All

රණවිරු ගායට ආණ්ඩුවෙන් සැප දෙයි! සොල්දාදුවන් 50ක් රැගෙන ගොස් රඳවාගෙන වද දෙයි! හමුදාවට අණදෙන්නේ සලේ!

ජනතාව පන්නා දැමු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමිපතම මෙන්ම රාජපක්ෂලාගේ මජර වැඩ සියල්ලක්ම මෙහෙයවනු ලැබු, පාස්කු ප්‍රහාරයේ පළමු චුදීතයා වන රාජ්‍ය බුද්ධී අංශ ප්‍රධානී සූරේෂ් සලේ ආරක්ෂක ප්‍රධානින් සියලුම දෙනාට ඉහලීන් අණදෙන්නෙකු බවට පත්ව සිටින බව LNN විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ගාලුමුවදොර අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය හදිසීයේ මෙහෙයවා ඇත්තේද සලේ විසින් වන අතර එ සදහා කුප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම ආයුධ ගණුදෙනුවල යෙදෙන ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපතිගේද සහය ලබාගෙන තිබේ.අදාළ මිලේච්ඡ පහරදිම සම්බන්ධයෙන් හමුදාපතිවරයා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා අර්බුදයකට මුහුණ දි සිටින බවත් අප වාර්තාකරු අනාවරණය කළා.

මේ වනවිටත් සලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉතාම සමීපව කටයුතු කරන බවත් ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ ගෝඨාභයගේ නියෝගය බවත් අනාවරණය වි තිබේ. මේ වනවිටත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම සාක්ෂී වෙනස් කරමින් තමන්ට අවශ්‍ය අකාරයට එය සකස් කිරිමේ මෙහෙයුම ආරම්භ වි ඇති අතර එය සම්පූර්ණයෙන් මෙහෙයවනු ලබනුයේද සලේ විසින් බවයි අනාවරණය වි ඇත්තේ.

ඉදිරි මාස කිහිපය තුල රටින් පන්නා දැමු ගෝඨාභය යලි ලංකාවට පැමිණීමට නියමිත අතර ඊට අදාළ දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට සලේගේ ප්‍රධානත්වයෙන් දියත් වෙමින් තිබේන බව අනාවරණය කල අප වාර්තාකරු ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියෙදි බලාපොරොත්තු වන්න.

රණවිරු ගායට ආණ්ඩුවෙන් සැප!

මේ අතර සන්නද්ධ හමුදා සාමාජිකයන් ජන අරගලයට සහාය පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධ චෝදනා ගොනු කිරීමට කටයුතු කරමින් සිටින අතර එම මෙහෙයුම මුළුමනින්ම සුරේෂ් සලේ විසින් මෙහෙයවනු ලබයි. ඒ අනුව සන්නද්ධ හමුදා සාමාජිකයන් ජන අරගලයට සහාය පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සන්නද්ධ හමුදා සාමාජිකයන් 50ක් පමණ මේ වනවිට මිලිටරි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොල්හේන්ගොඩ කඳවුරේ රඳවා තබාගෙන වඳදෙමින් ප්‍රශ්ණ කරන බව අනාවරණය වි තිබේ.

මෙම සොල්දාදුවන් සතු නවීන පන්නයේ ජංගම දුරකථන මිලිටරි පොලිසිය භාරයට ගෙන ඇති බවත් ඒවා පරික්ෂා කරමින් මෙම සොල්දාදුන් විසින් වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් හා ෆේස්බුක් ආදි සමාජ මාධ්‍ය ඔස්සේ කළ සන්නිවේදනයන් මෙන්ම ඔවුන් විසින් ජන අරගලයට දක්වා ඇති ප්‍රතිචාර විශේෂ විමර්ශනයකින් සොයාගන්නට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එම සමාජ මාධ්‍ය භාවිතයට අදාළ සාක්ෂි ගොනුකරමින් ඔවුන්ට චෝදනා නගන්නටද ඉන්පසුව ඔවුන් ආරක්ෂක අංශ රාජකාරියෙන් නෙරපා, වෙනත් රැකියාවක් කළ නොහැකි ආකාරයේ දණ්ඩනයකට ලක් කිරිමටද මේ වනවිට මෙහෙයුම් දියත් කරමින් සිටි.

රදවාගෙන සිටින සොල්දාදුවන් සිරමැදිරිවල රඳවා විවිධ තාඩන පීඩනවලට ලක් කෙරෙන අතර ඔහුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සම්බන්ධයක් තිබේද යන්න ප්‍රශ්ණ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සොල්දාදුවන් සම්බන්ධව පවුලේ සමීපතමයන් විසින් කරණු ලබන විමසීම්වලදී සාමාන්‍ය ආකාරයට තොරතුරු දක්වන ලෙසටත් සිදුවන හිරිහැර ගැන කිසිවක් නොකියන ලෙස තර්ජනය කරනු ලබන බවද දැනගන්නට තිබේ. සලේගේ මෙම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධී අංශය තුල කැළඹීමක් ඇති කර තිබේන අතර ඒ හේතුවෙන් බුද්ධි අංශය දෙකඩ වි ඇති බවද වාර්තා වේ.

Top