The Rajapaksa junta is a mafia. While its domestic arm is represented by the political bud, its international arm is fully represented by a black mafia. It is headed by International Red Warrant Udayanga Weeratunga and Nissanka Senadhipa. Their main source of income is small arms trading and drug trafficking.
Their international hubs are based in Russia, Dubai in the gulf and Djibouti in Africa. Udayanga Weeratunga conducts his illegal arms smuggling from Russia and Nissanka Senadipathi from Djibouti. Their main criminal collaborators are arms smugglers and heroin smugglers, while their main clients are Islamic State terrorists and other terrorists operating in Ukraine and in the Middle East. The International Police has reported that the representatives of Abu Bakr al-Baghdadi, who was killed recently, have regularly met Udayanga Weeratunga and Nissanka Senadhipathi in Dubai.
On January 8, 2015, when the Rajapaksas were defeated by the majority of Sri Lankan people, everyone’s assessment was that the Rajapaksas were a helpless political regime marginalized by international politics. But the reality was exposed five years after the Rajapaksas regime were removed from power. Rajapaksas are not the ones who are marginalized from international politics, but the ones who shaped the international politics.
ඔබගේ සහය අපට අවශ්‍යයි ….
I would like to explain why I say that.
International politics before the Rajapaksa ousted from power is very different from today. At the end of 2014, the world’s news agencies were filled with activities such as the hijacking of ships by Somali pirates, human trafficking through boats to Australia, the hybrid actions of Boko Haram terrorists in Nigeria and the fighting of separatist rebels in Ukraine, and attacks on airplanes. But with the Sri Lankan transfer of power on January 8, 2015, or the fall of the Rajapaksa family, all the terrorist and smuggling activities stated above, which made news in the world, suddenly stopped. In the last five years, international politics realized that there is a strong connection between the removal of Rajapaksas and the end of these acts of terrorism.
Extortion from Somali pirates and shipping companies
The family company of the Rajapaksa’s had various types of professionals, experts and contacts. One of the main one is Udayanga Weeratunga, the former Sri Lankan ambassador to Russia, who is a cousin brother of Mahinda Rajapaksa’s mother’s side. Udayanga Weeratunga spent his youth in Ukraine. He is also married to a Ukrainian woman. Udayanga Weeratunga is the main link in the management of Rajapaksa’s international relations. He is also a red-warrant international terrorist and a smuggler. These days most of his time is spent in Dubai, Syria and the Middle East region. Due to his large investments, Dubai has allowed him to live there and Dubai is an investment-friendly country at any level.
Prior to 2014, Sri Lanka’s Avantgard Company was a powerful company that operated under a special permission from the Sri Lanka Ministry of Defense. The main task of Avantgard is to provide security to international ship owners and rescue ships from Somali pirates. For this, the shipping companies gave a lot of money to the Avangard company.Despite this, the ships that did not receive the protection of the Avantgard were hijacked by the Somali pirates. For this, the American and British intelligence services informed the Sri Lankan government and the International Maritime Organization that the weapons and the ciphers of the weapons and bullets that were in the possession of the Somali rebels belonged to the Sri Lankan government. It has been revealed today that the Sri Lankan government or a group within the government actually fed the Somali pirates while protecting the ships. Also, not a single ship hijacking has been reported since the Rajapaksas left power. Accordingly, we can conclude that the scheme of Somali pirates and demanding extortion from shipping companies to rescue them is a project of the Rajapakses alone.
Human trafficking to Australia and Nigerian Boko Haram
Also, people smuggling to Australia by sea was a huge problem for the Australian government at that time. Not a single human smuggling boat has been reported to have gone to Australia since the Rajapaksas left power. It also means that human trafficking in Sri Lanka was done with the knowledge of the Rajapaksa regime and the military junta.
Also, the Boko Haram terrorists in Nigeria have stopped their violent acts since January 2015. Boko Haram is one of the most brutal terrorist groups in the world. Their most famous act of terrorism is the kidnapping of 200 schoolgirls and the rape of them for a whole year. When the girls were released a year later, the vast majority were pregnant and another group had been killed. They were also suffering from mental illnesses such as stress and depression. The international intelligence services had reported to the United Nations that the weapons supplied to the Boko Haram terrorists belonged to the LTTE organization and the Sri Lankan forces.
Scholars studying international terrorism have also pointed out that the Rajapaksa junta started diplomatic relations with strategically unimportant African states and appointed a Rajapaksa ally Liyanage as their ambassador and nurtured the Boko Haram terrorists. Opinions and articles about this can be found online.
Although there is much more information revealed that the government of Sri Lanka ruled by the Rajapaksas and their junta were involved in the world’s worst terrorist activities and human trafficking as well as drug trafficking. It can be easily understood by the absence of the above-stated terrorist activities and smuggling in world politics after the Rajapaksas left power. The Sri Lankan intelligence have also reported to the court that the Avangard and the Rajapaksa regime ran a large international terrorist program and it was completely coordinated by Udayanga Weeratunga, a maternal cousin of the Rajapaksa and an international terrorist who has received a red warrant.
The Easter Sunday attack was a conspiracy
Finally, considering these facts, it is clear that the Easter Sunday attack on April 21 2019 was not an isolated incident because those extremists including Saharan were nurtured and built with the support
of the Sri Lankan State Defense Fund.
Also, Saharan has been a salary recipient of Gotabaya in Sri Lanka’s Ministry of Defense from 2010 to 2014. Also, the Easter Sunday attack was coordinated from the Shangri-La Hotel in Colombo. All the security chiefs of the Shangri-La Hotel are top officials of Gotabaya’s election campaign. Also, for this attack, the group including Saharan used explosives called (TATP) tri-cyclic acetone peroxide used by ISIS. Meantime the detonators found in Pettah, Colombo were used by terrorists in Syria. Also, according to the information that has been revealed, it is Udayanga Weeratunga who has coordinated the international relations of Saharan and the group. And another main suspicious situation is that these special explosives are made of Hydrogen Peroxide and this chemical should be stored in the freezer. Here we must forget that Avangard is the main supplier of Hydrogen Peroxide in Sri Lanka.
Also, the fact that Hizbullah, who had publicly dealt with Saharan,came to support the co-election of Gotabhaya in 2019 further proves this.
Gotabaya announced his presidential candidacy less than 24 hours after the Easter attack in 2019. The main thing that appears when considering these facts is that there is a close connection between the Easter attack and the killing of hundreds of Catholic devotees and Gotabhaya’s presidential candidacy. The Rajapaksa camp has the necessary connections, well-trained teams and enough money to launch such a destruction. Therefore defeating this international terrorista is the absolute responsibility for the citizens of this country at this time.
සිංහල කියවිම සදහා ….
බෙදුම්වාදින්ගේ එකම හතුරා බවට පත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කුරුණෑගල පිහිටි ප්‍රධාන මැතිවරණ කාර්යාලයට ඊයේ ගිනි අවියක් අතැතිව සැකකටයුතු පුද්ගලයෙකු ඇතුළු වී තිබේ.මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී ඇති එහි සිටි පිරිස් පොලීසිය දැනුවත් කර ඇති අතර පසුව ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.අදාල ද්‍රවිඩ ජාතික පුද්ගලයා කොටි සංවිධානයේ ආයුධ පුහුණුව ලබා ඇති අයෙකු බවටද තොරතුරු වාර්තා වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියක්ද සමග පැමිණ මෙවර මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ඉදිරිපත් වීම පසුපස ඇත්තේ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිමට සැලසුම් කිරිමක් බව අප මෙන්ම මේ රටේ ප්රගතිශීලි මාධ්‍ය අනාවරණය කර සිටියා.
එහි එක් පියවරක් ලෙස කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන්,ෂිවාජිලිංගම්ගේ සම්බන්ධීකාරක ලෙස කුරුණෑගලට පත්කර එවා තිබේන බව අප පසුගිය ජුලි 20 වැනිදා අනාවරණය කර සිටියා.
[box type=”warning” ]අපේ ජාතියේ සතුරා මහින්ද රාජපක්ෂ…. අප ඔහුට අභියෝගයක් විය යුතුය…යැයි කියමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග වදින වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් සහ දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියේ සම්බන්ධිකරණ නිළධාරියෙකු ලෙස යහපාලනය පත්වු වහාම මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහ රාජිත,මෛත්‍රී,හා දුමින්ද දිසානායක සමග කුමන්ත්‍රණය කල පසුව අනාවරණය විමෙන් පසුව අතහැර දැමු කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) පත්කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
ඊයේ සවස වනවිට කුරුණෑගල නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් කුලියට ගත් ෂිවාජිලිංගම් සිය නිළ නොලත් මැතිවරණ කාර්යාලය ලෙස එම ස්ථානය පවත්වාගෙන යැමට තිරණය කර තිබේන බවද ඔහු සදහන් කළා.[/box]
එම පුවත කියවන්න –කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන්,ෂිවාජිලිංගම්ගේ සම්බන්ධීකාරක ලෙස කුරුණෑගලට!
කුරුණෑගල සන්ධාන් පක්ෂ කාර්යාලයේ දි හමුවු සැකකරුවා – kurunegala paPosted by Sri AV Tv network on Sunday, 2 August 2015
“දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදි රජය මුදාහරින ප්රචණ්ඩත්වය වැළැක්වීමට අවශ්‍ය නම්, අපගේ ඊළාම් මාතෘ භූමිය පිළිගතහොත් පමණක්, එය ප්‍රායෝගිකව සාර්ථක වනු ඇත” යනුවෙන් යන එන මං නැතිව සිට යහපාලන පිංපියන්ට පිංසිදුවන්නට පණගසා ආඅ කොටි ත්‍රස්තවාදී සංවිධානය නියෝජනය කරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ වී.මනිවන්නන් ප්‍රකාශ කර තිබේ.
යාපනය කලමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් පැවැති ‘මැතිවරණ ප්‍රශ්ණ වේලාව’ යන වැඩසටහනේදී, තම පක්ෂයේ ස්ථාවරය පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු සදහන් කර ඇත්තේ
“මෙම මාතෘ භූමියේ ප්‍රදේශයන් 02 ක් ඇත. එම ප්‍රදේශයන් 02 ක එක්කර, එක් රටක් ලෙස අපගේ රට වෙනස් කල යුතුය. එය අපගේ පක්ෂය ඒකමතික ස්ථාවරය, තිම්පු සම්මුතිය මූලික කරගෙන, අප එය ඉදරිපත් කරන්නෙමු… යනුවෙනි
ෆෙඩරල් පාලන විසඳුම, කොටස් දෙකකට බෙදිය හැකිය. ප්‍රදේශයන් දෙකක් එක්කිරීම සහ බලය බෙදාහැරීමට අප විරුද්ධවීමට හේතුව, මේ ආකාරයෙන් බෙදාහරින බලය මධ්‍යම රජයට ඕනෑම අවස්ථාවක නැවත ලබාගැනීමට හැකි අවස්ථාවක් ඇත. මහින්ද රාජපක්ෂ වැනි ඒකාධිපති පාලකයෙකු අනාගතයේදී පාලන බලයට පත්වුවහොත්, මෙම බලතල සියල්ල නැවත ලබාගනු ඇත… යනුවෙන් ඔහු ඔහුගේ දේශනය අවසන් කර තිබේ.
රට බෙදුම්වාදීන්ට යට කරමින් මවුබිමේ දිනු නිදහස පාවාදිමට එරෙහිව මෙන්ම රටේ අධ්‍යාපණ ප්‍රතිපත්ති විනාශ කරමින් රනිල්ගේ ගල් කොලුවන් ආධ්‍යාපණ ඇමතිකම් වලට පත් කරමින් කරන ලද විනාශයට අද ගුරුවරුන් සහ පොලිස් නිලධාරීන් සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කළ බව දිස්ත්‍රික්ක රැසක රාජ්‍ය සේවකයන් සමග කල සංවාද හරහා අප රටපුරා විසිරි සිටින 500කට අධික විශේෂ වාර්තාකරුවන් සදහන් කළා.
මේවර මැතිවරණය ඉලක්කකර ගනිමින් රටපුරා විශේෂ වාර්තාකරුවන් 500ක් ස්ථානගත කිරිමට අප කටයුතු කර තිබේ.ඔහුන් විවිධ මට්ටමින් මෙන්ම විවිධ ස්වරූපයෙන් මෙම වාර්තාකාරණයට සහය ලබාදෙමින් සිටි.
අද විශේෂයෙන්ම ආරක්ෂක අංශ නියෝජනය කරමින් සියයට 90 ඉක්මවු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය ඡන්දන්ය භාවිතා කර ඇති අතර ඔහු එය ප්‍රසිද්ධියේ නිර්භයව ප්‍රකාශ කර සිටි බවද අප වාර්තාකරුවන් සදහන් කළා.
මෙවර මහ මැතිවරණය සඳහා තැපෑල් ඡන්දය භාවිතා කිරීමට රාජ්‍ය සේවකයන් පන් ලක්ෂ හැට හයදහස් අටසිය විසිතුන්දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් වැඩිම තැපැල් ඡන්ද දායකයන් පිරිසක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් විම ද විශේෂත්වයක්.රජයේ සේවයන්ට අගෝස්තු මස 5 සහ 6 යන දෙදින තුළ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකිය .
මේ අතර රාජ්‍ය බුද්ධි අංශ විසින් හෙළි කල නවතම වාර්තාව අනුව සන්ධානය ඉදිරි මැතිවණයෙන් ලක්ෂ 68ක් ඡන්ද සමඟ ආසන 123ක් දිනාගන්නා බවත් එජාපයට හිමිවන්නේ ඡන්ද ලක්ෂ 28ක් සහඟ ආසන 74ක් බවත් කුරුණෑගල සන්ධාන අපේක්සක සාලින්ද දිසානායක මහතා පවසයි.
කුරුණැගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඒ හේතුව නිසා මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීම ද රනිල් මහතා තහනම් කර ඇති බවයි.
චම්පක රණවකට හා රනිල් වික්‍රමසිංහට අනුව මෛත්‍රි සියල්ල විසඳා ඇත. මැතිවරණයෙන් පසුව මහින්ද අගමැති නොවනු ඇත. ඒ බව කියා ඇත්තේ අන් කිසිවකු නොව මෛත්‍රිපාල ය. රනිල්ට හා ඔහුගේ ගෝලයා වූ චම්පකට අනුව දහනවවැනි සංශෝධනයෙන් පසුව ද අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් තම මතය පරිදි ය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගත හැකි අයකු අගමැති ලෙස පත්කරයි. ජනාධිපති ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කිරීමට බැඳී නැත. මෛත්‍රිපාල සිරිසේනගේ වචනවලින් ම කියන්නේ නම් මේ බම්බු ප්රජාතන්ත්රවාදයකි.
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු විධායක ජනාධිපති බලතල කැපී පාර්ලිමේන්තුවට බලය ලැබීණි යැයි සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයීය සාමාජිකයෝ රට දෙවනත් කළහ. එහෙත් තවමත් අගමැති පත්කරන්නේ ජනාධිපති මතය පරිදි ය. මෛත්‍රිපාලගේ කුප්‍රසිද්ධ ජඩ ජූලි ප්රකාශනයෙන් කියැවුණේ ඔහු කිසි දිනෙක මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් නොකරන බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඔහු මැතිවරණයට ද පෙර පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇත්තේ කාහට ද යන්න පිළිබඳ තම මතය සකස් කර අවසන් ය.
අගමැති පත් කිරීමේ දී බලපාන්නේ ජනාධිපතිගේ මතය බව පැහැදිලි ය. එහෙත් පෘථග්ජනයකු මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීමටත් පෙර වැඩි දෙනාගේ කැමැත්ත ඇත්තේ (නැත්තේ) කාහට දැයි දැන ගත්තේ කෙසේ ද යන්න පැහැදිලි නැත. එය බම්බු ප්‍රජාතන්ත්‍රවාදයටවත් එකඟ නො වේ. පැහැදිලි ව ම මෛත්රීපාලගේ මතයට අනුව මහින්දට නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් නැත.
මෙයින් කියැවෙන්නේ මෛත්‍රිපාල වෙනත් අය (තමන් පොදු අපේක්ෂකයා බවට පත්කළ බටහිරයන් ඉන්දීයයන් ආදීන්) සමග මහින්ද අගමැති ලෙස පත් නොකිරීමට එකඟතාවකට දැනටමත් පැමිණ ඇති බව ය. මේ එකඟතාව දේව කැමැත්තක් ලෙස සැලකීමට රනිල් හා චම්පක අපට කියයි. ඔවුන් කියන්නේ මහින්දට ඡන්දය දීමෙන් පළක් නොවන බව ය. ඔවුන් නොකියා කියන්නේ මෛත්‍රිපාල රනිල් අගමැති ලෙස පත්කරන බවත් එබැවින් සංධානයට ඡන්දය දීම ඵල රහිත බවත් ය.
මෙරට අගමැති කවුද යන්න අවසාන වශයෙන් තීරණය කරන්නේ මෙරට ජනතාව මිස මෛත්‍රිපාලවත්, රනිල්වත්, විදේශීය රටවල ඔත්තු සේවාවල නිලධාරීන්වත් නො වේ. මෛත්‍රිපාල සත පහකට විශ්වාස නැති පුද්ගලයකු බව අපි මුල සිට ම කීවෙමු. මෛත්‍රිපාලගේ හා මහින්දගේ ඊනියා සම්මුතිය ජයග්‍රහණයක් ලෙස සංධානයේ ඇතැම් නායකයන් පෙන්වද්දී අප කියා සිටියේ එයින් මුළා නොවිය යුතු බව ය. මෛත්‍රිපාල අද එන්නේ මොකාටද යන්න දැනගැනීමට ඊනියා දේශපාලන විචාරකයකු වීම අවශ්‍ය නො වේ.
මෛත්‍රිපාල හැකි කමක් ඇත්නම් ජනවාරි 9 වැනි දා කළ දේ අගොස්තු 18/19 වැනි දා ද කරනු ඇත. ඔහු හැකිනම් රනිල් පික්පොකට් අගමැති කරනු ඇත. එසේ නොහැකි නම් ශ්‍රී ල නි පක්ෂයේ මහින්ද නොවන අයකු අගමැති කරනු ඇත. එහි දී මුදල් ලබාදීම් ශ්‍රී ල නි පක්‍ෂයෙන්් මන්ත්‍රීන් බා ගැනීම්, ආදිය සැලසුම් කෙරෙන බව රහසක් විය නො හැකි ය. අදත් පික්පොකට් ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස සේවය කරන ශ්‍රී ල නි පාක්ෂිකයෝ වෙති. ඔවුහු බොරු ප්රජාතන්ත්රවාදයක් ගැන කතා කරමින් ඔවුන් ඇමති තනතුරු අත්හරින්නේ ද නැද්ද යන වග ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව ගත යුතු යැයි කියමින් කල් මරති. ඔවුන්ට අවශ්‍ය නම් කාගෙන්වත් නොඅසා තනතුරු අත්හැරිය හැකි ය.
ජනතාවට මෛත්‍රිපාල පැරදවිය හැකි ය. පළමුවෙන් ම කළ යුත්තේ සංධානයට මන්ත්‍රීවරුන් 125 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ලබා දී මන්ත්‍රින් බා ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීම ය. එවිට බොහෝ විට මෛත්‍රිපාලට සංධානයෙන් අගමැති කෙනකු පත් නොකර සිටීමට නොහැකි වනු ඇත. දෙවනුව මනාප සටනේ දී මහින්ද සමග නොසැලී සිටින අයට පමණක් මනාප දීමට ඉටාගත යුතු ය. චන්ද්‍රිකා, මෛත්‍රිපාල ආදීන් සමග කටයුතු කරන සංධානයේ අපේක්ෂකයන්ට මනාපයක් නොදිය යුතු ය. ඔවුන්ට මනාප දී ඔවුන් මන්ත්‍රීවරුන් වුවහොත් ඔවුන් සමග ද එකතු වී මහින්ද අගමැති නොවන බවට මෛත්‍රිපාල වග බලා ගනු ඇත. අද බටහිරයන්ට හා ඉන්දීයයන්ට අප රට ලේ විලක් බවට පත්කිරීමේ අවශ්‍යතාව ඇත. රට අස්ථාවර කිරීම ඔවුන්ගේ අරමුණ වෙයි. එහෙත් අපට කරුණු තේරුම් ගෙන කටයුතු කිරීමෙන් ඔවුන් පරාජය කළ හැකි ය.
මෙය ශ්‍රී ල නි පක්ෂය කැඩීමක් නො වේ. පක්ෂයට ද්‍රොහිකම් කර පක්ෂය ඝාතනය කළ සෝමාරාම පරදවා ශී්රී ල නි පක්ෂය ශක්තිමත්ව යළි බිහිකර ගැනීමකි. එහි දී පක්ෂය යළි ඉපදෙනු ඇත්තේ මහින්ද සමග මිස ඝාතකයන් සමග නො වේ.
නලින් ද සිල්වා
2015 ජූලි 26
ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයේකු පසුගිය බ්‍රහස්පතින්දා රහසේම දිවයිනට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසක් සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ.එම සාකච්ඡාවට පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න,සාගල රත්නායක ඇතුලු පිරිස සහභාගි වි ඇති බව සාගල විසින්ම සිය සමීපත්ම මිතුරෙකුට අනාවරණය කර තිබේ.
එම සාකච්ඡාවේදි මහා මැතිවරණයේ තත්ත්වය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර මහා මැතිවරණය ජයග්‍රහණය කිරිම සදහා ඉන්දිය රජයේ සහය නිරන්තර ලබා දෙන බවට පොරොන්දුවක්ද ලබාදුන් බව පවසා තිබේ.
මැතිවරණයේ ප්‍රතිපල අනුව යම් තිරණාත්මක අවස්ථාවකට එලබුනහොත් ද්‍රවිධ ජාතික සන්ධානය ඇතුලු සුළු පක්ෂ එකතුකර ගැනිමට ඉන්දිය රජයේ සහය නිරන්තර ලබාදිමට පොරොන්දුවක්ද දි තිබේ.කෙසේවෙතත් දිවයිනට පැමිණි මෙම ඉන්දිය නියෝජිතයා ද්‍රවිධ සන්ධානයේ සමාජිකයන් හමුවි නෑ.පැය 3ක සාකච්ඡාවකින් පසුව ඉන්දිය නියෝජිතයා යලිත් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දීය රහස් ඔත්තු සේවය හෙවත් රෝ සංවිධානයේ සමාජිකයන් 500ක් මේ වනවිටත් ලංකාවේ මැතිවරණය ඉලක්කකර විවිධ ක්‍රියාකාරම් වල යෙදි සිටින බව LNW ඔත්තුකරුවන් පසුගියදා අනාවරණය කළා.විශේෂයෙන්ම් උතුරු නැගෙනහිර ප්‍රදේශ මෙන්ම සුළු ජාතික දේශපාලන පක්ෂවලට වාසිදායක ප්‍රදේශ වල ඔහු නිරික්ෂණ කටයුතු වල යෙදි සිටින අතර එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කැෆේ සංවිධානය සහ පැෆ්රල් සංවිධානයේ නියෝජිතයන් ලෙස මෙම පිරිස් රටේ මැතිවරණ නිරීක්ෂණයේ යෙදේන බව අනාවරණය වි තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ තීන්දුව ලොව සියළු රටවලට ඉතා වැදගත් බව ඇමරිකානු බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂක Itmiral Dennis Blair ප්‍රකාශ කර තිබේ.
ඇමරිකාවේ ‘ද ඩිප්ලෝමැඩ්’ යන සගරාවට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ තීන්දුව, ඉන්දීය ප්‍රාන්ත කලාප රටවල් මෙන් ලොව සෑම රටකටම ඉතාමත් වැදගත් වනු ඇති බවයි.
දකුණු ආසියාවේ ප්‍රධාන ගමනා ගමන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ක්‍රමයට ඇමරිකාව පූර්ණ සහයෝගය ලබාදිය යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඇමරිකාවේ ප්‍රථිපත්ති වලට පටහැනිව කටයුතු කර තිබේ.වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කටයුතු ප්‍රශංසා කල යුතුය. ශ්‍රී ලංකාවේ අනාගතය, දේශීය බලවේගයන් තීරණය කරනු ඇත” යනුවෙන් Itmiral Dennis Blair ප්‍රකාශ කර තිබේ.
[box type=”note” ]The US official notes that in Sri Lanka, the two contending sides contrast starkly while in Myanmar the contrasts are not as black and white. “Mahinda Rajapaksa was president for 10 years. In 2009, his forces finally crushed the prolonged and vicious Tamil insurgency. The brutal final stages of the government victory, in which thousands died, were never acknowledged or investigated. Subsequently Rajapaksa usurped more and more power into the office of the presidency, did little to reconcile the defeated Tamil minority, and allowed his family to profit handsomely from their government connections, while his security forces harassed, attacked, and sometimes killed critics,” Blair wrote.
Trying for a third presidential term, Rajapaksa was voted out of office in January of this year in favor of Sirisena, who quickly reversed many of his predecessor’s actions, restoring a democratic balance of power in the country. Sirisena has now called a parliamentary election seeking a mandate to continue reforms and Rajapaksa and his supporters are attacking Sirisena and his policies and seeking to return to power to continue their authoritarian and divisive policies, Blair said. According to the former intelligence official, domestic forces will determine the future of both Sri Lanka and Myanmar.
“Most important will be the results of the elections themselves, both of which appear on course to produce reliable results based on largely free and fair processes. The subsequent maneuvers and agreements of the leaders of the various factions will play the critical role in the shape and speed of the next phase of democratic reform in both countries,” he says. He recalled that the United States cooled relations as Rajapaksa’s regime became more oppressive, welcomed Sirisena’s election, and Secretary of State John Kerry made a visit to Sri Lanka in May. According to Blair, Washington has made it clear that democratic progress must continue, and that there must be accountability for the killings at the end of the civil war for bilateral relations to improve. Noting that Sri Lanka wants good relations, with more economic investment, the retired Admiral of US Navy suggested the US should support and encourage Sri Lanka’s democratic transformation given the recent positive developments in Sri Lanka.
“Brave men and women in both countries are taking risks and working hard to achieve them. We who enjoy these gifts already owe them support and encouragement.” Admiral Dennis C. Blair is Chairman and CEO of Sasakawa Peace Foundation USA, an independent American non-profit and non-partisan institution devoted to research, analysis and better understanding of the US -Japan relationship.[/box]
මහා මැතිවරණය ඉලක්ක කරගනිමින් රාජ්‍ය බුද්ධි අංශ යොදාගනිමින් ගෙවුනු සතියක කාලසීමාව තුල කරනු ලැබු මැතිවරණ සමික්ෂණයේ නිළ වාර්තාව ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදි තිබෙනවා.ඒ අනුව මේ වනවිටත් මැතිවරණයේ ඡන්දය භාවිතා කිරිම සම්බන්ධයෙන් ජනතාව තින්දුව රැගෙන අවසන් බවත් පාවෙන ඡන්ද ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවසන් තින්දුවක් ගැනිම අපහසු බවද සදහන් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත්‍රික්ක 14ක බලය ඉතා පහසුවෙන් තහවුරු කර ගන්නා බවත් එම දිස්ත්‍රික්ක අතර කුරුණෑගල,ගම්පහ,හම්බන්තොට,මාතර,කළුතර,ගාල්ල,රත්නපුර,මොණරාගල,අනුරාධපුර,පොළොන්නරුව,දිගාමඩුල්ල,පුත්තලම,ත්‍රිකුණාමල, තිබෙන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය නිශ්චිතවම පැවසිය නොහැකි බවද එම වාර්තා පෙන්වා දි තිබේ.
කෑගල්ල,බදුල්ල,මහනුවර,නුවරඑළිය,මාතලේ, යන දිස්ත්‍රික්කවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය සතුවන බවද එම වාර්තා පෙන්වා දි තිබේ.
මිට අමතරව කුරුණෑගල,මොණරාගල,පොළොන්නරුව,අනුරාධපුර,ගම්පහ,හම්බන්තොට,මාතර, අයන් දිස්ත්‍රික්ක වල සන්ධානය ඉතා විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයගන්නා බවද එම වාර්තා අනාවරණය කර තිබේ.
,මඩකලපු,වන්නි,යාපනය දිස්ත්‍රික් වල ජයග්‍රහණය ද්‍රවිධ ජාතික සන්ධානය හිමිකර ගැනිමට හැකියාව තිබුනද ඔහුන් බලාපොරොත්තු වන් මන්ත්‍රිවරුන් සංඛාවක් ලබා ගැනිමට නොහැකි වනු ඇති බවත් ඊට ප්‍රධානම හේතුව වනුයේ හිටපු LTTE සමාජිකයන් මැතිවරණයට තරග වැදිම නිසා බවද එම වාර්තා පෙන්වා දි තිබේ.
[box type=”warning” ]2010 මහා මැතිවරණයේදි කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය නතුවු අතර ඡන්ද 480,896 ලබාගත් අතර ප්‍රතිශතය 51.19%ක් වන අතර ආසන 10ක් හිමිකර ගත්තා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 339,750 ලබාගත් අතර ප්‍රතිශතය 36.17%ක් වන අතර ආසන 7ක් හිමිකර ගත්තා. සරත් ෆොන්සේකා සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ තරග කල අතර එහිදි ඡන්ද 110,683 ලබාගත් අතර ප්‍රතිශතය 11.78%ක් වන අතර ආසන 2ක් හිමිකර ගත්තා. නමුත් මෙවර සරත් ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනම තරග වැදි සිටි.[/box]
අපේ ජාතියේ සතුරා මහින්ද රාජපක්ෂ…. අප ඔහුට අභියෝගයක් විය යුතුය…යැයි කියමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග වදින වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් සහ දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියේ සම්බන්ධිකරණ නිළධාරියෙකු ලෙස යහපාලනය පත්වු වහාම මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහ රාජිත,මෛත්‍රී,හා දුමින්ද දිසානායක සමග කුමන්ත්‍රණය කල පසුව අනාවරණය විමෙන් පසුව අතහැර දැමු කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) පත්කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරු අනාවරණය කළා. ඊයේ සවස වනවිට කුරුණෑගල නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් කුලියට ගත් ෂිවාජිලිංගම් සිය නිළ නොලත් මැතිවරණ කාර්යාලය ලෙස එම ස්ථානය පවත්වාගෙන යැමට තිරණය කර තිබේන බවද ඔහු සදහන් කළා.
උපුටා ගැන්ම
කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහා උත්සහයක යෙදෙමින් සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වී තිබේ.මෙම මෙහෙයුම පසුපස සිටින්නේරාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක බවද අනාවරණය වි තිබේ.
ප්‍රබල ත්රස්තවාදීන් 278 ක් නිදහස් කර සියලු පහසුකම් සලසා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇති අතර රාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක විසින් ඒ සදහා උපදෙස් ලබා දෙන බව වාර්තා වේ…
මේ අතර මහින්ද රාජපක්ෂ මැතිතුමාට සපයා ඇති ආරක්ෂාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින රතු අලි පැටව් සහ කොළ අලියන් සතුව ඔහු මරා දැමීමේ සැලැස්මක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
අද(20) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.
‘‘එක්සත් ජාතික පක්ෂයේ කොළ අලියාගේ උවමනාවට ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් පැමිණිල්ල දාලා තියෙනවා මානව හිමිකම් කොමිසමට. ඉතිරි වෙලා සිටින කොටි ත්රස්තවාදීන්ගේ සහ කොටි හිතවාදී දෙස් විදෙස් බලවේගවල මරණ තර්ජනයට ලක්ව සිටින ප්‍රධානතම පුද්ගලයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට විශාල ජීවිත අවදානමක් තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරක්ෂාව සපයලා තියෙන්නේ දේශපාලන හේතු මත නොවෙයි, බුද්ධි අංශ මගින් එතුමාට එල්ල වී තිබෙන ජීවිත තර්ජන පිළිබඳව වාර්තා ඇති නිසයි. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු පනතකින් හිටපු ජනාධිපතිවරයකු ලෙස එතුමාට නීත්‍යනුකූලව ආරක්ෂාවක් සැපයිය යුතු බව සඳහන් කර ඇති නිසයි. මේ සියලු කාරණා සලකා බැලු විට එතුමාට මේ සපයා ඇත්තේ ඔහුට නීත්‍යනුකූලව හිමිව ඇති ආරක්ෂාවයි.
මහින්ද රාජපක්ෂ මැතිතුමාට සපයා ඇති ආරක්ෂාව සහ පහසුකම් ඉවත් කරන්න කියලා ජවිපෙ ඉල්ලා සිටින්නේ ඇයි? මහින්ද රාජපක්ෂ මැතිතුමා මරා දැමීමේ සැලැස්මක් මේ රතු අලි පැටව් සහ කොළ අලි පැටව් සතුව තිබෙන නිසයි. එතුමා අද මහා නැඟී සිටීමක් කරලා අග්‍රාමාත්‍ය ලෙස ඉදිරියට එන විට ඊට දේශපාලන වශයෙන් මුහුණ දෙන්න බැරිව එතුමාගේ ජීවිතය නැති කිරීමේ ක්‍රියාමාර්ග තමයි අද මේ ගන්න හදන්නේ.
එතුමාගේ ආරක්ෂාව අඩු කිරීම කියන එක ‘එතුමා කොටියාට බිල්ල දීමට’ සමානයි. ජවිපෙ නායකයන් කියනවා, ‘අපි තමයි මහින්ද රාජපක්ෂට යුද්ධය කරන්න කිව්වේ’ කියලා. කියපු කට්ටියම යුද්ධය දිනපු නායකයාගේ ආරක්ෂාව අඩු කරන්න කියා කීම, අපි දකිනවා තමන්ගේ හාම්පුතා නොහොත් වික්‍රමසිංහ මහත්තයා පරාජයෙන් බේරා ගැනීම සඳහා කරන සටනක් විදියට.
දැන් බලන්න, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව ලබා දී තිබෙනවා ඔහු කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද භුක්ති විඳිමින් ඇතැම් අවස්ථාවල නිල ඇඳුම පවා ඇඳගෙන අපේක්ෂකයකු ලෙස පෙනී සිටිනවා. මේ අය කිසිම අවස්ථාවක ඔහුගේ ආරක්ෂාව ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ නැහැ.
සරත් ෆොන්සේකා මහතාටත් ජීවිත තර්ජන තිබෙන්න පුළුවන්. ඔහු යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ නිසා එවැනි තර්ජනයක් තිබෙන්න පුළුවන්. එවැනි අයට ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක්. අවසන් වශයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා, ‘මෙවැනි පහත් නින්දිත දේශපාලනයක නිරත වෙන්න එපා!’ කියලා. ඔබලාට හෘදසාක්ෂියක් තිබෙනවා නම් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න සාමකාමී රටක් හදා දුන්නු මිනිස්සුන්ව කොටින්ගේ මර උගුල්වලට යවන්න පුළුවන්ද? මේකෙන් පෙනෙන්නේ ජවිපෙ පෝස්ටරයේ ‘හෘදසාක්ෂිය’ කියන වචනය තිබුණාට තමන්ට හෘදසාක්ෂියක් නැහැ කියලයි.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මේ පැමිණිල්ල ඉදිරිපත් කරපු පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු සියලු පළාත් සභා මන්ත්‍රීවරුන් රජයෙන් තමාට ලබා දී ඇති වාහන ඇතුළු සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් තමයි මහ මැතිවරණයට අපේක්ෂකයන් ලෙස පෙනී සිටින්නේ. ආදර්ශයක් දෙනවා නම් ජවිපෙ ආදර්ශය දිය යුත්තේ එතැනින්.
අපේ දූ දරුවන්ගේ ජීවිත කොටින්ගේ කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා දුන් ඒ පණ ඇති මිනිසා ජීවිතය අවදානමට ඇදලා දාන මේ ජවිපෙ – එජාප නින්දිත ක්‍රියාදාමයට එරෙහිවයි අද අපි මේ මානව හිමිකම් කොමිසමට ආවේ’’
මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද මේ සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා.
සිංහල බෞද්ධයන් පරිස්සමින් -යලිත් අන්තවාදි “නයා” හිස ඔසවයි යනුවෙන් අද උදැසන අප කල අනාවරණයෙන් පසුව පකිස්ථාන ශ්‍රී ලංකා තරගය නැරබිමට ගිය ලාංකිය තරුණයෙකු ඊයේ සිද්ධියට අදාළව විඩියෝ පටයක් අප වෙත එවා තිබේ.
ආර්.ප්‍රේමදාස පිටියේ ඊයේ පැවති ශ්‍රී ලංකාව හා පාකිස්තාන තරගය අතරතුර ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රේක්ෂක පිරිසක් පාකිස්තාන කණ්ඩායම වෙත සහය දැක්වීයැයි පවසමින් පාකිස්තාන කණ්ඩායමට සහය දැක්වු ශ්‍රි ලාංකික මුස්ලිම් තරුණයන් ඇතුලු කණ්ඩායමකට පහරදිම පසුපසු අන්තවාදි බොදුබල සේනා සහ මේ දිනවල අනාතව සිටින මුස්ලිම් අන්තවාදි නායකයෙකු සිටින බවට LNW ඔත්තුකරුවන් අද අනාවරණය කළා.මෙම පොලිස් නිළධාරින් සියලු දෙනා එක හඩින් අවධාරණය කලේ රටට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා වැනි කොන්දක් සහිත නායකයෙකු බවයි.
යහපාලනය රට බෙදුම්වාදීන්ගේ ගොදුරක් බවට පත්කර තිබේන බව රටේ ආරක්ෂක අංශ පවා කණගාටුවෙන් යුතුව විදිමින් සිටින බව මේ විඩියෝ පටය හරහා අවධාරණය වේ. මේ අතර සිංහල බෞද්ධ පදනම කඩා බිඳදැමිම සදහා නිරන්තර අවදියෙන් සිටින බෙදුම්වාදී කණ්ඩායම් මේ පසුපස සිට කරන කුමන්ත්‍රණය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.
සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටින සංවිධාන දැන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම මැතිවරණයේ අන්තවාදි මුස්ලිම් කණ්ඩායම් සමග එක්ව සුක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ මේ ඒ සම්බන්ධයෙන් විමල් විරවංශ කළ හෙළිදරවු කල අයුරු .
මෙ අතර බෙදුම්වාදී ජාත්‍යන්තර සංවිධානයක් රටේ ඉහලම තනතුරු දරණ සිංහල බෞද්ධ ස්වාමින් වහන්සෙලා විවිධ උපක්‍රම හරහා සිය අණසකට යටත් කරගනිමින් සිටින බවටද තොරතුරු අනාවරණය වි තිබේ. අපි ඒ ගැන කතා කිරිමට කලබල විය යුතු නැත නමුත් එක දෙයක් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමුකිරිමට කැමැත්තේමි.
රනිල් මුහුණ දෙන අභියෝග පහක් යනුවෙන් බීබීසී වාර්තාකරු අසාම් අමීන් තබා ඇති සටහනක කොටසක් කෙරෙහි ඔබගේ අවධානය යොමුකල යුතුය.(සැ:යු- රතු පැහැති කොටස සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන්න)
බහුතර සිංහල බෞද්ධ බලවේගය
බහුතර සිංහල බෞද්ධ ජනතාව ආකර්ෂණය කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණේ විශේෂ හැකියාවකි.
නමුත් බහුතර සිංහල ජනතාව සහ රනිල් වික්‍රමසිංහ සමග පවතින සම්බන්ධතාව මහින්ද රාජපක්ෂට සාපේක්ෂව අඩුය.
සුළු ජාතික පක්ෂ බහුතරයක් රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම නිසා විපක්ෂය සිංහල බහුතර බලවේගය වෙනම ආමන්ත්‍රණය කිරීමට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ මහානායක හිමිවරුන් හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය ගැන ඉලක්ක කර ගනිමින් කළ ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට යම් වාසිදායක තත්වයක් ද ඇති කළ හැකියි.
මිළග මහා මැතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය බහුතර සිංහල බෞද්ධ ඡන්ද හරහා තහවුරු වන බව ජාත්‍යන්තර මැතිවරණ විශ්ලේෂකයන් අනාවරණය කර තිබේන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු සදහන් කළා.
බහුතර සිංහල බෞද්ධ ජනතාව ආකර්ෂණය කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශේෂ හැකියාක් පවතින බවත් පසුගිය ජනවාරි 8 වැනිදා උතුරේ බෙදුම්වාදීන් ලෙස හදුන්වන කණ්ඩායම් වල ඡන්දයෙන් නව ජනපති සහ අගමැති පත්විමත් ඔහුන්ට සිංහල බෞද්ධ ආකර්ෂණය අහිමි විම මෙම මැතිවරණයේ ආණ්ඩුව කරන කණ්ඩායම්වලට ඇති බරපතල අවාසිදායක තත්ත්වයක් බවද ඔහුන් පෙන්වා දි තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇතැම් අන්තවාදී බෞද්ධ සංවිධාන මහින්ද රාජපක්ෂ සමග සිටින බවට එවකට විපක්ෂය ලෙස කටයුතු කල වත්මන් ආණ්ඩුවේ කණ්ඩායම් ගත් උත්සහයන් ජනාධිපතිවරණයේදි සාර්ථක වුවද ඉන්පසුව සිදුවු දේශපාලන විපර්යාසයන් හා හැසිරිම් අනුව එය සමාජගත කිරිමට අසමත් විමද වත්මන් ආණ්ඩුවට ඇති විශාලම අවාසි දායක තත්ත්වයක් බවද ඔහුන් අවධාරණය කර තිබේ.
වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඊළම හෙවත් බෙදුම්වාදයේ ගණිකා මඩුවෙන් දේශපාලනය අරඹා දැන් ඉණිමඟට පයින් ගසන න්‍යායක සිට “අපි පිරිසිදුයි” කියන අන්දමින් පති දම් රකින්නට සැරසෙන ඊනියා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති හමුවේ මේ වන විට උතුරේ දේශපාලනය තුළ සිදුවෙමින් තිබෙන දේ බොහෝය.
ඒ අතරින් එක් ප්‍රබලම සිදු වීමක් වූයේ දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රතික්ෂේප වීම හේතුවෙන් හිටපු කොටි කණ්ඩායමක් “ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්” යෑයි පවසමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටීමය.
දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේයෑයි කීවද දෙමළ ජනතාවගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් ඔවුන් මෙතෙක් කිසිවක්ම සිදු කර නොමැති බව කියමින් හිටපු කොටි රැළ හෙවත් ප්රජාතන්ත්රවාදී සටන්කාමීන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇත.
මෙකී ප්රජාතන්ත්රවාදී සටන්කාමීන් යෑයි කියන නාමයේම ඇත්තේ පැහැදිලි ගන්ධබ්බභාවයකි. මන්ද දෙමළ ජාතික සන්ධානයට ආඩපාලි කියමින් මෙසේ තරග බිමට පිවිස සිටිනුයේ හිටපු කොටි රැළක් බව පැහැදිලි වුවද ඔවුන් ප්රජාතන්ත්රවාදීන්ද සටන්කාමීන්ද යන්න එම පක්ෂ නාමයෙන් තහවුරු නොවන බැවිනි.
එය එලොවටත් නැති මෙලොවටත් නැති කියමනකි. නමුත් අපේ රතු මල්ලිලා පවසන පරිදි මේ මොහොතේ රට තුළ ක්‍රියාත්මක වෛරය මත පදනම්වූ මජර දේශපාලනය හමුවේ ජනතාවද සිටිනුයේ ගන්ධබ්බයන් වී බැවින් කොටි මෙසේ ඉර පැන්නද ඒ ගැන සිතන්නට කිසිවකුටත් නොහැකිව තිබේ.
බෙදුම්වාදයට මල් පුදන වත්මන් ඊනියා සහජීවනය සහ සන්හිඳියාව ඉදිරියේ ඒ ගැන කතා කරන්නට ගියහොත් ජාතිවාදී ලේබල් ඇලවී රාජ උදහසට ලක්විය හැකි බැවින් සියල්ලෝ නිහඬවම සිටිති.
මේ මොහොතේ උතුරෙන් මතුව ඇති දෙමළ ජාතික සන්ධානයට එරෙහි කොටි විරෝධයේ තත්ත්වය එසේ වෙද්දී තවත් කණ්ඩායමක්ද පෙරට පැමිණ සිටිති. ඒ ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික පෙරමුණ වේ.
ඔවුන්ගේද මතය වී තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයට අද මඟ වැරදි තිබෙන බවකි. දෙමළ ජනතා අභිලාසයන් පසෙක තබා අද දවසේ දෙමළ ජාතික සන්ධානය වෙනත් ගමනක් යමින් සිටින බවට ඔවුහුද චෝදනා කරති.
මේ සියල්ලෙන් පැහැදිලි වන එකම කරුණ වන්නේ අද මෙරට දෙමළ දේශපාලනයේ පැහැදිලි බේදීමක් ඇති වී තිබෙන බවය. නමුත් සුවිශේෂීම තත්ත්වය වී තිබෙන්නේ ඔවුන් අතරේ බෙදීමක් තිබුණද මේ සියලු කණ්ඩායම් බෙදුම්වාදය වෙනුවෙන්ම පෙනී සිටීමය.
වර්තමානයේ මෙරට දෙමළ දේශපාලනයේ (විශේෂයෙන් උතුර නැගෙනහිර) සැබෑ තත්ත්වය එසේ වෙද්දී පසුගියදා තවත් අපූරු දෙයක්ද සිදු විය. ඒ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියක්ද සමග පැමිණ මෙවර මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ඉදිරිපත් වීමය.
උතුරේ දේශපාලනය මතගැටුමක් සමඟ උණුසුම් වී ප්රභාකරන්ගේ සහචරයන් ප්‍රභාකරන්ටම කඩේ ගිය දෙමළ ජාතික සන්ධානයෙන් ප්රතික්ෂෙප වෙද්දී ප්රභාකරන්ගේ මස්සිනා මෙසේ සියල්ල පසෙක දමා දකුණට පැමිණ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේ කුමක් නිසාද?
“අපේ ජාතියේ සතුරා මහින්ද රාජපක්ෂ. අප ඔහුට අභියෝගයක් විය යුතුයි. මෙවර මැතිවරණයට මහින්ද පැමිණෙන එකට විරෝධය දැක්වීමක් වශයෙනුයි අප කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන්නට තීරණය කළේ. මහින්ද සාධකය පරාජය කළ යුතුයි. ජාති ඝාතනයට එරෙහි විය යුතුයි..”
කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව ෂිවාජිලිංගම් සිය අරමුණ පැහැදිලි කරනුයේ එලෙසිනි. ඔහු මෙහිදී අපේ ජාතිය යෑයි කියනුයේ දෙමළ ජාතියටය. ජාති ඝාතනය ලෙස අර්ථ දක්වනුයේ ත්‍රස්තවාදය අවසන් කිරීම බවද පැහැදිලිය.
මහ යකා මකබෑ කළ කෝපයෙන් වියරුව ඔඩ්ඩි මස්සිනාලා යකැදුරාගේ ගෙල මිරිකන්නට සැරසෙන අන්දමට අද සියල්ල සිදු වෙමින් තිබෙන්නේ එසේය. එහෙත් ෂිවාජිලිංගම්ලාට මෙසේ කුරුණෑගලට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කිරීමට තරම් අවස්ථාවක් හිමිව තිබෙන්නේ කුමක් නිසාද?
ඊට අදාළ එකම සාධකය වන්නේ ප්රභාකරන්ගේ අවසානය කඩිනම් කළ මහින්දගේ දේශපාලන නායකත්වය ය. එය එසේ සිදු නොවූයේ නම් ෂිවාජිලිංගම් තවමත් සිටිනුයේ ඊළාම් සිහිනය දකින අතරේ තමන්ගේ ජාතිය බිල්ලට දෙමින් ප්රභාකරන්ට ආවැඩූ තැනය. එසේම ඔහු සමග කුරුණෑගලින් තරග කරන්නට පැමිණි ඇතැමුන් මේ මොහොතේ සයනයිඩ් කරල ගෙල පැළඳ ප්රභාකරන්ගේ සිහිනය වෙනුවෙන් කොටි බංකරයක ජීවිතය දිය කරනවා විය යුතුය.
මහින්දට අභියෝග කරන්නට යෑයි කියමින් මෙසේ කුරුණෑගලින් ඡන්දයට පැමිණියද ෂිවාජිලිංගම් ඇතුළු නඩයට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ කිසිදු ඡන්ද පදනමක්ද නැත. ඔහුට කිසියම් පුද්ගල මනාපයක් වේ නම් එය ඇත්තේ කිලිනොච්චිය හා මුලතිව්වලය.
ඉකුත් මැයි මාසයේදී ප්රභාකරන් මළ දිනය සිහි කරමින් අවසන් සටන සිදුවූ මුල්ලවයික්කාල් බිමේදී මියගිය කොටි සිහිකරමින් ෂිවාජිලිංගම්ලා පහන් දැල්වූයේ හිතේ දුකට පමණක් නොව වෙනත් අරමුණක් ද ඇතිවය. මියගිය කොටින්ගේ මළ මිනී තුළින් උතුරේ දෙමළ ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම එකී යටි අරමුණ විය.
ෂිවාජිලිංගම්ලා කළ මළවුන් සැමරුමේදී එයට දේශපාලන මුහුණවරක් ලැබී දෙමළ දේශපාලනය පෙරට පැමිණියේ එනිසාය. එසේ නම් දෙමළ ජාතික සන්ධානයෙන් එල්ල වන ප්රතික්ෂේපයද නොසලකා මුලතිව් කිලිනොච්චිහි පවතින පුංචි මනාපයද අතහැර ඔහු ඇතුළු පිරිස කුරුණෑගලට පැමිණියේ කුමක් අරබයාද?
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඡන්ද පදනමක් නොමැතිව ඡන්දයට ඉදිරිපත් වූ පමණින් ෂිවාජිලිංගම්ලාට රාජපක්ෂ සාධකයට අභියෝගයක් වන්නට හෝ විරෝධය පාන්නටද නොහැකිය. එසේම ඡන්දය ඉල්ලන්නට කුරුණෑගලට පැමිණ මහින්ද විරෝධී බෝඩ් අල්ලාගෙන මහමඟ උද්ඝෝෂණ කරන්නටද අවස්ථාවක් නැත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෙන් ගෙට ගොස් මහින්දට ඡන්දය දෙන්නට එපා යෑයි කීමටද ෂිවාජිලිංගම්ලාට ඉඩක් නොලැබෙන්නේය. මන්ද තිස් වසරක ප්රභාකරන්ගේ ත්රස්තවාදයේදී මේ බිමේ නිදහස වෙනුවෙන් ජීවිත වැඩිම ප්‍රමාණයක් පූජා කර ඇත්තේ ඇතුගල් පුරවරයේ මාපියන්ගේ සුජාත පුත්‍රයන් වන බැවිනි.
එකී තත්ත්වය හමුවේ ප්රභාකරන්ගේ මස්සිනා වූ ෂිවාජිලිංගම් කුරුණෑගලට ගොස් ඡන්දය ඉල්ලන්නට ගෙවල් ගානේ ගියහොත් ඇතිවිය හැකි තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කළ යුතුද නැත.
එසේ නම් දැනුදු ප්රභාකරන් දුටු බෙදුම්වාදී සිහිනයේ සිරවී සිටින ෂිවාජිලිංගම් ඇතුළු හිටපු කොටි ත්‍රස්තවාදීන්ද ඇතුළත් මෙකී නඩය කුරුණෑගලට පැමිණ මහින්ද විරෝධී බාධකයක් ගොඩනගනුයේ කෙසේද?
පැහැදිලිවම මේ මොහොතේ රටම සිටිනුයේ වත්මන් මැතිවරණ උණුසුම පිළිබඳ දැඩි අවධානය යොමු කරය. දේශපාලනයේ සිදුවන හැලහැප්පිලි, කියුම් කෙරුම් කෙරෙහි සමස්ත ජනතාවම දක්වනුයේ විශාල උනන්දුවකි. ඒ අතරේ මෙවර මැතිවරණයේ සියලු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්හි ප්‍රහාරක ඉලක්කය වී සිටින්නේ මහින්දය. කෙටියෙන් කිවහොත් මේ මැතිවරණයේ මහා පොදු සාධකය මහින්දය.
එවන් තත්ත්වයක් තුළ දෙමළ ජාතික සන්ධානයෙන් සිදු වන කෙනහිලිකම්ද ඇතුළුව අමතක නොකළ යුතු සියල්ල අමතක කර ප්රභාකරන්ගේ මස්සිනා ඇතුළු හිටපු කොටි ත්රස්තයන්ද සහිත කණ්ඩායමක් කිසිදු පදනමක් නොමැතිව හුදු වෛරය පමණක් පෙරදැරිව හිටපු ජනාධිපතිවරයා තරග කරන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටිනුයේ අද දවසේ මහින්දට අදාළ බව කියන ජීවිත අවදානම පිළිබඳ පෙරනිමිති පාන්නටද?
මේ මොහොතේ මැතිවරණයේ උණුසුම කොතෙක් වුවද පැළඳ සිටින පාට කණ්ණාඩි පසෙක තබා ඒ පිළිබඳ කල්පනා කිරීමට සියලු දෙනාට සිහි බුද්ධිය තිබිය යුතුය. මන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේවා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වේවා මේ සියලුම දෙනා අපේ ජාතික නායකත්වය වන නිසාය.
ෂිවාජිලිංගම්ලාගේ කුරුණෑගලාගමනය එසේ වෙද්දී ඉකුත් සතියේ මෙරට දේශපාලනය අරබයා සිදු වූ තවත් විශේෂිත සිදුවීමක්ද විය. ඒ මේ රටේ ඡන්දදායකයන් වෙනුවෙන් හිටි හැටියේම යුරෝපා සංගමයට කිරි එරී තිබීමය.
එසේ එරුණු කිරෙන් තන බුරුලු බරවී තිබූ යුරෝපා සංගමය අවසානයේ ඉකුත් සතියේ ඡන්දය දීම පිළිබඳ මේ රටේ අහිංසක ජනතාව දැනුවත් කරන්නට යෑයි පවසා රුපියල් කෝටි දාහතාමාරක අති විශාල මුදලක් මෙරට එක්තරා එන්ජීඕ සංවිධානයකට පොම්ප කරනු ලැබුවේ ප්‍රසිද්ධියේමය.
ඒ අදාළ එන්ජීඕ සංවිධානය සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව විය. කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමග ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වන ශාන් විඡේතුංග මහතා අප අමතා කියා සිටියේ යුරෝපා සංගමය මගින් අදාළ මුදල ලබා දුන්නේ තම සංවිධානයට වන බවකි.
එකී මුදලින් Caffe සංවිධානයේ සහ පැපරල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මුදල් වෙන් කෙරී තිබෙන බවද සඳහන් කළ හෙතෙම යුරෝපා සංගමය ලබා දුන් මුදල් යොදවා මෙවර මැතිවරණය ඉලක්ක කර කිසිදු කටයුත්තක් සිදු නොකරන අතර මැතිවරණයෙන් පසුව ඉදිරියේදී මාධ්‍ය වැඩමුළු පැවත්වීම, ජනතාව දැනුවත් කිරීම ආදී දේ සඳහා එම මුදල් වැය කිරීමට නියමිත බවද කියා සිටියේය.
නමුත් ශ්‍රී ලංකාවේ මැතිවරණයක් කටේ තිබියදී යුරෝපා සංගමය මෙසේ කැටේ කඩා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වෙත මුදල් එවීමත් සමඟ ඇතැම් මාධ්‍ය හෙළි කර තිබුණේ එම මුදලින් මෙවර මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය ඉලක්ක කර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවකි.
මෙම මුදල් ලැබුණේ මැතිවරණයෙන් පසුව ජනතාව දැනුවත් කිරීම ඇතුළු කටයුතු සඳහා නම් මැතිවරණය නිමා වන තෙක් සිට එම මුදල් ලබා දීමේ අවස්ථාවද යුරෝපා සංගමයට තිබිණි. නමුත් එය එසේ සිදු නොවීය. එකී මුදල් තොගය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙත එන්නේ මැතිවරණය ප්‍රකාශ වී තිබියදීය.
එහෙයින් යුරෝපා සංගමය මෙසේ ශ්‍රී ලංකාවට මුදල් තොගයක් පොම්ප කිරීමේ ගැටලුවක් නොවන්නේ යෑයි කීමට අපට නොහැකිය. මන්ද මේ රට පිළිබඳ කතා කිරීමේදී යුරෝපා සංගමයට ඇති තරම් පෙර වැරදි තිබෙන බව නොදන්නා කෙනකු නොමැති නිසාය.
කෙසේ වෙතත් මේ සියලු සිදුවීම් ගෙන බැලීමේදී මේ මොහොතේ කුරුණෑගල දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දිස්ත්‍රික්කය බවට පත්ව තිබෙන බව නම් ඉතා පැහැදිලි වන්නේය. ජාත්‍යන්තර ප්‍රජාවගේ සිට සියලු දෙනාගේ ආකර්ෂණය ඇත්තේ කුරුණෑගලටය.
ඒ ඇතුගල නිසාද? නැත මහින්ද නිසාය. ඒ අනුව බලන කල යුරෝපා සංගමය අපට ඡන්දය දෙන හැටි කියා දෙන්නට යෑයි පවසමින් මේ ආකාරයෙන් මුදල් එවීමේ වරදක්ද නැත. එසේ වන්නේ වත්මන් මොන්ටිසෝරි දේශපාලනය හමුවේ අප මැට්ටන් යෑයි සුද්දන්ට හැඟී යැමේ අරුමයක් නැති නිසාය.
සමන් ගමගේ
කලින් වාර්තා –මහින්දාගමනයෙන් කොටි පුල්ලි හැලේ -පලමුව ෆෙඩරල් ක්‍රමය දෙන්න රනිල් ලිඛිතව පොරොන්දු දෙයි
විජාතික බලවේගවල මෙහෙයවීමෙන් පසුගිය ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ල නි ප ඝාතනය කෙරිණි. ජූලි 17 වැනි දා ශ්‍රී ල නි ප අනුරාධපුරයේ දී යළි උපත ලබා ඇත. අගෝස්තු 17 වැනි දා මැතිවරණ ජයග්රහණයෙන් පසු ශ්‍රී ල නි පක්ෂය ප්රමුඛ සංධාන ආණ්ඩුවක් මෛත්‍රිපාල පල පල කියමින් ඔහු ඉදිරියේ දී ම දිවුරුම් දෙනු ඇත. ඇතැමුනට අනුව සංධානය මෑතිවරණයෙන් පරාජය වනු ඇත. ඒ ගොන් කතා ගැන ප්‍රසිද්ධ කිරිඇල්ල න්‍යායට අනුව ය.
අනුරාධපුර රැස්වීමට මම ද සහභාගි වීමි. එයට හිටපු මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් සහභාගි විණි යැයි කියැවෙයි. එහි සත්‍යාසත්‍යභාවය ගැන මට කිසිවක් කිව නො හැකි ය. ඒ කෙසේ වෙතත් ශ්‍රී ල නි ප හා සංධාන ලේකම්වරු ද විපක්ෂ නායකයා ද එහි සිටියෝ ය. ඔවුහු ද කතා කළ අනෙක් ජ්‍යෙෂ්ඨයෝ ද මහින්ද අගමැති අපේක්ෂකයා බව පුන පුනා කීවෝ ය. මෛත්‍රිපාල එ ජා පක්ෂයේ අවශ්‍යතාව අනුව දිගින් දිගට ම කීවේ මහින්ද සංධානයේ නායකයාවත් අගමැති අපේක්ෂකයාවත් නොවන බව ය. ඔහු මහින්දට සංධානයෙන් නාම යෝජනා දීමටත් විරුද්ධ විය. එහෙත් ඔහුට එකින් එක ඒ සෑම අවස්ථාවක දී ම පරාජය හා පරාජය පමණක් හිමි විය. අද මහින්ද සංධාන මැතිවරණ කමිටුව මෙහෙයවන්නා පමණක් නොව අගමැති අපේක්ෂකයා ද වෙයි. මෛත්‍රි ආත්ම ගෞරවයක් ඇති අයකු නම් කළ යුත්තේ වාරණයකු (වාරණ නියෝග අස්සේ සැඟවෙන) නොවී ශ්‍රී ල නි ප සභාපති කමෙන් හා පක්ෂයෙන් ද ඉල්ලා අස්වීම ය. යළි උපන් ශ්‍රී ල නි පක්ෂයේ ඔහුට භූමිකාවක් නැත.
ඇතැමකු කියනු ඇත්තේ අනුරාධපුර රැස්වීමට දිස්ත්‍රික්කයේ සංධාන නායක දුමින්ද දිසානායක සහභාගි නොවීම සංධානයේ බෙදීම පෙන්නුම් කරන බව ය. එහෙත් අනුරාධපුර රැස්වීමේ සිටි කිසිවකුටවත් දුමින්ද කෙනකු ගැන මතකයක් නො වී ය. ඔහුටත් යළි උපන් ශ්‍රී ල නි පක්ෂයේ භූමිකාවක්වත් මනාපවත් නැත. එස් බී දිසානායක වැන්නන් ගැනත් කිවහැක්කේ එවැන්නකි. ඔවුන් උන්නා ද මළා ද කියා කිසිවකු ප්‍රශ්න නොකරනු ඇත.
අද ශ්‍රී ල නි පක්ෂය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඉදිරියට යයි. යළි උපන් ශ්‍රී ල නි පක්ෂයට යළි උපන් නායකයෙක් වෙයි. ඒ අයෝමය නායකත්වයකි. මහින්ද කොටි පරාජය කිරීමට දුන්නේ නොසැළෙන අයෝමය නායකත්වයකි. මහින්ද හමුවේ රනිල් ද මෛත්‍රිපාල ද නිවටයෝ පමණක් ම වෙති. ඔවුන් කිසිවකුටවත් මහින්ද පැරදවිය නො හැකි ය. ජනාධිපතිවරණයේ දී මහින්ද පෑරදුනේ විජාතික බලව්ගවල බොරු ප්‍රචාරවලට රැවටුණු සිංහල මුහුණක් නැති මුහුණුපොත් තරුණ පිරිසක් හා මුස්ලිම් ආගමිකවාදයේ ආධාරකරුවන් නිසා ය.
ජාතියට නව පණක් දිය හැක්කේ යළි උපන් ශ්‍රී ල නි ප ප්රමුඛ සංධානයට ය. එ ජා ප 1948 සිට කර ඇත්තේ බටහිරයන්ට දණ නැමීම හා ඔවුන්ට රට පාවාදීම ය. දූෂණය භීෂණය රජ කර ඇත්තේ ඔවුන්ගේ පාලන සමයෙහි දී බව ඔවුන් වෙනුවෙන් මුදලට වැඩකරන අනුර කුමාර නොකීවාට එ ජා පක්ෂයේ තරුණ සංවිධානය වූ ජ වි පෙරමුණ ද දැන ගත යුතු ය. අද වන විට අනුර දිසානායක බටලන්ද අමතක කර ඇත්තේ එදා දිවිදුන් තම පාක්ෂිකයන් පාවා දෙමිනි. අද ලෝක හොරා කවුරුවත් නොව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වාරණ නියෝග මගින් නැතිකරන බැංකු බැඳුම්කාර රනිල් ය.
රෝසි සේනානායක මහින්දගෙන් අසා තිබුණු ප්‍රශ්නයක් වෙයි. මහින්ද දඬුවම් නොකළ වරදකරුවන් නම් කරන ලෙස ඇය ඉල්ලා ඇත. ඒ රනිල්, චන්ද්‍රිකා, රවි කරුණානායක, ප්රාජිත ආදීන් ය. මහින්ද එහි දී දඬුවම් නොකිරීමෙන් වරදක් කර ඇති බව පැහැදිලි ය. යළි උපන් ශ්‍රී ල නි ප ඒ වරද නිවැරදි කරනු ඇත.
නලින් ද සිල්වා
2015 ජූලි 19
Top