“තමන් ඖෂධ මාෆියායේ ගෝඩ් ෆාදර් බව හදුන්වන” බව හදුන්වන “රණවක “ තැමැත්තෙකු කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට ලබා ගැනිම සදහා ” පිම්පි” වැඩ කර ඇති බව මේ වන විට අනාවරණය වෙයි.ඖෂධ සමාගම්වලට කුප්‍රකට ඩීල් රැසකට සම්බන්ධ මෙම පුද්ගලයා හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙකුගේ සම්බන්ධිකරණ නිලධාරියකු ලෙසද කටයුතු කර ඇති අතර කොළඹ මහ නගර සභවේ බලය විපක්ෂයට ලබාගත යුතු බව ප්‍රකාශ කරමින් එහි බලය මාලිමාවට ලබා දිම සදහා තිරය පිටුපස වැඩකොටසක් සිදුකර තිබේ.
විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් පත්වූ සභිකයින් කිහිපදෙනකු පැලවත්තට රැගෙන ගොස් ඇති මෙම පුද්ගලයාට මාලිමාවෙන්ද තුටු පඩුරක් ලබා දි ඇත.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගෝලයා වන සාගල රත්නායක සමග බිස්නස් කල ව්‍යාපාරිකයෙකුද මෙම මන්ත්‍රි බිලි බෑමට හවුල් වි ඇත.
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාස්පෝට් ටෙන්ඩරයකට ඉදිරිපත්ව සිටින මෙම ව්‍යාපාරිකයාට එය අරගෙන දිමේ පොරොන්දුව මත සභිකයින් බිලි බා ඇත්තේ රණවක විසිනි.ගෙදරින් ගුටි කන නියෝජ්‍ය ඇමැතිවරයෙකු සමග එකතුව මෙම මන්ත්‍රී බිලි බා ගැනිම සිදුකලත් රණවක නැමැත්තා මත්පැන් පානය කිරිමෙන්පසු ඒ මෙහෙයුම සිට මිතුරන්ට ප්‍රකාශ කිරිමෙන් තොරතුරු ඖෂධ සමාගම් ක්ෂ්ත්‍රයේ ලැවිගින්නක් මෙන් පැතිර ඇති අතර සෞඛ්‍ය වෘත්තිය සමිති වලටද මේ බව වාර්ති වි තිබේ.ඖෂධ සමාගම් සමාජිකයින් නම් ප්‍රකාශ කර ඇත්තේ “පවාදිම” ඔහුගේ ජනප්‍රිය චරිත ලක්ෂණයක් බවයි.
මාලිමා ආණ්ඩුවේ තවත් ප්‍රබල ඇමැතිවරයෙකු සමගද සම්බන්ධතා පැවැත්වු මොහුගේ දුරකථන ඇමැතුම් එම ඇමැතිවරයාටද අරහං වි ඇත්තේද පවාදිම නිසාය.