චීන මාධ්‍ය සමූහයේ “8K අධි පැහැදිලි නාලිකාව” ප්‍රචාරක වැඩසටහන පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය අද(27) චීනයේ ශන්හැයි නගරයේ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණ. එමෙන්ම චීන මාධ්‍ය සමූහයේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායම“සරසවියට ප්‍රවේශවීම”නමැති ක්‍රියාකාරකමක් ආරම්භ කිරීම එහිදී ප්‍රකාශ කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ ශන්හැයි නගරයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ස්ථාවර සාමාජික, ප්‍රචාරක කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි Zhao Jiaming මහතා එම උත්සවයට සහභාගි වූහ. ශන්හැයි ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ සංස්කෘතිය සංවර්ධන සමාගම, චීන DTV මාධ්‍ය සමාගම, Aliyun ශන්හැයි ශාඛා සමාගම යන සමාගම් හි ප්‍රධානිහු එහිදී චීන මාධ්‍ය සමූහයේ 8K අධි පැහැදිලි නාලිකාව ප්‍රචාරක වැඩසටහනේ රාමු ගිවිසුම අත්සන් කළහ.

මේ අතර චීන මාධ්‍ය සමූහයේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදිත කණ්ඩායම “සරසවියට ප්‍රවේශවීම”නමැති ක්‍රියාකාරකමක් ශන්හැයි නගරයේ පිහිටි විශ්වවිද්‍යාල රැසකදී පවත්වනු ඇත. එමගින් විශ්වවිද්‍යාලවල ගුරුවරුන් හා සිසුන් සමඟ අදහස් හුවමාරු කරමින් චීන මාධ්‍ය සමූහය හා විශ්වවිද්‍යාල අතර පවතින අන්‍යෝන්‍ය හුවමාරු හා සහයෝගතා තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

Top