Breaking
19 Jun 2025, Thu

ශ්‍රේෂ්ඨාධිකරණ දැක දැක ලෆාර්ට ගෙදර යන්න උන හේතුව!

අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති ලෙස සිටි මොහොමඩ් ලෆාර් තහීර් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවිය නොලබා ගෙදර යැවිම ජනාධිපති අනුර කුමාර දිසානායක තින්දු කලේ ජ්‍යෙෂ්ඨ නීතීඥයින් දෙදෙනකු සමග පැවැති සම්බන්ධයක් නිසා බව වාර්තා වෙයි.

ජාතික ජනබල වේගයට සම්බන්ධ ජනාධිපති නීතීඥවරයෙකු හා නීතීඥ ෆයිසර් මුස්තාපා සෑම දිනකම ලාෆාර් නාහීර් විනිසුරුවරයා සමග සමබන්ධ වෙමින් නඩු තීන්දු වෙනස් කිරිමට කටයුතු කර ඇත.ඔවුන් තිදෙනා එකට වැඩකරන බවට ජනාධිපතිවරයාට පැමිණිලි ලැබිමෙන් අනතුරුව විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරිමට මැලිකමක් දැක්වූ ජනාධිපතිවරයා එම යෝජනාව යලි තමන්ට ඉදිරිපත් නොකරන ලෙස පක්ෂයේ නීතිඥවරුන්ටද දැනුම් දී ඇත.

අභියාචනාධිකරණයේ විභාග වන ප්‍රධාන නඩු කිහිපයකට තීන්දු ආණ්ඩුව වාසිදායක අයුරින් ලබාදුන්  විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවිය බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී හමුවී තනතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.නමුත් තනතුරු ලබා දෙන බව ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා විනිසුරුවරයා අවස්ථා කිහිපයකදී ගොනාට අන්දා ඇත.තවද අධිකරණ ක්ෂ්ත්‍රයේ විනිසුරුවරු නීතීඥයින්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මොහුට තනතුර ලබාදිමට නුසුදුසු බවයි.තුනෙන් දෙකක බහුතර බලයක් ඇති ආණ්ඩුවට තමන්ට වාසි සහගත ලෙස නඩු තීන්දු ලබා දුන් විනිසුරුවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ගැනිමට බැරි විමද ආණ්ඩුව ලැබු පරාජයකි.ඊට යහපත් පිලිතුර දුන්නේ ව්‍යවස්ථාදායක සභාවයි.

කෙසේවෙතත් ජනපතිවරයා විසින් නම් කර එවූ අභියාචනාධිකරණ විනිසුරු එම්.ටී. මොහමඩ් ලෆාර්ගේ නම අවසාන මොහොතේ දී ඉවත් කරගන්නට සභානායක අමාත්‍ය බිමල් රත්නායක පියවර ගත් අතර ඒ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා අභියාචනාධිකරණ වැඩබලන සභාපති එම්.ටී. මොහොමඩ් ලෆාර්ගේ නම නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකිරීමට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කරන ලද අවස්ථාවේදිය.

ලබන ජූනි 20 වැනිදා ඇතිවන්නට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් සඳහා පත්කරන ලෙස, අභියාචනාධිකරණ වැඩබලන සභාපති එම්.ටී. මොහොමඩ් ලෆාර්ගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා තිබු අතර ඒ ජූනි 09 වැනිදාය.සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් පුරප්පාඩු වනතෙක් එම ධූරය සඳහා නාම යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නොයවනු ලබයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූරයක් හිස්වන්නට නියමිතව ඇත්තේ ජූනි 20 වැනිදා වන අතර ඒ විනිසුරු ගාමිණී අමරසේකර විශ්‍රාම ගැනීම නිසාය.

අභියාචනාධිකරණ සභාපති මොහොමඩ් ලෆාර්, මෙම ජූනි මස 18වැනිදා (එනම් ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව ඇතිවීමට දින දෙකකට පෙර) සිය වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම ලැබීමට නියමිත බවයි. (උපන් දිනය 18 June 1962 ) (එවැනි සම්ප්‍රදායක් අධිකරණ ක්ෂේත්‍රයේ මෙතෙක් පැවැත නැතැයි අධිකරණ ආරංචි මාර්ග කියයි.) කෙසේවෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉහළ අධිකරණවලට පත්කිරීම් පිලිබඳ සිය තීරණය ගැනීමට පෙර අගවිනිසුරුවරයාගේ / වරියගේ අදහස විමසිය යුතුය.එහෙත් දැනගන්නට තිබෙන පරිදි ලෆාර් විනිසුරුවරයා සම්බන්ධයෙන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ නිර්දේශය ද මෙතෙක් ලැබී නැතැයි අනාවරණය වි තිබේ.මීට පෙර පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර හතරක් සඳහා පුරප්පාඩු ඇතිවූ විට, ඒ සඳහා අගවිනිසුරුවරිය නිර්දේශ කල නම් වලද ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වුවත් ලෆාර් මහතාගේ නම නොතිබූ බවද වාර්තා වේ.

 

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *