යාපනයේ තායියිඩි හි මතභේදාත්මක බෞද්ධ තිස්ස විහාරය ඉදිකිරීම සඳහා අත්පත් කරගත් දේපළ සඳහා දෙමළ ඉඩම් හිමියන්ට වන්දි ගෙවීමට හෝ විකල්ප ඉඩම් වෙන් කිරීමට සැලසුම් කරන බවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සදහන් කිරිමත් සමග උතුරේ දමිළ අන්තවාදීන් සිය විරෝධතා තීව්‍ර කිරිමට කටයුතු කරමින් සිටින බව උතුරේ අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.අදාළ තීරණය ප්‍රකාශ විමත් සමග දෙමළ දේශපාලනඥයින් සහ සිවිල් සමාජය අතර සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති අතර එම තීරණයට විරුද්ධව කටයුතු කිරිමට තින්දු අර තිබේන බවයි අනාවරණය වි ඇත්තේ.
ජුනි 12 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වලිකාමම් උතුර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී අදහස් දක්වමින් චන්ද්‍රසේකර් තහවුරු කළේ විහාරය වටා ඇති ඉඩම් ආරවුල විසඳීමට උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඒ අනුව යාපනයේ තායියිඩි හි මතභේදාත්මක බෞද්ධ තිස්ස විහාරය ඉදිකිරීම සඳහා අත්පත් කරගත් දේපළ සඳහා දෙමළ ඉඩම් හිමියන්ට වන්දි ගෙවීමට හෝ විකල්ප ඉඩම් වෙන් කිරීමට සැලසුම් කරන බවයි.
“විහාර ගැටළුව දිග්ගැස්සීමට ඉඩ දිය නොහැකි අතර අපි එය මාසයක් ඇතුළත අවසන් කිරීමට තීරණය කර ඇත්තෙමු,” “විහාරය ඇත්ත වශයෙන්ම පෞද්ගලික දේපළක ඉදිකර තිබේ නම්, ඉඩම් හිමියන්ට ඉඩමේ වටිනාකම මත පදනම්ව වන්දි ගෙවීමට හෝ ඔවුන්ට විකල්ප ඉඩම් ලබා දීමට පියවර ගනු ඇත,” විහාරය සෘජුවම අත්පත් කරගෙන සිටින ප්‍රදේශය හැර, විහාරය වටා ඇති ඉඩම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පෞද්ගලික හිමිකරුවන්ට ආපසු ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කර සිටියා.
උතුරේ දමිළ පක්ෂ නායකයින් සෑම පොහොය දිනකම මෙසේ විහාරස්ථානය ඉවත් කරන තුරුම විහාරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අතර ” උතුරේ තම නිජභූමිය තුලින් මෙම විහාරය ඉවත් කරගනු” යනුවෙන් විරෝධය දක්වා තිබේ.ඒ අනුව ඔහුන් ඉල්ලා සිටින්නේ අදාළ තිස්ස විහාරය එම ස්ථානයෙන් ඩෝසර් කරන ලෙසයි.
ශ්‍රී ලංකා හමුදාව එම ප්‍රදේශය අත්පත් කරගෙන එය අධි ආරක්ෂිත කලාපයක් (HSZ) ලෙස නම් කළ අතර, 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසුව පවා ඉඩම ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කල බවයි උතුරේ දේශපාලන ව්‍යාපාර චොදනා කරන්නේ.2018 දී, එවකට උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ විසින් විහාරය සඳහා මුල්ගල් තැබූ අතර, ඊළඟ වසරේදී හමුදාව විසින් ඉදිකිරීම් අවසන් කරන ලදී, වාර්තා වන්නේ මුල් ඉඩම් හිමියන්ගේ කැමැත්තෙන් හෝ ප්‍රාදේශීය සිවිල් බලධාරීන්ගේ අනුමැතියකින් තොරව බවත් මෙම ස්ථානය මීට පෙර පුරාණ හින්දු කෝවිලක් වූ වයිරවර් කෝවිල පිහිටා තිබූ අතර, එය දෙමළ සංස්කෘතික මකා දැමීමේ උත්සුකයක් බවටත් ඔහුන් චෝදනා කරනවා.
දෙමළ පදිංචිකරුවන්, දේශපාලනඥයින් සහ සිවිල් සමාජ සංවිධාන නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් සහ බෞද්ධ ඉදිකිරීම් ව්‍යාපෘති හරහා රාජ්‍යයේ සිංහලකරණ උත්සාහයන් ලෙස ඔවුන් විස්තර කරන දෙයට නිරන්තරයෙන් විරුද්ධ වී ඇත. දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තුවේදී මෙම ගැටලුව මතු කර ඇති අතර, හමුදාව “කැරලි විරෝධී මානසිකත්වයකින්” ක්‍රියා කරන බවත් ජාතික ආරක්ෂාව මුවාවෙන් දෙමළ ඉඩම් පාලනය කිරීම දිගටම කරගෙන යන බවත් චෝදනා කරයි.
බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හෙළා දැකීම සහ වගවීම සඳහා වන ඉල්ලීම් තිබියදීත්, NPP රජයේ නවතම පියවර නීති විරෝධී යැයි සදහන් කරමින් දැවැන්ත විරෝධතා ඉදිරියේදි දියත් කිරිමට දමිළ දේශපාලන ව්‍යාපාර මේ වනවිට සුදානම් වෙමින් සිටි.
අපේ නිජභූමිය තුලින් විහාරය ඉවත් කරගනු! ජනපති නිහඬ වු හේතුව මෙන්න!