාගේ ආයතනයේ සිදුකරන්නේ චිත්‍රපට නිෂ්පාදනය සදහා උපකරණ සැපයීම සහ සේවා සැපයීම පමණි. ආචාර්ය මාලනී ෆොන්සේකා ,ශ්‍රියානි අමරසේන, නිටා ප්‍රනාන්දු, ස්වර්ණා මල්ලවාරච්චි,සබීතා පෙරේරා,නදීකා ගුණසේකර,නිල්මිණි තෙන්නකෝන්,සේමිනි ඉද්දමල්ගොඩ,මැණික් කුරුකුලසූරිය ,පබෝදා සංදීපනී ඇතුළු ඕනෑම රංගන ශිල්පිනියෙකුගෙන් මාගේ චරිතය දැනගත හැක.

11. ජයන්ත වික්‍රමසිංහ මහතාගේ සිද්දියේ සත්‍ය තාවයක් ඇත.නමුත් ඔහු සමග අරම්භ කල ව්‍යාපාරය අතරමග නැවතින.ඔහුවිසින් වියදම් කල රු.ලක්ෂ පහක මුදල වෙනුවට රු.ලක්ෂ 18 ක මුදලක් ලබාදී ඔහු වෙනුවට වෙනත් අධ්‍යක්‍ෂකවරයෙකු පත්කර ගත්තේය.

12. මෙම ලිපියේ සදහන් පරිදි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය වසර පහක පමණ කාලයක් මා මුණගැසෙනවා තියා දුටුවේද නැත.

13. රංග ජයවර්ධන නමි ව්‍යාජ නමින් සැඟවී සිටින්නා ලෙස මා සැගවී සිටින පුද්ගලයකු නොවේ.

මාගේ නම : රොහාන් වැලිවිට 
නිවසේ ලිපිනය  : නො. 33, රෝහල පාර ,ගලවිලවත්ත, හෝමාගම.
කාර්යාලය         : නො. 32/1,අවරිහේන පාර, පොල්හේන්ගොඩ, කොළබ 05.
දුරකථනය         : 0112818433
ජංගම දුරකථනය : 077- 3831849
වෙබ් අඩවි : www.finevision.lk
                 : www.thinetha.tv

                 : facebook.com/thinethatv

                 : facebook.com/ finevisionsl

ප.ලි.මි. – වර්තමානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මා සහ මාගේ ආයතනය ස්වේච්චාවෙන් කරන කාර්යභාරය විමල් විරවංශ , දිනේෂ් ගුණවර්ධන , උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර  මැතිතුමන්ලා සාක්‍ෂි දරනවා ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top