චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ, කාර්යාල කාර්යය සහායිකාවක් ලෙස සේවය කළ සඳුනි ආරියවංශ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් 2015 යහපාලන සමයේ, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සභාපතිත්වයෙන් ඇරඹී ජාතික සමගිය හා සංහිදියා කාරයාලයේ සහකාර අධ්‍යක්ෂකවරියක් ලෙස කැබිනට් මණ්ඩලය මගින් පත්කරවා ගන්නා ලදී.එකල්හි එම ආයතනය ජනාධිපති කාර්යාලය යටතේ පැවති අතර, පසු කාලීනව විවිධ අමාත්‍යාංශ යටතේ පාලනය විය.
මේ වන විට සේවකයින් එකොළහක් දක්වා පහත වැටී කඩා වැටී ඇති ආයතනය, මෙම රජයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ඌණ උපයෝගීතා රාජ්‍ය ආයතන පිළිබඳ සොයා බැලීමේ කමිටුව මගින් මෙම ආයතනය හානිපූර්ණ කාර්යාලය හා ඒකාබද්ධ කරන ලෙස යෝජනා කොට ඇත.
කෙසේ වෙතත් සඳුනි ආරියවංශට පුනරුදය උදාවන්නේ ගැහැණු ලොලෙක් වූ ආචාර්ය විජිත් රෝහණ ප්‍රනාන්දු යන කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ සභාපති ධූරයට පත් කිරීමත් සමඟය.
ඒ වන විටත් විනය පරීක්ෂණයක් මත වැරදි කාරියව රැකියා අහිමි වීමට ආසන්නයටම පැමිණ සිටි සඳුනි ආර්යවංශ සභාපතිවරයා හා දුරදිග හිතවත්කම කට මුල පිරීමත් සමගම ඇය හා තිබුණු පරීක්ෂණ එකවරම නතර වී සංස්ථා මණ්ඩල පත්‍රිකා හරහා ඒවන විට නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ සිට අධ්‍යක්ෂ තනතුර දක්වා උසස් වීමක් ලබා ගැනීමට සමත් විය.රජයේ සංස්ථා මණ්ඩලවල අධ්‍යක්ෂ තනතුරක සිටීම සඳහා අවශ්‍ය කරන මූලික සුදුසුකම් හා පළපුරුද්ද යන අවශ්‍යතා සපුරා නොමැති මැය, විජිත් රෝහණගේ ආලයේ ලෝලයෙන් අධ්‍යක්ෂ තනතුර ලබාගෙන නතර වන්නේ නැත.මේ දක්වා මෙම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ රාජකාරී ආවරණය කරමින් සිටියේ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු දි සාපතිවරයෙකු වූ කේ.මහේෂන් මහතාය. රාජ්‍ය සේවය තුළ කීර්තිමත් නිලධාරියකු ඔහු වයස හැටපිරීමත් සමඟම විශ්‍රාම යෑමට සූදානම් විය.
ඒ අතරතුර මෙම කාර්යාලය සඳහා ඔහු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය කටයුතු කළ අතර ( එය ඉතා වැදගත් වන්නේ, මේම කාර්‍යාලය සදහා දමිල භාෂාව හැසිරවිය හැකි නිලධාරීයෙකු අත්‍යාවශ්‍ය ව පැවැති නිසාය), එම ලිපිය ලැබීමට පෙර මෙම ආයතනයේ සභාපතිවරයා විසින් ඔහුව විශ්‍රාම ගැන්වීමටත්, ඒ වෙනුවට සඳුනි ආර්යවංශ පත් කිරීමටත් කටයුතු කර ඇත.
ඇය සම්බන්ධව මේ වන විටත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබුනද, ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි. මෙම සභාපතිවරයා ජාතික ජන බලවේගය |NPP| නියෝජනය කළ අයකු වන අතර, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අංශ විසින් මෑව මෙම තනතුරට පත් නොකරන ලෙස උපදෙස් ලබා දී තිබියදී, රමණයේදී ලද පහස දේශපාලනයට වඩා ලොකු කර ගනිමින් සභාපතිවරයා අත්තනෝමතිකව කටයුතු කර ඇත.
මෙය පැහැදිලිව ලිංගික අල්ලසකි, දූෂණයකි.
අල්ලස් කොමිසමේ සභාපති නීල් ඉද්දවල මහතාණනි, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාණෙනි, මේ ඔබේ අවධානය පිණිසයි.
ජාතික සමඟිය හා ප්‍රතිසංන්ධානය සඳහා වන කාර්‍යාලය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. මෙම ආයතනය වර්ෂ 2015දී අමාත්‍ය මණ්ඩල සංදේශයක් යටතේ පිහිටුවනු ලැබූ අතර 2024 අංක 01 දරණ පාර්ලිමේන්තු පණත මඟින් ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත්විය. පනත අනුව ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා අධ්‍යක්ෂ ජනරාල් වන අතර සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වනු ලබයි.
එහෙත් මේ වන තුරු බඳවා ගැනීමේ පටිපාටිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කොට නැත.
මේ නිසා ස්ථිර අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පත් කර ගැනීමට නොහැකි වී ඇති අතර වැඩ බැලීමේ පදනම මත පරිපාලන සේවයේ ජේෂ්ඨ නිළධාරීයෙකු (අතිරේක ලේකම් කේ. මහේසන්) යටතේ මේ වන විට පාලනය වේ.
නමුත් අදාල නිළධාරියා අද සැප්තැම්බර් 30 සිට විශ්‍රාම යාමට නියමිත නමුත් අමාත්‍යාංශයේ ලේකම් තුමියගේ උපදෙස් අනුව තව දුරටත් මෙම කාර්‍යාලයේ වැඩ බැලීමට එකඟව සිටි නමුත් ආයතනයේ සභාපතිවරයාගේ (විජිත් රොහාන් ප්‍රනාන්දු) සහාය ලබන නියමිත සුදුසුකම් සපුරා නොමැති අයෙක් (සඳුනි ආරියවංශ) අදාල තනතුරේ වැඩ බැලීමට පත් කිරීමට සභාපතිවරයා කටයුතු කරනු ලැබීය. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය නොමඟ යවමින් එකඟතාවය ඉතා සූක්ෂමව ලබා ගැනීමට සභාපති වරයා කටයුතු කල අතර ඒ සඳහා මෙම කාර්‍යාලයට අමාත්‍යාංශය නියෝජනය කිරීමට පත් කර ඇති අතිරේක ලේකම් වරිය (ආර්. පී. එස්. සමන්කුමාරි) සහාය ලබා දී ඇත.
පත්කිරීමට යන සඳුනි ආරියවංශට විරුද්ධව ජනාධිපති විමර්ශන අංශයට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතත්, මෙතෙක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නැත.
පත්කිරීමේ ක්‍රියාපටිපාටිය ඇතුලත් ආයතන සංග්‍රහයේ 13 වන වගන්තිය බලන්න !
සියලු ලේඛන මේ සමග අමුණා ඇත!!!
W.A වසන්ත පෙරේරා විසින් යොමුකර ඇති පැමිණිල්ල