Anonymous Reporter

සජිත් කියන්නේ ස්‌නායු ආබාධිතයෙක්….මමයි බෙහෙත් කළේ!

සිරිසේන කම්කරුවෙකු සහ රනිල් සිකිරුටි කරුවෙකු කරමින්…. උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි,රස්සා දෙමින් එජාපයේ නායකයා විමට සිහින බලන තාත්තාගේ අඩිපාරේ යමින් නිධන් හොරා වු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ස්නායු ආබාධයකින් පෙලුන සහ ඒ හෙතුවෙන් මානසික රෝගියෙකු වි ඇති බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා කල ප්‍රකාශයෙන් පසුව් කල සොයා බැලිමේදි තහවුරු වි තිබේ.

ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රතිකාර කල ආයුර්වේද වෛද්‍ය සෝමසිරි විමලසේකර  කල අනාවරණයකට අනුව සජිත් ස්නායු රෝගයකින් පෙලෙන්නෙකු මෙන්ම ඒ සදහා ප්‍රතිකාර කිරිමට කටයුතු කර ඇත්තේ ඔහු බවද තහවුරු කර තිබේ.

ප්‍ර- එතකොට විදේශයකදී ස්‌නායු ආබාධයකට ලක්‌වූ සජිත් ප්‍රේමදාසට ප්‍රතිකාර කළෙත් ඔබද?

පි-  පිටරට කාටවත් සජිත්ව හොඳ කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයා මට කතා කරල ප්‍රතිකාර කරන්න කිව්වා. ඒකෙන් තමයි හොඳ වුණේ.

ප්‍ර- නමුත් සජිත් වරක්‌ තමන්ට එවැනි රෝගී තත්ත්වයක්‌ නොතිබූ බවට ප්‍රකාශයක්‌ කර තිබුණා නේද?

පි- ඕකට හොඳම ජීවමාන සාක්‍ෂිය හේමා ප්‍රේමදාස මහත්මිය, එතුමියගෙන් ඇහුව නම් කියයි. එතකොට හේමා මැඩම්ගේ අම්මා, තාත්තා විතරක්‌ නොවෙයි මල්ලිත් ප්‍රතිකාර ගත්තේ මගෙන්.

අදාළ ස්නායු රෝගය හේතුවෙන් සජිත් ප්‍රේමදාස නිරන්තර තරහට පත්වන සහ සෑම වැඩකටම අසමත් කමක් දක්වන මෙන්ම් වඩාත් භයානකම දේ වන්නේ නිරනතර අමතක විමෙ ලෙඩකින් පසුවන බව වන බවද සංවාදයේ සටහන් නොවි තිබු දේ පිළිබඳව අප කල සොයා බැලිමේදි අනාවරණය වි තිබේ.

ආයුර්වේද වෛද්‍ය සෝමසිරි විමලසේකර ප්‍රේමදාස සම්බන්ධතාව

ප්‍ර -ඔබත් හිටපු ජනපති ප්‍රේමදාස මහතාත් අතර සම්බන්ධයක්‌ ගොඩනැඟෙන්නේ කොහොමද?

පි- අසූ ගණන්වල ෆුට්‌බෝල් මැච් එකක්‌ තිබුණා. පාර්ලිමේන්තු කණ්‌ඩායමයි – නගර සභා කණ්‌ඩායමයි එක්‌ක. ප්‍රේමදාස මහත්තයත් සිරිසේන කුරේත් දෙපැත්ත ටීම් දෙකේ නායකයෝ. මැච් එකේදී ප්‍රේමදාස මහත්තයා කකුලේ තුවාලයකට ලක්‌ වුණා. හැම තැනින් ප්‍රතිකාර කළත් හරි ගියේ නැහැ. එතකොට හිටපු සහකාර පොලිස්‌ අධිකාරී ඩග්ලස්‌ පෙරේරාගේ පවුලටම ප්‍රතිකාර කළේ මම. දවසක්‌ මාව ඩග්ලස්‌ පෙරේරා “පෙර ගමන්” රථයකින් ඇවිත් ප්‍රේමදාස මහත්තයා ගාවට එක්‌කං ගියා.

ප්‍ර- ප්‍රතිකාර කළ ස්‌ථානය ජනාධිපති මංදිරය වෙන්නැති?

පි- ජනාධිපති මන්දිරයට යන්න එතුමා කැමැති වුණේ නෑ. මොකද එතකොට අගමැතිනේ. සුචරිතේට තමයි ගියේ. වතුර රත් කළේ මොහිදින්.

ප්‍ර-ප්‍රතිකාර කරන වේලාවට ප්‍රේමදාස මහත්තයාගේ හැසිරීම කොහොමද?

පි( ගොඩක්‌ වෙලාවට පොතක්‌ කියවනවා. නැත්නම් හඩ්සන් සමරසිංහට නැත්නම් රූපවාහිනියේ කෙනෙක්‌ ගෙන්නල තමන් පවත්වපු කතාවක්‌ අහනවා. හිටපු හැටියේ කලබල වෙනවා. කතාවල සමහර තැන් කපන්න හඩ්සන්· හඩ්සන්· කියල කෑ ගහනවා. එතකොට මං දන්නේ රෑට ප්‍රවෘත්තිවලට යන්න නියමිත ප්‍රවෘත්ති කියලා.

ප්‍ර- ෆුට්‌බෝල් මැච් එකෙන් ආබාධයට ලක්‌ වුණ වෙනත් අය කවුද?

පි- ගොඩක්‌ අය ඇතුල් කළේ “කලිල් නර්සිංහෝම් එකට” ජෝන් අමරතුංග වගේ පිරිසක්‌ම හිටිය. මට ප්‍රේමදාස මහත්තයා රෝහලට ඇතුල් වෙලා ප්‍රතිකාර කරන්න විශේෂ අවසරයක්‌ දුන්නා.

ප්‍ර- ප්‍රේමදාස කියන්නේ මෙරට විධායක ජනාධිපතිවරයෙක්‌. රජවරුන්ට සාමාන්‍ය පුද්ගලයන්ට හිඳින බෙහෙත් භාවිතා කරනවාද?

පි- වැදගත් ප්‍රශ්නයක්‌. ආයුර්වේදයේ රජවරුන්ට සාමාන්‍ය බෙහෙත් භාවිත කරන්නේ නැහැ. අපේ ගේ ගාව කොට්‌ටාව රුක්‌මලේ පන්සලේ නායක හාමුදුරුවන්ට ප්‍රේමදාස පේන්න බෑ. ඒත් රටේ නායකයා නිසා පන්සලේ බේත් හදන කටයුත්තට ඉඩ දුන්නේ නැකතකුත් හදලා. හාමුදුරුවෝ බේත් හිඳින කොට ඇවිත් එළිවෙනකම් පිරිත් සත්ධායනයක්‌ පැවැත්වූවා.

ප්‍ර- එතකොට ඔබ රාජකීය වෙදෙක්‌?

පි- ප්‍රේමදාස මහත්තයා කාටවත් අන්දවන්න බෑ. මේ ක්‍රම ගැන එතුමා හොඳින් දැන සිටියා. පංසල අවට PSD එකෙන් ආව ගියා කියලත් ඒ කාලේ කතාවක්‌ තිබුණා. රටේ මේ තරම් වෛද්‍යවරු ඉඳිද්දී ප්‍රේමදාස මහත්තයා තෝරා ගත්තේ මාව. ප්‍රේමදාස රජෙක්‌ නම් ඒ රජාට ප්‍රතිකාර කළ රාජකීය වෙදා මමයි කියල මං ගැන ඒ කාලේ විදේශීය ආයුර්වේද සඟරාවක පළවෙලා තිබුණා.

ප්‍ර- ප්‍රේමදාස මහත්තයාට ප්‍රතිකාර කළාට තුටු පඬුරු ලෙස ලැබුණේ මොනවාද?

පි- ගෙවීම් කළේ බ්‍රැඩ්මන් වීරකෝන් ලේකම්වරයා. සුචරිතය ළඟම මට මහල් නිවසක්‌ දෙන්න ප්‍රේමදාස මහත්තයා නිවාස අධිකාරියට නියෝග කළා. ඒ නියෝගයේ තිබුණා සුචරිතය ඉදිරිපිට “මගේ ආයුර්වේද බේත් ශාලාව” පවත්වාගෙන යන්නට කඩ සාප්පුවක්‌ද ලබා දිය යුතු බව. නමුත් මම මේ දෙකම ප්‍රතික්‍ෂේප කළා.

ප්‍ර- ඔබ ප්‍රේමදාස මහත්තයාට ප්‍රතිකාර කළාට හේමා ප්‍රේමදාස ආර්යාව ප්‍රතිකාර ගත්තේ හොරිවිල සිටි වෙදෙක්‌ගෙන් නේද?

පි- ඕක ඔය ඒ කාලේ පත්තරකාරයෝ පටලව ගත්තා. හබරණ ඉන්නකොට එක සැරයක්‌ එතුමියට ප්‍රතිකාර කරල තිබුණා. නමුත් ඊට පස්‌සේ ප්‍රතිකාර කරල සුව කළේ මම. එක පත්තරේක තිබුණා ඔය කියපු වෙද මහත්තයා බලන්න හේමා ආර්යාව ගියේ සෙනඟ කන්දරාවක්‌ මැද්දෙන් හිරවෙලා කියලා. ඒත් ඒ සෙනඟ ප්‍රතිකාර ගන්න ආපු අය නොවෙයි. හේමා ප්‍රේමදාස ආර්යාව බලන්න ආපු අය.

අදාළ වෛද්‍යවරයා දිවයින පුවත් පතටද මෙම අනාවරණය කර තිබුනා.

අදාළ වෛද්‍යවරයා දිවයින පුවත් පතටද මෙම අනාවරණය කර තිබුනා.

Top