Featured

මේජර් ජයමාන්න එල්ලා මරා ෆොන්සේකාට බේරෙන්න දෙමුද?

Published on: Oct 16, 2016- කොටි ත්‍රස්තවාදීන් විනාශ කල ලෝව විශිෂ්ටතම හමුදා බුද්ධි අංශය විනාශ කිරිමට භාවිතා කල යහපාලන අවි දෙකක් වු මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් වෙනතකට හරවා එම ඝාතනයන්ට වගකිවයුතු හිටපු යුධ හමුදාපති වත්මන් යහපාලනයේ පිනා අමාත්‍යධුරය දරණ සරත් ෆොන්සේකා මෙන්ම රටේ ඝාතන රැසකට වගකිවයුතු ප්‍රා නායකයෙකු වන අමාත්‍ය පාඨ්ළි චම්පික රණවක ගලවා ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති වග අප අවස්ථා ගණනාවක්දි අනාවරණය කලා.

2015 ජනවාරි 8 වැනිද දක්වාම (2010 ජනාධිපතිවරණයට එජාපය සමග එක්ව තරග කලත් ෆොන්සේකා විරෝධින් තවමත් එජාපයේ සිටි.) සරත් ෆොන්සේකා ලසන්තගේ ඝාතකයා බව ඔහු අද ඇමතිකම් දරණ එජාපයේත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පිළිගෙන තිබු බව රටෙම ජනතාව දනී.

ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවයි.

ලසන්ත ඝාතනය මෙන්ම ප්‍රගීත් ඝාතනය රාජපක්ෂලාගේ ඇගේ ගසන්නට යහපාලනය ගත් උත්සහය අවුල් වී ගියේ පරික්ෂණ අවසානයේ එහි වරදකරුවන් වන පුද්ගලයන් අතර ෆොන්සේකාලා මෙන්ම රණවකලාත් සිටිමය.තත්ත්වය එසේ තිබියදි පසුගියදා හදිසියෙම හමුදා බුද්ධි අංශ රණවිරුවෙකු ලසනත ඝාතනය සම්බන්ධයෙන් වරද පටවා ගනිමින් සියදිවි නසා ගත්තේ පරික්ෂණ වෙනතකට හරවමින් පමණක් නොව හමුදා බුද්ධි අංශ සමාජිකයන් කුළී මිනිමරුන්ව බවට වු සංඥාවක්ද බෙදුම්වාදීන්ට නිකුත් කරමින්‍ ය.

තමන් ලසන්ත ඝාතනය කළ බවත් ඒ නිසා දැනට සැකකරුවෙකු වන සාජන් මේජර් උදුලාගම නිදහස් කරන ලෙසත් ඔහු ලිපියක් ලියා තබ තිබු බවට පොලිසිය මාධ්‍යයට අනාවරණය කළද බුද්ධි අංශ නිළධාරියෙකු ඒ අකාරයේ මොඩ ක්‍රියාවක කිසිවිටකත් නියැලෙන්නේ නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ වගකීම භාරගනිමින් පසුගිය (14) උදෑසන එල්ලී මිය ගොස් සිටි කෑගල්ලේ පදිංචිව සිටි විශ්‍රාමික සාජන් මේජර් වරයෙක් වූ ජයමාන්න නැමැත්තා ඝාතනය කර ලසන්ත සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ හරහා සරත් ෆොන්සේකාට එල්ල වෙමින් තිබේන චොදනා වෙනතක යැවිමට කටයුතු කර ඇති බව දැන් නොරහසකි.

අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරන ආකාරයට මෙම බුද්ධි අංශ සමාජිකයා ඝාතනය කිරිම හරහා ලසන්ත ඝාතකයන් බලාපොරොත්තු වු දෙයක් තිබේ… එනම් සරත් ෆොන්සේකා විසින් ලසන්ත ඝාතනය කිරිමට අදාළව අතිශය වැදගත් මෙන්ම තිරණාත්මක සාක්ෂියක් අදාළ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සතුව තිබි ඇති බවයි.ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යැයි කියමින් අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිළධාරීන් මාස 16 තිස්සේ හිරකොට තබමින් ගන්නා ප්‍රකාශ කිහිපයකද අදාළ බුද්ධි අංශ සමාජිකයාගේ නම සදහන්ව ඇති අතර ඒ අනුව එම සාක්ෂිය අතුරුදහන් කිරිම මෙන්ම ඒ හරහා බුද්ධි අංශය කුළී මිනිමරුවන් ලෙස සමාජය හමුවේ හංවඩු ගැසිම සහ බොරු සාක්ෂි නිර්මාණය කරමින් ගෝඪාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂලාට මඩ ගැසිමට අලුත් මාවතක් නිර්මාණය කර ගැනිම යහපාලන ඝාතකයන්ගේ අරමුණ වි තිබේ.

majerකෑගල්ල කරඬුපන පදිංචි තිදරු පියෙකු වන 52 හැවිරිදි ඉලන්දරගේ ජයමාන්න බුද්ධි අංශ සමාජිකයා ඝාතනයක කළාද?

අදාළ බුද්ධි අංශ සමාජිකයා සියදිවි නසාගෙන ඇති බවට ප්‍රකාශයන් පොලිසිය නිකුත් කලද එය සැකයකින් තොරව ඔප්පු කිරිමට පොලිසිය මේ දක්වා සමත් වි නෑ.ජයමාන්න බුද්ධි අංශ සමාජිකයා 2007 වසරේදී විශ්‍රාම ගොස් ඇති නමුත් රටේ බුද්ධි අංශ සමාජිකයන් තමන් විසින් දන්නා තොරතුරු අවශ්‍ය ඔනෑම ආරක්ෂක අංශ අලට ලබාදිමට අනිවාර්යයෙන් බැදිසිටින බව නොරහසකි.

‘මිලේනියම් සිටි’ ආරක්ෂක නිවෙස්නයක ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් 2002 ජනවාරි 02දා මොහු ඇතුළු හමුදා සාමාජිකයින් 05 දෙනෙකු එකල පැවති එජාප රජය විසින් අත්අඩංගුවට ගත් අතර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින හමුදා බුද්ධි අංශ සාජන් මේජර් ප්‍රේමානන්ද උදලාගම ද එසේ අත්අඩංගුවට පත්වූවන් ගෙන් අයෙකි.

පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට ජයමාන්න නිවෙසේ බාල්කයේ එල්ලී ඇත්තේ පෙරේදා පෙරවරු 8.30 ට පමණය.

පෙරේදා (14 දා) පෙරවරුවේ ජයමාන්නගේ දෙවැනි පුත්‍රයා ක්‍රීඩා කටයුත්තකට විදේශගත වීමට නියමිතව සිටියේය. ජයමාන්න සිය දරුවා විදේශගත වීම සඳහා පාසල වෙත භාරදී නිවෙසට පැමිණ ඇති අතර ඔහුගේ වැඩිමහල් දරුවා ද ඒ වන විට රැකියාවකට ගොස්‌ සිටි අතර බාල දරුවා පාසල් ගොස්‌ තිබේ.ජයමාන්න විසින් ලියා තැබූ බවට සැක කරන ලිපිය ද එම කාමරයේ මේසයක්‌ මත තිබී පොලිසිය සොයාගත් අතර ජයමාන්නගේ පුත්‍රයා මෙම ලිපිය පරීක්‍ෂා කර ඇති අතර එහි අත් අකුරු තම පියාගේ බවට ඔහු තහවුරු කළ බවයි පොලිසිය සදහන් කලේ.

කෙසේ නමුත් ජයමාන්න විසින් භාවිතා කල ජංගම දුරකතනය මේ දක්වා අතුරුදහන් වි තිබේ.

ෆොන්සේකාගේ මිනිමරු දේශපාලනය

ෆොන්සේකා ඇමති වු විගස ඔහුගේ පළමු බිල්ල වුයේ හමුදා නීතිය කඩකරමින් දේශපාලන ඩිල් දැමිම සහ සුදු කොඩි කතාවක් කියා රණවිරුවන් පාවාදිමට කටයුතු කළ ෆොන්සේකා අත් අඩංගුවට ගැනිමට කටයුතු කල මේජර් ජනරාල් සුමිත් මානවඩු ඝාතනයි කිරිමයි.අප එම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කලද බිරිද ඇතුලු පවුලේ සමාජිකයන්ට එල්ලවු දැඩි බලපෑම් හමුවේ මානවඩුගේ රණය වෙනුවෙන් සටන් කිරිමට ඔහුන්ට හයියක් නොවිය.

නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතු බැලිමට ගිය අවස්ථාවේ සිදුවු රහසිගත අනතුරකින් දැඩි ලෙස තුවාල ලබා සැත්කම් කිහිපයකටද භාජනය කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතා අද (6) පෙරවරුවේ මිය ගොස් තිබේ.

සත්‍ය සොයා යැමට කියවන්න – මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මරණය ඝාතනයක්!

පරාලයක් හිසට වැදී මියගිය බවට ලබාදුන් මරණ සහතිකය පිලිගන්නා ලෙසත් මරණය සම්බන්ධයෙන් වෙනත් කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු නොකරන්නේ නම් මේජර් ජනරාල්වරයාට ලැබෙන වරප්‍රසාදයන් අහිමි විය හැකි බවට පසුගියදා රහසිගත හදිසි අනතුරකින් මියගිය මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ බිරිඳට හමුදා මුලස්ථානය හරහා බලපෑම් කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

සත්‍ය සොයා යැමට කියවන්න – මානවඩුගේ,වරප්‍රසාදයන් ඔනෑ නම් ස්වාභාවික මරණයක් ලෙස පිළිගන්න

මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු එසේ මෙසේ හමුදා නිලධාරියෙක්‌ නොවේ. දේශප්‍රේමී හමුදා නිලධාරීන් අතර ඔහු සුවිශේෂී චරිතයකි. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස කටයුතු කළ ඔහු එරට සැඟවී සිටි කොටි ප්‍රබලයන් අල්ලා ගැනීමට ක්‍රියා කළේය.එහෙත් අපේ මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටි ප්‍රබල සතුරකුට මුහුණදීමට ඔහුට සිදුවිය.මේ සතුරාට හොරෙන් ඔහු මැලේසියානු පොලිස්‌පති කාලිද් අබුබකර්ගේ සහයෙන් කොටි ප්‍රබලයන් අල්ලා ගැනීමට ක්‍රියා කළේය.

සත්‍ය සොයා යැමට කියවන්න –ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක්‌ කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු-අපගේ උත්තමාචාරය

ලසන්ත සහ ප්‍රගීත් ඝාතකයන් ගැන ගිටපු ජනපති කල අනාවරණය …..

බීබීසී සංදේශය ‘සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති හින්ද රාජපක්ෂ මහතා ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා.

“දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?,” ඔහු ප්‍රශ්න කරයි.“මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල.” ඔහු පැවසිය.

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන්ද ඒ හා සමානම සැකයක් මතුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.“දැන් ඇයි පරීක්ෂණ නොකරන්නේ? ඒවා යට ගහන්නේ ඇයි? එහෙම නම් අපිට සැකයක් ඇතිවෙනවා ඒ කට්ටිය ඉන්නේ මේ ආණ්ඩුව තුල කියල.”

නාටක මාරයි lankanewsweb .today විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක කල අනාවරණය

2016 ජූලි 4 වැනිදා පොලිස් මූලස්ථානය විසින් ලසන්ත ඝාතනයේ සැකකරුවන් හදුනා ගැනීමට මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරුවගේ හැඩහුරුව අනුව නිර්මානය කරන කලේ යයි කියූ චිත්‍ර සටහන් දෙකක් ජනමාධ්‍ය නිකුත් කරයි.

ඒ පිලිබදව රජයේ මාධ්‍ය වාර්තා කල ආකාරය –උපුටා ගැන්ම

lasantha“ප්‍රවිණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන වලදී අපරාධකරුවන් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායා රූප චිත්‍රයට නගා මාධ්‍යයට ඉදිරිපත් කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිදුවීම පිළිබඳව කළ විමර්ශනයේදී අනාවරණය වූ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව එම පින්තූර අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත්‍ර ශිල්පීන් සිතුවමට නගා තිබෙනවා.
එක් සැකකරුවෙකු වයස අවුරදු 35 ක පමණ පෙනුමැති, උස අඩි 05 අඟල් 08 ක් පමණ වන දුඹුරු පැහැ දිගටි ඇස් ඇත්තෙකු වන අතර, අනෙක් උස අඩි 05 යි අඟල් 10 ක් පමණ වන, කළු පැහැති මහත සිරුරකින් යුත් අවුරුදු 45 ක පමණ තැනැත්තෙක්.

උපුටා ගැන්ම අවසන්

20­­­­16.ජූලි.16 දින ලසන්ත ඝාතනයේ ප්‍රධාන සැක කරුවා අත් අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. මොහු ඝාතනය සිදුකළ කණ්ඩායමේ නායකයා ලෙස හදුන්වා දෙයි. සදරුවන්ගේ ඊ නිවුස් මෙම පුවත වාර්ථා කරන විට මෙවැනි සටහනක්ද එක් කර තිබිනි. ”

ලසන්ත ඝාතන කණ්ඩායමේ නායකයා, යුද හමුදා සාජන්ට් මේජර් අල්ලයි..!මීට සතියකට පමණ පෙර ඝාතකයන් ඇසින් දුටුවන්ගේ සාක්ෂි මත නිර්මාණය කරන ලද ඝාතනය සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකුගේ සිතුවම් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද අතර මහජනතාවගෙන් ඔවුන් පිලිබඳ තොරතුරු ඉල්ලා තිබිණ. (එකී සේයාරූ දෙක මෙහි දැක්වේ). ඝාතනය සම්බන්ධයෙන් ලැබී තිබූ පරිවේශනීය සාක්කි මත මෙකී සාජන්ට් මේජර් වරයා අත් අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු කොළඹට ගෙනැවිත් ප්‍රශ්න කරමින් සිටී”.

සරල තර්කය

ලසන්ත ඝාතනය කලේ මෝ.බයික් 2කින් ලුහු බැද පැමිනි දෙදෙනෙකු බවට ඈසින් දුටු සාක්ෂි වෙයි. ලසන්ත පැමිනියේ නුගේගොඩ සිට අත්තිඩිය බලාය. ඝාතකයන් බාවිතා කල මොබයිල් දුරකථන දෙකද එම රේඛාවේම ගිය බව ඩයලොග් සර්වර් දත්ත සනාථ කරයි. එසේම එම දුරකථන දෙක තවත් ස්ථාන දෙකක වූ පුද්ගලයන් හතර දෙනෙකු හා සම්බන්ද විය. එනම් ඝාතන කන්ඩායම හය දෙනෙකි.ඝාතන ඉලක්කය ගැනීමෙන් පසුව එම සිම් විනාශ කර තිබුනි. සර්වර් දත්ත ඇති නිසා එය පරීක්ෂන වල බාදාවක් නොවේ

කරුනු එසේ නම් පැනනගින ප්‍රඪාන ගැටලු දෙකකි.

1. ෆුල් ෆේස් හෙල්මට් පැලද සිටි ඝාතකයන්ගේ මුහුන චිත්‍රයට නැගුවේ කෙසේද?

2. අල්ලා ගන්නා ලද සාජන් ඝාතන කන්ඩායමේ නායකයා නම් සෙසු සාමාජිකයින් අත් අඩංගුවට නොගන්නේ මන්ද .?

සාක්ෂි වල පරස්පර හේතුවෙන් ලසන්තගේ නඩුව සිය වරක් පමන කල් ගොස් ඇත. ඉහත් සාජන් ප්‍රඪාන සැකකරු නම් මෙය විශේෂ නඩු කටයුතක් ලෙස නොගන්නේ මන්ද?

ලසන්තගේ ඝාතනයෙන් වැඩියෙන්ම සතුටු වූයේ කවුරුන් විය හැකිද ?

සොනාලි යනු ලසන්තගේ දෙවන ඉනිමයි. ඇය ලසන්ත හා විවාහ වූයේ 2008 නොවැම්බර් 7 දිනය.විවාහයෙන් පසුද ඇය සොනාලි සමරසිංහ ලෙසම බාවිත කලා මිසක වික්‍රමතුංග නම බාවිතා නොකලේය. ලසන්ත මිය ගිය සැනින් ඇය සොනාලි වික්‍රමතුංග විය. එක් රාත්‍රියකින් මුලු ලෝකයේම ආකර්ශනය සොනාලි වෙත යොමු විය. ලසන්තගේ දේපල උරුමය ඇය සතු විය.විවාහවී මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල මේ සියල්ල සිදු විය.

ලසන්තගේ අභාවයෙන් පසු සොනාලි ලියුම් පිට ලියුම් ලියුම් ලියමින් මාධ්‍ය සංදර්ශන තැබුවේය. රටේ නායකයා සහ ජාත්‍යන්තර ප්‍රජාව ඇගේ ඉලක්කය විය. ස්වාමියා මියගිය බිරිදකගේ මනෝබාවය ඒ කිසිදු ලියුමක දැකිය නොහැකි විය. ඇය ලියුම් ලියුවේ වෙනත් කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමටය. මහින්ද-සිරිසේන ජනාධිපතිවරණ දිනයට පෙර ඇය ලියුමක් ලියා ජනමාධ්‍යයට නිකුත් කලේය. ලියුමෙ ශීර්ෂය මෙලෙස සටහන් කලේය. “Lasantha,Mahinda and the significance of the polling day. Open letter to Mahinda Rajapaksha. ” ලිපියේ යටි අරමුන හෙඩිම තුලම ගැබ්ව ඇත. අනෙක් පසින් සිරිසේන බලයට පැමිනි පසු ලියුම් ලිවීම නතර කලාය.විශේෂ වරදාන යහ පාලන රජයෙන් ඇයට ලැබුනි.

ලසන්ත මිය ගියේ මිග් ගනුදෙනුව පිලිබද ලිවීම නිසාද

මාවිල් ආරුවෙන් යුද්දය ආරම්බ වූ දින පටන් ලියුම් කරු ජනමාධ්‍ය හා ගනුදෙනු කලේය. වික්ටර් අයිවන් පිලිබදව කල සියලු ස්කෑන් වලින් තහවුරු වූයේ ඔහු මිලිටරි ක්‍රියාන්විතය එක හෙලාම අනුමත කරන බවය. දෙබිඩි පිලිවෙතක් ඔහු තුල නොවිනි. මිග් ගනුදෙනුව පිලිබද හෙලි කලේ ලසන්ත නොව ඉක්බාල් අතාස්ය. ලසන්ත කලේ මිග් අනුදෙනුව පිලිබද අතාස් ලියූ දෙයම කරකවා ලිවීමය.ලියුම්කරු විසින් අතාස්ට තේරෙන බාසාවෙන් කරුනු කාරනා තේරුම් කල පසු මිග් ගනුදෙනු පමනක් නොව ලියන කියන සියල්ල නවතා දැමීය. ලසන්ත මාධ්‍යකරුවෙකුට වඩා දේශපාලන සත්වයෙකු විය. ලසන්තට අවශ්‍ය වුයේ අතේ රෝල් ගසා ආන්ඩු පෙරලීමය.

උවිදුගේ චෝදනාව

ලසන්තට මරනය කැදවීමට ආසන්නතම හේතුව පිලිබදව උවිදු විසින් ලිපියක් ලියා පල කලේය.ලසන්තගේ දේශපාලන කුමන්ත්‍රන සහ රෝ ඔත්තු සේවයට කත් ඇදීම පිලිබදව එම ලිපියෙන් ප්‍රශ්න කර තිබුනි. උවිදුගේ ලිපිය පලවූ සැනින් ඊ නිවුස් සදරුවන් කලබල විය. උවිදුගේ චෝදනාව ඔප්පු කිරීමට සක්ෂි නැතැයි සදරුවන් තර්ක කලේය.

ජීවමාන සාක්ෂි

රවිරාජ් ඇතුලු අගනුවර ඝාතන වැලක නායකයා ගුවන් හමුදාවේ නිශාන්ත ගජනායක යයි ලක්ෂ්මන් සෙනෙවිරත්න පාර්ලීමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කලේය. ඒ කතාව ඔහුට ලියා දුන්නේ ලසන්තය. ඉන් අනතුරුව ලසන්ත දිගට හරහට ගජනායක පිලිබදව සිය පත්තර වල පිටු පිරෙව්වේය. ලසන්තට මෙම තොරතුරු ලබාදුන්නේ ලියුම්කරු විසිනි. අනතුරුව ලසන්ත විසින් ලියුම්කරුව ලක්ෂ්මන්ට හදුන්වා දුන්නේය. එපමනක් නොව ලියුම්කරු ඉන්දියානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශය වෙත කැටුව ගියේය. අවස්ථා ත්‍රිත්වයක්දී ලසන්ත, ලියුම්කරු සහ ඉන්දියානුවන් රවිරාජ් ඇතුලු අගනුවර ඝාතන ගැන සාකච්චා කලේය.

සියවසේ බොරුව

ගජනායකගේ කථාව බොරු වලකි. ඔහුගේ නියම ස්වරූපය අනෙකකි. ගජනායක යනු ගේම් කාරයෙකු නොව කිඹි සිබින්නෙකි. කුප්‍රකට මාන්කුලම් විත්ඩ්‍රොවල් එකේදී පයින් යන්න බෑ කියා මොටර් සයිකලයේ නැග පලා ගිය අයෙකි.ලක්ෂ්මන් පාර්ලීමේන්තුවට ගෙනගියේ, ඉන්දියානුවන් තලු මර මර අසා සිටියේ , ලසන්ත පිටු පුරා ලියන ලද්දේ මේ අතේ රොල් කථාවය.ලසන්ත සහ සොනාලි විචක්ෂනශීලි මාධ්‍ය කරුවන් නොව එදා වේල මාධ්‍ය කරුවන්ය.දේශපාලන මඩ කරියන්ය.වික්ටර් අයිවන් ලියූ “පෑන අහින්සකද ” පොතේ .”And then they came for me” කතු වැකිය පිලිබදව කථාව හදුන්වා ඇත්තේ සියවසේ බොරුව ලෙසය.

ටොයියන්ගේ ගැලරිය පිනවීම

ලසන්ත ඝාතනයට ෆොන්සේකා සම්බන්ද බවට ප්‍රකාශ කල බලවත්ම පුද්ගලයා රනිල්ය. ඔහු ඒ පිලිබදව තානපතිවරු පවා දැනුවත් කර තිබුනි.කෙසේ වුවද අද සිදුවන්නේ එදා සිදුවූ දේශපාලන ඝාතන පිලිබදව නිසි ලෙස පරීක්ෂා කිරීම නොවේ. වරද කරුවන් හදුනා ගැනීම නොවේ. ඔවුන්ට විරුද්දව සාක්ෂි ගොඩ නැගිම නොවේ.හුදෙක් ටොයියන්ගේ ගැලරිය පිනවීමය . අනෙක් පසින් සුද්දන්ගෙන් ලකුනු දා ගැනීමය.ටොයි සමාජයේ කේවට්ටයා බවට පත්ව ඇත්තේ ඊ නිවුස් සදරුවන්ය.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නඩරාජා රවිරාජ් ඝාතනය කල මෙහෙයුම

යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය විය. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්විය. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය. රවිරාජ් මහින්දගේ අතිශය සමීප මිත්‍රයකු විය. ඔහු කිසිවිටෙකත් මහින්ද විවෙචනය නොකල අතර පහර ගැසුවේ සරත් ෆොන්සෙකා වෙතය.

මරා දැමීමට පෙර උදෑසන වූ රූපවාහිනී වැඩසටහන

මරා දැමීමට පෙර වූ උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කිකව අභියෝගයට ලක් කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත් යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු 400 බැගින් එහි අයිතිකරුවන්ටම අලෙවි කරන අයුරු හෙලි කලේය. ෆොන්සේකාගේ බිස්නස් එක අසාධාරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු ෆොන්සේකාට අභියෝග කලේය. ආකර්ශනීය ලෙස සිංහල බස හසුරවමින් දකුනේ ජනතාව වෙත ගෙන එන පනිවිඩය ෆොන්සේකාට මරු පහරක් විය.

උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර

උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය. නමුත් රවිරාජ් ඝාතනයේ න්‍යාය කවරෙකුගේද යන්න නොරහසකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය. යහ පාලන රජය බලයට පැමිනි පසු රවිරාජ් ඝාතනයට සැක පිට යයි අත් අඩංගුවට ගත් නාවික හමුදාවේ පිරිස ඊට වගකිව යුත්තන් නොව එය හුදු මාධ්‍ය සංදර්ශනයක් පමනි.එ පමනක් නොව ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවය. ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා පුලුස්සා දැමුවේ චම්පික රනවක බවට සාක්ෂි පරීක්ෂණ කන්ඩායම් සතුය. චූදිතයන් සියල්ල අද යහපාලන ආන්ඩුව සමගය.

බලලත් නිලධාරි ප්‍රේමානන්ද උදලාගම අල්ලා ගැනිම හේවත් ලසන්ත ඝාතකයෝ කරටි කඩා ගැනිම 

රුපියල් ශත හමුවේ කොටි ත්‍රස්‌තවාදීන්ට පොලිස්‌ සහතික දී විදේශගත කරමින් රට පාවා දුන් පොලිස්‌කාරයෝ අද යළිත් මහ තැන්වල උපදේශකයෝ වී සිටියදී මෙවන් දේ සිදු නොවේ නම් එය පුදුමයක්‌ම වන්නාහ. එදා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සිටි කීර්තිමත් නිලධාරියකු වූ කර්නල් තුවාන් මීඩින් ඝාතනය කළ අයිස්‌ මංජුව අතටම අල්ලාගෙන තමන්ගේ නිරුවත වසාගනු පිණිස අතහැර දැමුවේ මේ අපතයෝ නොවේද?

සත්‍ය සොයා යැමට කියවන්න – හැමදේම අමතක උදලාගමගේ මුහුණ මතක ලසන්ත ඝාතනයේ අමුතු ගේම

ෆොන්සේකාට වැඩ වැරදුන දිනය….

ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක් වූයේ ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව සිටි 2009 වසරේ ජනවාරි මාසයේ දී වන අතර ඔහු ඝාතනයට ලක් වූ රත්මලාන ප‍්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට එවකට නම් කර තිබිණි. එය භාරව සිටි හමුදා නිලධාරියා වූයේ එවකට බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන මහතාය. ඔහු ෆොන්සේකා මහතාගේ අතිශය සමීපතම නිලධාරියෙකි.

සත්‍ය සොයා යැමට කියවන්න – ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගෙන් ප්‍රශ්ණ කරන්න… මෛත්‍රීගෙන් නියෝගයක්

සරත් ෆොන්සේකා යනු….

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමෙන්තුවේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළේය. දැන් මෛතී‍‍්‍ර – රනිල් රජයේ කැබිනට් අමාත්‍යවරයකුද වන ඔහු කියා සිටියේ 2006 දෙසැම්බර් මස පළමුවැනිදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කළ මෝටර් රථයට එල්ලවූ බෝම්බ ප‍‍්‍රහාරය සැළසුම් කර එල්ල කෙරුණක් බවය. එහි අරමුණ වූයේ ජනතාවගේ අනුකම්පාව රාජපක්ෂ පවුල වෙත දිනාගැනීම බව ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවේය. එදා ගෝඨාභය ගමන් කරමින් සිටි රිය හා බෝම්බ ඇටවූ ත‍්‍රීරෝද රථයක් හප්පා එය පුපුරුවා හැර ඔහුව ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ ත‍‍්‍රස්තයෝ උත්සාහ කළෝය.

සත්‍ය සොයා යැමට කියවන්න – ගෝඨාභයට කෙලවන්න ගිය ෆොන්සේකා අධිකරණය ඉදිරියේ වරදකරුවකු වීමේ අවදානමක

1975 දෙසැමිබර් 25 වන දින දියතලාව කඳවුර තුළ හොදටම බීමත් වූ ලුතිනන් සරත් ෆොන්සේකා කඳවුරෙන් බැහැර යාමට නොහැකි හෙයින්” තම ආශාවන් ඉටුකරගැනීමට කඳවුර තුල පිහිටි” එවකට කර්නල් ගැමුණු කුලතුංග මහතාගේ (පසුව මෙජර් ජෙනරාල්) නිවසට ඇතුල් වී එහි සේවිකාව වන ධනවතී නමි ගැහැණු ළමයා දුෂණය කරන ලදි. ධනවතී විසින් මෙය හෙලිකිරීමෙන් පසුව ලුතිනන් ෆොන්සේකා යුධ අධිකරණය වෙත ගෙන එන ලදි.එහිදි වරද පිළිගත් ඔහුට එම යුධ අධිකරණය මෙහෙය වු කර්නල් සිරිල් රණතුංග විසින් (පසුව ජෙනරාල්) ඔහු වරදකරු කර දඩුවමි නියම කරන ලදි.

සත්‍ය සොයා යැමට කියවන්න – අනීයම් පෙමින් ලංවි ෆොන්සේකා ඝාතනය කරන්නට හැදු තරුණිය

“ඔය රාජපක්ෂ එදා තව පොඩ්ඩක් පරක්කු වෙලා යන්න හිටියනම් මම එදා එයාව මරන්නේ මහා පාර මැද…..”වෙලාවට එකා බයේ පැනලා ගියා……. නැත්තනම් එදා ඔකුන් පාර මැදම මම මරලා දානවා…

සත්‍ය සොයා යැමට කියවන්න – රාජපක්ෂ එදා තව පොඩ්ඩක් පරක්කු වෙලා යන්න හිටියනම් මම එදා එයාව මරන්නේ මහා පාර මැද…..

ලුතිනන් කර්නල් සහ කර්නල් නිලයන් හොබවන කාලයේදී නිලධාරී නිවස්නයේ අරක්කු බිල ගෙවීමට තරමි මාසික ආදායමක්ද, ෂර්ටි එකක් මිලදී ගැනීමට වත්කමක් ද නොතිබූ අයෙක් වරතමානයේ ඇමරිකාවේ ඔක්ලෝමාහි සුපිරි නිවාස දෙකකට හිමිකමි කියයි. එංගලන්තයේ නිෂ්පාදිත මිල අධික ෂරටි පමණක් අදියි. දියණියන් දෙදෙනා ඇමරිකාවේ අධ්‍යාපනය ලබයි.නුවරඑලියේ නිවාඩු නිකේතනයකට හිමිකමි කියයි.

සත්‍ය සොයා යැමට කියවන්න – කාන්තා සෙබළ 71 දෙනෙකු සමග ලිංගික සේවනයේ යෙදීමට තරම් වාසනාවන්ත වූ අපේ මාෂල්

 

Top