Anonymous Reporter

සිරිසේන බබා වෙයි! 21 ප්‍රහාරය ගැන කලින් දන්නේ නෑ… කුමන්ත්‍රණ කැල්ලත් හැලේ!

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තමා කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයකට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එය මඟ හැරීමට තරම් මිලේච්ඡයකු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර තිබේ.

සහරාන් වරෙන්තු කරුවෙක් නම් ඔහු ඇල්ලීම පොලිසියට අයිති කාර්ය භාරයක් මිස ජනාධිපතිවරයට අයිති වැඩක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා සහරාන් අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි කොමිසම සොයා බැලිය යුතු බවයි සදහන් කර ඇත්තේ.

එවකට පැවැති යහපාලන රජය බිදවැට්ටිම සදහා කුමන්ත්‍රණකාරී දින 52ක කාලයක් නිර්මාණය කිරිමට කටයුතු කල මෛත්‍රීපාල පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන පසුගිය රජය සාමූහික වශයෙන් වගකීම බාර ගත යුතු බවත් සිද්ධිය වූ අවස්ථාවේ දි පැවැති දුර්වලතා හා අඩුපාඩු පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යම කරුණක් බවයි.

ජාතික ආරක්ෂාව බිංදුවටම ඇද දැමිමට කටයුතු කල සිරිසේන එවකට නාමල් කුමාර වැනි පිංගුත්තරයන් යොදවා ගනිමින් රටතුල වෙනම කතා නිර්මාණය කරමින් ඒ පිළිබඳව ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ආරක්ෂක මණ්ඩලය තුල සාකච්ඡා කරමින් රටේ ජාතික ආරක්ෂාව බල්ලාට ඇද දැමිමට සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කල බව නොරහසකි.

තමන්ගේ දේශපාලන දිවියට අවුරුදු 53ක් බවට අමන,මරී තකතීරු කතා පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ කරමින් තමන් සුදනා විමට කටයුතු කලද පැයක පමණ කාලයක් සිදු කල කතාව තුල මෛත්‍රී හිටපු ජනාධිපතිවරයාගේ ශරීර භාෂාව Body language කියවිමට හැකි ඔනෑම අයෙකුට සිරිසේන කියවු කතා සියල්ලම් බොරු බව අලුතෙන් කිවයුතු නැත.

බුදුදහම පාවා දෙමින් පාර්ලිමේන්තුව මෙන්ම රටේ ජනතාව නොමග යැවිමට තමන්ගේ කතාවේ වැඩි වේලාවක් යොදවාගත් මෛත්‍රී මාධ්‍ය සම්බන්ධයෙන්ද පාඩම් කියා දිමට කටයුතු කලේ කිසිදු හිරිකිතියකින් තොරවය.

පාස්කු කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපතිවරයා එවකට පුල පුලා කියා සිටියේ 21 ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් එය කිසියම් කණ්ඩායමක් විසින් හැසිරවිමට කටයුතු කල බවයි. නමුත් අද පාර්ලිමේන්තුවේ සිදුකල කතාවේ කිසිම තැනක එම “කුමන්ත්‍රණ” වචනය බාවිතා නොකිරිම තුල සිරිසේන යන පාදඩ වර්ගයට අයත් අයෙකු බවට හොදම සාක්ෂියකි.

මෛත්‍රීගේ සම්පූර්ණ කතාව තුල ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් සහ එවාට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ කතා කියවමින් අප්‍රියෙල් 21 දේවස්ථාන සදහා ගිය අහිංසක කිතුණු බැතිමතුන්ගේ මරණයන් සාධාරණය කිරිමට ගන්නා උත්සහයන් පහත විඩියෝව නැරඹීමෙන් ඔබට වටහා ගත හැක.

Top